එජාපයට ෆොන්සේකා තහනම්!
බාහිර හා අභ්‍යන්තර වියවුල් මැද අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන විපක්ෂය මෙරට මහ
මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම පරාජයට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන්
කරයි. මේ වන විට වාර්තා වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කල්ලි දෙකක්
ක්‍රියාත්මක වන අතර ඔවුනොවුන් ගේ එදිරිවාදිකම් නිසා එජාපයේ මැතිවරණ ප්‍රචාරක හා
සංවිධාන කටයුතු මුළුමණින් ම පාහේ අඩාල වී පවතී. විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට
එජාප ඡන්ද එකක්වත් ලබා නොදිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රබල පාර්ශ්ව
දැඩි මතයක සිටිති. මංගල සමරවීර මහතා එජාපයට එක්වීමත් සමඟම ඔහුගේ ‘ම’ පාර්ශ්වය
මුළුමණින් ම සී - සීකඩව ගිය අතර මේ වනවිට එජාපයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක බුද්ධික
පතිරණ හා මංගල සමරවීර මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
විස්තර » |