කුම්භකර්ණයෝ නැගිටිති ඥානවන්තයෝ ඇස් හැර බලත්වා!
කුම්භකර්ණයෝ
නැගිටිති
ඥානවන්තයෝ
ඇස් හැර බලත්වා!
පූජ්‍ය ගල්බොඩ සිරි ඤාණිස්සර නායක ස්ථවිර
(ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)
ශ්‍රීලාංකිකයන්ට කුම්භකරණ කථාව මතක නැත. දිනක් බුදියන ඔහු දිනක් ඇස් ඇර සිටී.
සතියක් බුදියන අය සතියක් ඇස් ඇර සිටී. මසක් දෙකක් හය මසක් බුදියන අය ඒ හා සමානව ඇස්
ඇර සිටිති.
මේ කියමන සත්‍යයකි. ජනාධිපතිතුමා සතු සමහර කුම්භකරණයෝ දැන් ඇස් ඇර සිටිති. ඒ මහ
මැතිවරණය සඳහාය. එතුමාගේ ජයග්‍රහණය ගැන ක්‍රියාත්මක වූ අය පිළිබඳව එතුමා දැනගත
යුතුය.
විපක්ෂය තම සමහර කොටස් කුම්භකරණයන් ලෙස පත් කළේය. ඔවුන්ගෙන් සමහරෙක් තාමත් බුදිය.
සමහරු ඈලි-මෑලි ගති හැර නැගිටිමින් සිටිති.
සමහරු ජනාධිපතිතුමාට ජයපතා ලක්ෂ ගණනින් බැනර්, පෝස්ටර් ඉදිකර ඉදිරිපත් කළ බව අපි
දුටුවෙමු.
ඒ අයගේ නමට, පින්තූරවලට, ගොම, අසූචි, තාර තවරා තිබූ අතර සමහර පින්තූර අසල තණකොල
මිටි සහ පිදුරු මිටි එල්ලා තිබෙනු දුටුවෙමු. ජනාධිපති රූපයට අගෞරව කළ බවක් අපි
නොදුටුවෙමු.
ඇස් ඇරී ක්‍රියාත්මක වන කුම්භකරණයන් දැන් ව්‍යාපාරික ආයතනවලට ගොස් ජනාධිපතිතුමාගේ
පෝස්ටර් අලවමින් ව්‍යාපාරිකයන් බියවැද්දීමේ ව්‍යාපාරයක නියැලී සිටිති. ඒ තමන්ට
සම්පත් ලබාගෙන ඉදිරි මැතිවරණයට මුදල් රැස්කිරීම පිණිසය.
පෝස්ටර් ඇලවීමෙන් හා කටවුට් ගැසීමෙන් පමණක් ක්‍රියාත්මක වූ සමහර පිරිස් වෙනුවෙන්
අනාගතයේ මහජනතාව උපහාර දක්වනු ඇත.
මේ පිළිබඳව බලයට පත්වූ ජනාධිපතිතුමාගේ අවධානය යොමුවිය යුතුය. පෞද්ගලික ව්‍යාපාරවල
වටිනාකම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධ කරගත යුතුය. ජනාධිපති අපේක්ෂක වූ
හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ ක්‍රියාකලාපය මත මෙරට බොහෝ ව්‍යාපාර ජනසතු විය. එයට
මුල පිරුවේ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා විසිනි.
ඒවා ගැන යමක් කථාකර පලක් නැත. ඇන්.අම්. පෙරේරා මහතා ගැන සිරිමා බණ්ඩාරනායක මැතිනිය
කලින් සඳහන් කළේ “මගේ සැමියා නොමරා මැරුවේ ඇන්.ඇම්.පෙරේරා මහතා” යනුවෙනි. නමුත්
පසුව එතුමා බණ්ඩාරනායක රජයේ මුදල් ඇමැතිවරයා විය.
දේශපාලනය එයයි. විවේචනය එයයි. ඇන්.ඇම්.පෙරේරා මැතිතුමා ගැන මා එක් කරුණකින් සෑහීමකට
පත්වෙමි. එනම් විදේශීය ණය සියල්ල ගෙවා අවසන් කිරීමට එතුමා ඥානවන්ත වීමයි. එහෙත් එහි
ප්‍රතිඵලය ලැබුණේ ජේ.ආර්.ජයවර්ධන රජයටයි. ලෝක බැංකු ණය ආධාර ගංගාවක් ලෙස ශ්‍රී
ලංකාවට ළඟාවූයේ ඇන්.ඇම්.පෙරේරා මුදල් ඇමැතිතුමා විසින් ශ්‍රී ලංකාව ණය බරින් නිදහස්
කිරීම නිසාය. නමුත් රටේ ජනතාවට අල, බතල කෑමට සිදුවිය.
වෙළඳ ආර්ථිකය ගොඩනඟා නිදහස් වෙළඳ කලාප ඇතිකර ආර්ථික සංවර්ධනයක් ඇති කළ
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා ජීවත්ව සිටියදීම ජනාධිපති පදවියට පත් ආර්.ප්‍රේමදාස
ජනාධිපතිතුමා පදවි සම්ප්‍රාප්තියෙන් පසු කළ කථාවෙන් ප්‍රකාශ වූයේ මහ බැංකුවේ ඇත්තේ
ලක්ෂ 50ක පමණ මුදලක් බවය.
මේවා අප විසින් ගොතනු ලබන කථා නොව සත්‍ය සිද්ධීන්ය. එවැන්නක් වූයේ කෙසේද? අදූරදර්ශී
පාලනය, දූෂණය, නාස්තිය සහ ත්‍රස්තවාදය හේතුවෙනි. මේවා පිළිබඳ කථාකරන ආර්ථික
විශේෂඥයන්ගේ ඇහැකට වැසුනේ කෙසේද?
”අලි බබා සහ හොරු හතළිහ” කථාව මීට හොඳ නිදසුනකි.
කොළඹ මහ රෝහලේ පරිත්‍රාණ දේශනාවක් පැවැත්විණ. එහිදී අපට දැනගන්නට ලැබුණේ බෙහෙත්
ගන්න එන දුප්පත් ජනතාවට දොස්තර මහතා/මහත්මිය විසින් නියම කරනු ලබන බෙහෙත්වලින්
රෝහලින් ලබාගැනීමට ඇත්තේ එකක් හෝ දෙකක් පමණක් බවය. අනෙක් බෙහෙත් වර්ග සියල්ල
පෞද්ගලික ෆාමසිවලින් ලබාගැනීමට සිදුවේ.
ම් දුක්බර කථාව ඇසූ අපට ඒ ප්‍රශ්නය විසඳීමට ශක්තිය නැතිවුණත් තාවකාලිකව සුළු
පිළිසරණක් යෙදීමට අවස්ථාව ලැබුණා.
රෝහලේ ඇඳේ සිටින ලෙඩාට අවශ්‍ය බේත් නැත. ඕ.පී.ඩී. එකට යන ලෙඩාට බේත් නැත.
ශල්‍යකර්මයක් කර ගැනීමට පෞද්ගලික රෝහල් මිස රජයේ රෝහල්වල දින වකවානු ලැබෙන්නේ වසර
එක - දෙක – තුනකට පසුවය. එවිට ලෙඩා මියගොසින්ය.
මේවා ඇත්තද? නැත්තද? යන්න සොයා බැලීමට කාගේත් අවධානය යොමුවේවා!
ජනප්‍රිය පාසලකට සමහර විදුහල්පති ඇතුළු හොර මඬුල්ලට ලක්ෂය ඉක්මවූ මුදලක් ගෙවිය
යුතුය. මැති – ඇමති බලවතුන් මාර්ගයෙන් ඇතුළු වීමට ඊටත් වඩා දෙගුණයක් මුදල් දිය
යුතුය. ධනය ඇතිව හෝ නැතිව මේ කාරණය ඉටුකර ගන්නා ජනතාව නිදහස් අධ්‍යාපනයේ පිහිට පතා
ණයකරුවන් වෙමින් දරුවන් බිහිකිරීමට ඇති බිය නිසා ජාතිය වඳවෙමින් පවතී.
දුප්පත් පාසල්වලට ළමයෙක් ඇතුළත් කරගන්න දෙන ගොඩනැඟිලි බඩු ලයිස්තුවට විවිධ
උපක්‍රමවලට දුප්පතාට රුපියල් පණස් දහස (50,000/-) ඉක්මවූ මුදලක් ළමයෙක් පාසලට
ඇතුළත් කරගැනීම සඳහා වැය කළ යුතුව ඇත. නිදහස් අධ්‍යාපනයේ තත්ත්වය මෙයවේ.
සියලුම රජයේ කාර්යාලවල ලිපිගොනුවක් උඩට ගන්න සන්තෝසමක් දිය යුතුමය. සමහර රේගු අංශවල
නිලධාරීන්ගේ සතියක සන්තෝසම රුපියල් ලක්ෂ දහය ඉක්මවන අතර ප්‍රධානියාගේ සිට
අන්තේවාසිකයන් දිනකට උපයන මුදල රුපියල් ලක්ෂ පහ ඉක්මවා ඇත. ඒ රටේ ජනතාවගේ කතා බහය.
සත්‍ය - අසත්‍ය සොයා බැලීම බලධරයන් සතුය.
රටට දායාදයක් වූ රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කෙරිණ. නමුත් පෞද්ගලීකරණය ලබාගත් අය එය
දියුණු කළ බව නොරහසකි. එය අද නැවත උසාවි තීරණයක් මත රජය සතුවී ඇත.
මහ රෝහලේ බේත්වලට වැය කරන ධනයෙන් හතරෙන් තුනක් රක්ෂණ සමාගමට ගෙවා රෝගීන්ගේ බේත්
බිල්පත්වලට යන මුදල රක්ෂණයෙන් ගෙව්වොත් ඒ මුදලින් තුනෙන් එකක්වත් ඒ සඳහා වැය නොවනු
ඇත. මේ අනුව රජයට තුනෙන් එකක ලාභයක් ද, රක්ෂණ සමාගමට තුනෙන් එකක ලාභයක් ද, මහජනයාට
නිදහස් වෛද්‍ය සේවයක් ද ලැබෙනු ඇත.
සමහර අමාත්‍යංශ ලේකම්වරු බෙල්ලේ සයනයිට් කරල් එල්ලාගත යුතුය. සමහර ඇමැතිවරු දෙක තුන
බැගින් එල්ලාගත යුතුය. ජනතාව ඥානවන්තය. දුර එන දුක, කරදරය දැක මේ රටේ
ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස නැතිවන බවක් දුටහ. ඒ නිසා ජාති ආගම් දේශපාලන කුල-මල පළාත්
භේද අමතක කළහ. ජනාධිපතිතුමාට බලය දුන්හ. නමුත් ජනාධිපතිතුමා පඹයෙකු නොකිරීමට
මන්ත්‍රීවරු අමුඩ තදකරගෙන එළියට බැසිය යුතුය. නුසුදුස්සා තේරුම් ගැනීමට, පාලකයා
තේරුම්ගත යුතුය.
නුසුදුස්සා ඉදිරිපත් කළොත් ඔහු අහෝසි කරන්න ජනතාව ඥානවන්ත විය යුතුය. විපක්ෂය තම
දුර්වලකම අවබෝධ කරගත යුතුය. විපක්ෂය නැති කිරීමට ජනාධිපතිතුමා කවදාවත් ක්‍රියා කළේ
නැත. විපක්ෂය විසින්ම විපක්ෂය නැතිකර ගත්තා මිස ජනාධිපතිවරයා ඒ සඳහා යමක් නොකළ බව
අපි දනිමු.
ජනාධිපතිවරයා ප්‍රබල විපක්ෂයකට කවදත් කැමතිය. දෙපක්ෂයම එකතු කරන්න, සමඟි කරන්න, රටේ
ත්‍රස්තවාදය නැති කරන්න, රටේ ජනතාව බේරගන්න එදා-මෙදා තුර අපි ක්‍රියා කළෙමු.
කාගේත් දුර්වලකම් ඇත. එය අවබෝධ කරගන්නා අය ඥානවන්තය. විවේචනය අවශ්‍යය. රටේ නිදහස
යනු එයයි.
කට වසා විලංගු දමා රට රකින්නට සමහරු කල්පනා කළහ. නීතිය අනීතිය කළ අය ඒ සඳහා අත්වැල්
බැඳගත්හ. දුෂ්ට චරිතය ගැන කථාකරන අයට ධර්මය ගැන කථාකරන අයට ඒවා අහස පොළොව මෙන් විය.
චරිත හඳුනන්නෝ රටේ ජීවත්වීම පිළිබඳව අපි සතුටු වෙමු.
ජනාධිපති ජයග්‍රහණය සිංහල ජාතියේ ජයග්‍රහණයයි. සුළු ජාතීන්ට මේ රටේ කවදත් හොඳ තැනක්
ලැබිණි. ඒ ජාතීන් ඥානවන්ත කරවීමට ඒ ඒ ජාතීන් නියෝජනය කරන අයගේ ඇස් ඇරේවා!
ජාතිවාදී කෝලාහල මේ රටේ ඇතිවිය. එවැන්නක් මතුවට ඇති නොවන්න සුළු ජාතීන් ඥානවන්ත විය
යුතුය. තම ප්‍රධානීන්ට ඒ නුවණ නැතොත් ඔවුන් ;ගන් මිදෙන්න සුළු ජාතීන් ද ක්‍රියා කළ
යුතුය.
පාතාලයන්, කුඩුකාරයන් නිසා රට එළිපිට විනාශ මුඛයට ලක්විය. තම දරුවන් නොමඟ නොයන්න
කටයුතු කරන්න සෑම ජාතියක්ම දැනගත යුතුය.
හමුදා පාලනය ඇති ලෝකයේ රටවල්වල ඉතිහාසය මෙරට ජනතාවට තවත් අවබෝධ කළ යුතුය.
හමුදාවලට යන ආරක්ෂක භට සේනාව ඉවසිලිවන්ත, ගුණවන්ත, ඥානවන්ත පිරිසක් ලෙස ක්‍රමවත්ව
පුහුණු කළ යුතුය. මහජනයාගේ දරුවන් ලෙස හමුදාවලට බැඳුන අය තම පවුලේ සියලුදෙනා හමුදා
නිලධාරීන් නොවන බව සලකා රටේ සැමට ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ක්‍රියාකරන්න
අදිටන් කරගත යුතුය.
ඒ පුහුණුව පාලක පක්ෂය විසින් ලබාදිය යුතුය. නිලධාරීන් ඒ පුහුණුව ලැබිය යුතුය. ඒ
ත්‍රස්තවාදී සමය තුළ හමුදා නිලධාරීන්ගෙන් සමහරෙක් හැසුරුණු අයුරු දෙමාපියන් ලෙස
රටවාසීන් ගරු නොකරන බව අපි දනිමු. ඒ අයද දෙමාපියන්ය, දෙමාපියන්ගේ යුතුකම ඒ අය අවබෝධ
කරගත යුතුය. ඒ අයට ඒ දැනුම ලබාදිය යුතුය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අධ්‍යාපන
ඇමතිතුමා ලෙසත්, සමරවීර වීරවන්නි මැතිතුමා උප ඇමතිතුමා ලෙසත් ක්‍රියා කළ අවධියේ
ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය පිළිබඳ පළමු ප්‍රචාරක දැන්වීම පළ කළේ ගංගාරාමයයි. ඊට
හේතුව ළමයෙකු පාසලකට ඇතුළත් කරගැනීමට එදා තිබූ බලවත් ප්‍රශ්නය නිසාය.
ඒ අවශ්‍යතාවය මත ඇතිවූ පෞද්ගලික ජාත්‍යන්තර පාසල් අද ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික
ආයතන ලෙස පරිවර්තනය වී ඇත. හොඳ-නරක දෙකම මේ ව්‍යාපාරය තුළ දැකිය හැකිය.
එදා-මෙදා තුර මොනම රජයක්වත්, ඇමතිවරයෙක්වත්, මේ පෞද්ගලික පාසල් සම්බන්ධව නීති-රීති,
සැලසුම්, පරිපාලනයක් සිදුකර නැත.
හතු පිපෙන්නාක් මෙන් ඇරඹුන මේ ව්‍යාපාරයේ ආදායම, වියදම, පරිපාලනය ප්‍රතිඵල කාටවත්
පාලනය කළ නොහැකි තත්ත්වයට පරිවර්තනය වී අවසානය.
මේ සියලු ප්‍රශ්නවලට මුහුණ දී සිටින්නේ මුළුමහත් ජනතාවය. ජනතා ප්‍රශ්න යනු මේවාය.
මේවාට රජයේ පරිපාලනයක් නැත. කනගාටුවට හේතුව එයයි. දුප්පත් හෝ පොහොසත් සැම තම දරුවාට
අධ්‍යාපනයක් දීමට කැමතිය. නිදහස් අධ්‍යාපනය ගැන කථාකරන අය අද නැත.
සංචාරක ව්‍යාපාරය ගෝනිබිල්ලෙකි. රජය එදා–මෙදා තුර මේ ව්‍යාපාරයට දුන් සහාය උපකාර
අපමණය.
ඒ තත්ත්වය තේරුම් ගෙන රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයෙන් ධනයක් වෙන්කර දෙන සංචාරක
ව්‍යාපාර ආයතන අඩුය. රටේ සුචරිතය, හැදියාව, සංස්කෘතිය, උරුමය ආරක්ෂා කරගෙන මේ
ව්‍යාපාරය දියුණු කරන සංවිධාන ඇතොත් ඇත්තේ අතළොස්සකි.
ආතර් සී.ක්ලාක් විද්‍යාඥයා ගාල්ලේ සිට මාතර දක්වා වූ මුහුදු තීරය ආරක්ෂා කර ගැනීමේ
වටිනාකම ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාට පෙන්වා දෙමින් ශිෂ්ට සම්පන්නව මුහුදු තීරය
සංචාරකයන්ගෙන් සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් රැකගැනීමේ වටිනාකම පෙන්නුම් කළ අවස්ථාවේ එදා
ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ තරුණ තරුණියන් ලෝකයේ කොයි රටක වුවත් විනෝද විය යුතු බවත්
ඒවාට තමා තහංචි නොපනවන බවත්ය.
විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් ඉතා අමාරුවෙන් මේ රටේ බලය ලබාගත් එතුමාට බලයට පැමිණි
පසු පරණ අතීතය ගැන සිතීමට බැරිවිය.
අප කොළඹට (1954) එන විට සයිවර් කඩවල වැඩිහිටියන්ට විනෝදවීමට ඔට්ටු ඇල්ලීම සඳහා
“ජැක්පොට්” යන්ත්‍ර තිබිණ. ළමයින්ට ඒවාට ළංවීමට අවසර නැතිවිය.
ප්‍රේමදාස ජනාධිපති සමය වන විට ඒ ඔට්ටු අල්ලන ජැක්පොට් යන්ත්‍ර සකල ලංකාව පුරාම
ප්‍රචලිත විය. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ ප්‍රශ්නය එක් රැයකින් අවසන් කළ බව අපට
මතකය. වත්මන් ජනාධිපතිතුමාගේ “මතට තිත” වෙනුවෙන් මේ රටේ සිගරැට් සමාගම් අයුතු
ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අපි සතුටුවෙමු. එදා රජයට ලැබුණ ආදායම, ඒ ව්‍යාපාරයට
ලැබුණ ආදායම සියයට පනහ දක්වා අඩුවී ඇත. නමුත් රටේ ජනතාවට, සෞඛ්‍යයට, ආර්ථිකයට එයින්
ලැබුන පිටිවහල අති විශාලය.
පෙට්ට්‍රල් සහ ගින්දර, ළං කළ විට ලැබෙන ප්‍රතිඵලය භයානකය. නමුත් ඒ දෙකම අපට
අවශ්‍යය. උපකාරක පන්ති මුවාවෙන් ගෙදරින් එළියට බහින තරුණ දරුවා අද ශීඝ්‍රයෙන් විනාශ
කරන භයානක සංවිධාන රහසිගතව ක්‍රියාත්මක වේ.
කවුරුත් තම දරුවන්ට ආදරය කරති. දරුවන්ගේ විනාශය නොපතති. විවිධ චිත්‍රපට, මත්පෙති,
ව්‍යාපාර තුළින් මනස අවුල් වූ තරුණ – තරුණියන්ට මතු අනාගතයක් නොපෙනේ.
2010 පෙබරවාරි 2 වැනි අඟහරුවාදා ලක්බිම පුවත්පතේ පළවූ වාර්තාවකින් එය තවදුරටත්
පැහැදිලි වේ.
”මෑතදී කුරුණෑගල පොලිසිය, කුරුණෑගල වැව රවුමේ ඇති රෙස්ටුරන්ට් පරීක්ෂා කළා. දිවා
කාලයේ එහි සිටි ජෝඩු 83ක් අල්ලා ගැනීමට පොලිසිය සමත් වුණා. එම ජෝඩුවලින් 73ක්ම වයස
18-23 වයසේ පාසල් යන ළමයි. ඉතිරි ජෝඩු 10 දරුවන් පන්තිවලට කැඳවාගෙන පැමිණි අම්මලා -
තාත්තලා.”
කොමිස් මුදල් රුපියල් දෙසීයට, තුන්සීයට ගෙස්ට් හවුස් කරා දරුවන් ගෙන යන සමහර
ත්‍රීවීල් රියැදුරන්ගේ ක්‍රියාමාර්ගයෙන් මේ සියලු ජශ්චරිත භයානක ලෙස වැඩිවී ඇති
බවක් පෙනේ.
මේ ගෙස්ට්හවුස් කාමර කුලියට දෙන තැන්වලට ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට අවසර දුන් අය
කවුරුන්ද? ඒවා ක්‍රියාතම්ක වන්නේ කෙසේද? දෙමාපියන්ට දරුවන් හදාගන්න ඉඩක් ලැබේද?
මේ සංස්කෘතික විප්ලවය ගැන කථාකරන අය ලියන අය නැත.
ශ්‍රව්‍ය දෘෂ්‍ය, ශ්‍රවණ ආබාධිතයන් අංගවිකල වූවන් මෙන් සිටීම හරිද? දේශපාලන බලතල
ඇති අය ද පොලිසිය ද බලතල ඉක්මවීම ගැන රටේ පාලක පක්ෂයේ ඇස් ඇරේවා! දෙමාපියන් වූ අයද,
දෙමාපියන් වන්නට ඉන්නා අය ද මේ ගැන කල්පනා කෙරෙත්වා!
සුචරිතය නැතිව පූජ්‍ය පක්ෂයට, ආගමික නායකයන්ට තැනක් නැත. ඒ අයට ද මේ ප්‍රශ්නය
පිළිබඳව ඇස් ඇරේවා! අන්‍යාගමික ප්‍රශ්න ගැන කථාකරනවාට වඩා සුචරිතයෙන් ඈත් වන දරු
පරපුර රැකගැනීමට සියලු ආගමික නායකයන්ගේ ම ඇස් ඇරේවා!
පළමුව ආහාරය, දෙවනුව සෞඛ්‍යය, තෙවනුව අධ්‍යාපනය යන තේමාව තුළ රටේ පාලක පක්ෂය අඩුව,
දුර්වලකම නැතිකරන්න දිවා රාත්‍රි උත්සාහ ගනිත්වා!
හොඳ දේ ක්‍රියාත්මක කරවන්න විපක්ෂය ද එක් සිත් ඇතිව එක්වේවා! මේ ප්‍රශ්න මුල්කරගෙන
මේ දේ ක්‍රියාත්මක කරන පක්ෂ-විපක්ෂ දෙපක්ෂය හොඳ දක්ෂ, අවංක, නිහතමානී පුද්ගලයන් මහ
මැතිවරණයට ඉදිරිපත් කරන්නට තරම් ඥානවන්ත වෙත්වා!
|