අපේ ස්වාධිපත්‍යය සිල්ලරට විකිණීම

 
 

අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

 
 

මහා බොරුවක් බවට පත්වූ ෆොන්සේකාගේ බොරු සටන

 
 

ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ

 
 

නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි

 
 

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

 
 

වසන්තය උදාවිය

 
 

සුබ අනාගතයක් උදෙසා පත්වූ ජනපතිට ලොව දසතින්ම සුබ පැතුම්

 
 

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

 
 

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි (රසදුන නව කථාව)

 
 

කැඩපතින් නොව ටින් පියනෙන් මුහුණ බැලූ දරුවෝ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය

ජනපතිට රුසියාවෙන් මහත් හරසර

ජනපතිට රුසියාවෙන් මහත් හරසර

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලය මඟින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ලබාදුන් අද්විතීය නායකත්වයට උපහාරයක් ලෙස මේ ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන බැව් රුසියාව පවසයි. ජනාධිපතිතුමා රුසියාවේ යෙදෙන තෙදින නිල සංචාරය අතරතුර එම උපාධිය පිරිනැමීමට ද කටයුතු සංවිධානය කැර ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවර විනුකෝවා ගුවන් තොටුපළට ඊයේ සම්ප්‍රාප්ත වූ අතර රුසියානු රාජ්‍ය නායකයන් විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් අනතුරුව විශේෂ රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරය වෙත කැඳවාගෙන යන ලදී.

ජනාධිපතිතුමා රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙදිවදිවි සහ එරට අගමැතිවරයා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් හමුවී ද්විපාර්ශ්වීය කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ජනාධිපතිතුමා එරට ප්‍රධානීන් සමඟ පවත්වන ද්විපාර්ශ්වීය සාකච්ඡා හා දෙරටට අදාළව එළැඹෙන ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවට ආධාර රැසක් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කැරේ. ආර්ථික කටයුතු හා වෙළෙඳාම විදුලිය හා බලශක්ති, ජලය, මහාමාර්ග තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනික සේවා, සංස්කෘතික සබඳතා විදේශ කටයුතු, විද්‍යා හා තාක්ෂණ ඇතුළුව තවත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රුසියානු නායකයන් සමඟ මෙහිදී සාකච්ඡා කරනු ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ශිරන්ති රාජපක්ෂ, ජනාධිපති ආර්යාව ද සමඟ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, රෝහිත බෝගොල්ලාගම, මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය ජී.එල්. පීරිස් යන ඇමැතිවරු ද ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රොමේෂ් ජයසිංහ, යන මහත්වරු ද මේ සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වෙති.