‘හාල්’ කතාවක්

 
 

විදෙස් ගුවන් සමාගම් රැසක් මත්තලට එන්න සූදානම්

 
 

හතරවැනි ආණ්ඩුවේ ජාතික වගකීම

 
 

කතරගමින් යාපනේට යන තරුණ සාම පාද යාත්‍රාව

 
 

හොල්වුඩ් පුරයෙන්

 
 

නිල් අහස ජයගත් මත්තල

 
 

හිරිමල් හිරු

 
 

සිරුරට මෙන්ම මනසටත් ඇසටත් ව්‍යායාම අවශ්‍යයි

 
 

ඕස්ට්‍රේලියා අධ්‍යාපන ප්‍රදර්ශනය සාර්ථකව නිම වේ

 
 

ටිකිරි හමුව

 
 

සුදුපාට එළියක් මවාගෙන මං නෙළුම් ළඟට ආවා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

කුරුඳු සහ පොළොස් ඩෙංගුවලට උත්තරයක්ද?

පත්තර නොකියවන අය එදා මෙන් අදත්...

දැවැන්ත කර්තෘවරයකු අධ්‍යක්ෂවරයකු සහ සුන්දර මිනිසකු වන ඩී.බී.ධනපාල මහතා ගැන අපි ලිපි කීපයක් ලීවෙමු. අප යළිත් ඔහු ගැන ලියන්නේ පත්තර ලෝකයේ තවත් පුද්ගලයන් දෙදෙනකු වන සිරි පලිහේනත් සුනිල් ගැනත් යමක් සටහන් කරන්නට අවශ්‍ය නිසාය. අප මෙසේ පැරණි මාධ්‍යවේදීන් ගැන සටහන් තබන්නේ ඒ තුළින් වත්මන් මාධ්‍යවේදීන්ට අලුත් යමක් ඉගෙන ගන්නටවත් වත්මන් මාධ්‍යවේදීන්ගේ ගරුත්වය හා දක්ෂතා අඩුවෙන් තක්සේරු කරන්නටවත් නොවේ.

සිරි පලිහේන සහ සුනිල් ගමගේ යන දෙදෙනාම ධනපාල මහතා මෙන් ජාතික ඇඳුම අඳින පත්තරකාරයන් දෙදෙනෙකි. ඒ දෙදෙනා ජාතික ඇඳුම ඇන්දේ ධනපාල මහතා මෙන් පත්තර ලෝකයේ දැවැන්තයන් වන්නට නොවේ. ඇඳුමින් පත්තර ලෝකයේ දැවැන්තයන් වන්නට බැරිය.

අපි සුනිල්ගෙන් පටන් ගනිමු. සුනිල් කළුය. අඳින්නේ ජාතික ඇඳුමයි. ඔහුට පෞරුෂයක් තිබේ. හැබැයි වාර්තා ලියනවා අඩුය. ඔහු ගැන ධනපාල මහතා අවධානයෙන් සිටින බව සුනිල් දන්නේ නැත. කෙසේ හෝ පත්තර වාර්තාකරුවන්ට ධනපාල මහතා අලුත් නීතියක් දැම්මේය. සෑම වාර්තාකරුවකුම තමන් ලියා පත්‍රයේ පළවන වාර්තා කපා දිනපතාම පොතක ඇලවිය යුතුය. එයට ගැළපෙන පොත් ඔවුනට සැපයිණි. මෙවන් දෑ කර්තෘ මණ්ඩලයේ ක්‍රියාත්මක වීමත් මේ ගැන සොයා බලා ක්‍රියා කිරීමත් දවස් දෙකෙන් තුනෙන් අමතක කරන බව පත්‍ර වාර්තාකරුවෝ දනිති. සුනිල් ද දනී.

සුනිල් එක දවසක් උදේ 11ට පමණ කර්තෘ මණ්ඩලයට ආවේය. ඔහු හරි කපටියෙකැයි කීම නිවැරැදිය. ඔහු ප්‍රදර්ශනය කරන්නේ මුළු දවස පත්තරයම තමන්ගේ හිස පිට ඇති බවය. දිනපතා පළවන වාර්තා කපා පොතක අලවන නීතිය ක්‍රියාත්මක කොට සතියකට පසු උදේ 11ට ආ සුනිල්ට ධනපාල මහතා කතා කළේය.

ඔහු ලොක්කා සිටි කියුබිකල් එකට දුව ගියේය.

”අද මොනවද සුනිල් පත්තරේට ලිව්වේ. ලියපුව කපලා පොතේ ඇලෙව්වාද” ධනපාල ලොක්කා එවැනි ප්‍රශ්නයක් අසාවි යැයි සුනිල් හිතුවේ නැත.

”සර් අද මොකුත් පත්තරේ පළවුණේ නෑ” සුනිල් ගේ පිළිතුර විය.

“ආ එහෙමද? ගිහින් අරන් එනවකෝ අද පත්තරේ” ලොක්කා අණ කළේය.

සුනිල් දිව්වා නොව දිව වුණේය. දවස පත්තර පිටපත ලොක්කාට දුන්නේය. ලොක්කා පිටු එකින් එක පෙරළා සුනිල් ගේ නමින්(ඡර ඹ්ඪදඥ) පළවූ නිව්ස් දෙකක් පෙන්නුවේය. සුනිල් ලොක්කා පෙන්වූ පත්තර පිටු අතට ගනිද්දී අත පමණක් නොව ලොක්කා සිටි කියුබිකල් එකම හෙල්ලුනා සේ සුනිල්ට දැනුණේය.

”හා.. දැන් ඉතින් ගිහින් ඕවා කපලා පොතේ අලවා ගන්නකො” ලොක්කා එසේ උපදෙස් දුන්නා මිස බැන්නේ නැත. ලොක්කා කිසිවකුට බනින්නට අවශ්‍ය නැත. මොනවා හරි කීවත් ඇත. මූණ බැලුවත් ඇත.

පත්තර නොකියවන මාධ්‍යවේදීහු අද මෙන් එදාත් සිටියහ.

සිරි පළිහේන ආවරණය කරන්නේ වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයයි. වැඩිපුර ඇසුරු කරන්නේ වෘත්තීය සමිති සහෝදරවරුන්ය. වරාය ඒ කාලයේ සටන්වලින් පිරි සංස්ථාවකි. සටන්වලින් පිරුණා යයි කියන්නේ නිව්ස් ද එමටය. සිරි පළිහේන කාර්යාලයට එන්නේ නිව්ස් පෝලිමක් අරගෙනය.

එක දවසක් සිරි පළිහේන රාත්‍රී නවයට පමණ කන්තෝරුවට ආවේය.

”මචං හෙට වරාය ස්ට්‍රයික්. මං කතාව ලියල දෙන්නම්” පළිහේන කීවේය. ඔහු කතාව ලීවේය. එය මම සිරිලාල්ට දුන්නෙමි. සවස පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ එයයි. “වරාය අද වර්ජනයේ” යන හිසින් සවස පත්‍රයේ ප්‍රධාන පුවත ලෙස පළවිය.

පළිහේන කන්තෝරවට ආවේ සවස ප්‍රාදේශීය මුද්‍රණය පළවූවාට පසුවය. කර්තෘ මණ්ඩලයට ආ විගස සවස පත්තරේ පිටපතක් අතේ තබාගෙන ලොක්කා “පළිහේන” යයි කෑගැසුවේය. පළිහේන ලොක්කා ළඟට දිව ගියේය. පළිහේනගේ හදවතේ ගැස්ම වැඩි වුණේ වැඩ වර්ජනය කල්දැමීමට රාත්‍රියේම තීරණය කළ නිසාය.

”අයිසේ වරාය වර්ජනයේ කිව්වට මදිනේ – කම්කරුවන් වර්ජනය කරලා ඉන්න පින්තූරයක් අරන් දානවා පත්තරේ” ලොක්කා කීවේය. පළිහේන ලොක්කා සිටි කියුබිකල් එකෙන් ආවා නොවේ එවුණේය. එහාට ගියේය. මෙහාට ගියේය. වාහනයක් එළියට ගැනීමට අවසර පත්‍රයක් ලියා අනුමැතියට ජැක්සන් සේනාරත්න ළඟට ගියේය.

සිරි පළිහේන කාරණය කියද්දීම කිසිම ප්‍රශ්නයකින් තොරව ජැක්සන් අනුමැතිය දුන්නේය. පළිහේන ඡායාරූප ශිල්පියකු සමඟ වරායට ගියේය. වෘත්තීය සමිති නායකයෝ හමුවිය.

”මොකක්ද සහෝදරයා තමුසෙලා ස්ට්‍රයික් කරන්න තීරණය කරනවා. රෑට නොකරන්න තීරණය කරනවා. අපි තමයි අමාරුවේ” පළිහේන සහෝදරවරුන්ට බැන්නේය.

”හරි-හරි මොකක්ද සහෝදරයා වෙන්න ඕනෑ” වෘත්තීය සමිති සහෝදරයා ඇසීය.

”ලොක්කට තදවෙලා පත්තරේට පින්තූරයක් නැතුව“ පළිහේන කීය.

වෘත්තීය සමිති සහෝදරයා කම්කරුවන් සීයක් පමණ එක තැනකට කැඳවීය. ඔවුන් බිම වාඩිවී වර්ජනය කරන ආකාරය පෙන්වීය. දවස ඡායාරූප ශිල්පියා පින්තූර ගත්තේය.

එදා කොළඹ මුද්‍රණයේ ඡායාරූපය පළවිය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ වැඩ වර්ජනය කළ කම්කරු වන්ගෙන් කොටසක් බවත් සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලීම් ලබාදීමට එකඟවූ නිසා වර්ජනය අත්හිටවූ බවත් කැප්ෂන් එක හැටියට පළවිය.

පළිහේන උග්‍ර සමසමාජ කාරයෙකි. ඇන්.ඇම්, විවී, ලෙස්ලි හොඳින් හඳුනයි. පක්ෂයට පළිහේන වැඩ කළේය. 1970 දී සමඟි පෙරමුණ බලයට ආවේය. එහෙත් සිරි පළිහේනට අමුතු ජොබ් එකක් ලැබුණේ නැත.

පක්ෂයේ එක් සහෝදරයෙක් මේ ගැන එන්.එම්.ගෙන් ඇසුවේය.

”සහෝදරයා සිරි පළිහේන සහෝදරයාට මොනවා හරි දෙන්න ඕන නේද?”

”ඇයි මම එයාට ජේ.පී.කමක් දුන්නේ” ඇන්.ඇම්. ගේ පිළිතුර විය.

ජේ.පී.කම ගත්තාට සල්ලි ලැබෙන්නේ නැත. මොකක්දෝ අස්සන් කරගන්නට පළිහේන හමුවූ එක් සහෝදරයෙක් ලියුම් කවරයක් බලෙන්ම පළිහේන අතට දී ලියවිල්ල අස්සන් කරගෙන යන්නට ගියේය. මුදල් සහිත කවරය පළිහේන එපාම කීවේය. කෙසේ හෝ කවරයත් රැගෙන තොටළඟ රා කඩය ළඟට ගොස් එය විවෘත කොට බැලුවේය. රුපියල් දහයේ නෝට්ටු දෙකක් එහි තිබුණි. එහි තිබුණේ බුද්ධ ජයන්තියට මුද්‍රණය කළ රුපියල් දහයේ කොළ දෙකකි. එහි වටිනාකමක් නැති දහයේ කොළ දෙකකි.

මහින්ද අබේසුන්දර


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්