දියර කිරිවලින් රට ස්වයංපෝෂිත කරනවා

 
 

අපේ රටට පිල්ලේ පැමිණීම

 
 

අස්වැද්දු කෙතෙහි ජාතිවාදය වැපිරීම

 
 

රටටම කිරි දෙන්න අපටම පුළුවන්

 
 

මුල් පිටුව

 
 

හොඳ වෛද්‍යවරයකු තෝරා ගන්නේ කොහොමද?

 
 

හිරිමල් හිරු

 
 

බෙන්තර ගඟින් එගොඩ කිරිබතින් පිරෙන කිරි පෝය

 
 

මුදලාලිගෙන් මං පළිගන්නෙ නිකම් නොවෙයි බිස්නස් නැති කරලා ලොරිත් පෙරළලායි

 
 

ටිකිරි හමුව

 
 

“නේචර්ස් සීක්‍රට්ස්” අලෙවි මධ්‍යස්ථානයක් කටුනායක ගුවන් තොටුපළේ

 

»
»
»
»
»


වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අසාත්මිකතා පරීක්ෂණ නොමිලේම

වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අසාත්මිකතා පරීක්ෂණ නොමිලේම

බොරැල්ල රජයේ වෛද්‍ය පර්යේෂණායතනයේ

තාක්ෂණ වි‍ද්‍යාඥ කීර්ති වික්‍රමරත්න

කරුණු කාරණා රැසක් නිසාම අසාත්මිකතා ඇතිවෙනවා.

කිරි ආහාර, මස් මාංශ, දූවිලි, මැක්කන්, පූසන් හා බල්ලන් වැනි සුරතල් සතුන්, මල්වල පරාග නිසාත් සමහරුන්ට අසාත්මිකතාව ඇති වෙනවා.

කුඩා දරුවන්ට බොහෝ විට අසාත්මිකතා ඇතිවන්නේ ඖෂධ නිසා ය. උණ අඩුකර ගැනීමට ලබාදෙන සමහර ඖෂධ නිසා එසේ වෙන්න පුළුවන්. ඇස්ප්‍රින් නිසාත් අසාත්මිකතා බොහෝ අයට ඇතිවෙනවා.

අසාත්මිකතා කාරකය සිරුරට‍ ඇතුළු වූ විට ඊට එරෙහිව සිරුරේ අයිජීජී ඇන්ටිබොඩීස් යන ප්‍රතිදේහය නිපදවනවා. මෙහිදී ඇතිවන ප්‍රතික්‍රියාව මගින් සිරුරේ සෛලවල හිස්ටමීන නිපදවනවා.

ඒ නිසා අසාත්මිකතා ඇතිවී කැසීම පලු දැමීම මුහුණ, තොල්, ඇස් යට ඉදිමීම බඩ රිදුම, රත්පැහැ පලු දැමීම ‍කන ආශ්‍රිතව ඉදිමීම දිගටම කිවිසුම් යාම හා සොටු දියර ගැලීම ආදී රෝග ලක්ෂණ පහළ වෙනවා.

අසාත්මිකතාව උග්‍ර වූ විට සමහර අයට උගුර ඉදිමී හුස්ම ගැනීමට පවා අපහසු තත්ත්වයට පත්ව සිහි නැති වෙන්නත් පුළුවන්.

රජයේ රෝහල්වලට අසාත්මිකතා නිසා ප්‍රතිකාරවලට රෝගීන් රැසක් දිනපතා පාහේම පැමිණෙති.

බොරැල්ල රජයේ වෛද්‍ය පර්යේෂණායතනය අසාත්මිකතා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා වෙනම පර්යේෂණ අංශ‍යක් පවත්වාගෙන යයි.

ප්‍රතිශක්තිකරණවේද අංශය ලෙසින් මෙම අංශය විශේෂඥ වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරුන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් ඇතුළු පළපුරුදු කාර්ය මණ්ඩලයක් ඒ අංශයේ සේවයේ යෙදී සිටී. මෙහි සියලු අසාත්මිකතා පරීක්ෂණ ලෝක ප්‍රමිතීන් අනුව සිදුවෙයි. ඉහළම තාක්ෂණය මේ සඳහා යොදා ගනියි‍.

අසාත්මිකතා පවතින රෝගීන්ට වෛද්‍ය පර්යේෂණායතනයට කෙළින් ම පැමිණියාම මේ පිළිබඳ අදාළ පරීක්ෂණ සිදු කිරීමට අවකාශ නැත. එවැනි අය රජයේ රෝහලකට ඇතුළු වී එහි විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ හා යොමුවීම මත අදාළ පරීක්ෂණ මෙම අංශයෙන් සිදු කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියා පිළිවෙත.

රෝගියාගේ රුධිරය ලබාගෙන සිදුකරන මේ පරීක්ෂණ කිහිපයක් සඳහා එක් පරීක්ෂණයකට රුපියල් 3000 - 5000 අතර මුදල් ප්‍රමාණයක් ද සම්පූර්ණ පර්යේෂණ ක්‍රියාවලිය සඳහා රුපියල් 25,000 - 30000 අතර මුදලක් ද ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක පර්යේෂණාගාරයක මේ පරීක්ෂණය සඳහා අය කරනු ලබයි.

වෛද්‍ය පර්යේෂණායතනයට රජයේ රෝහල් හරහා යොමු කරන ‍රෝගීන්ගේ අසාත්මිකතා පරීක්ෂණයකට කිසිදු මුදලක් අය නොකෙරේ.

අසාත්මිකතා තත්ත්වයක් දරුවෙකුට හෝ වැඩිහිටියකුට ඇති වුවහොත් මතක තබාගෙන සිදු කළ යුතු වැදගත් කරුණක් තිබේ.

එනම් තම දරුවාට හෝ ගෙදර අයෙකුට අසාත්මිකතාව ඇති වුණේ කවදාද? කෑමක් හෝ බීමක් ද ඖෂධයක් ද වෙනත් හේතුවක් නිසා ඇති වුණාද කියා සටහන් පොතක ලියා තැබීම ය.

අසාත්මිකතාවයකට නැවත මුහුණ පෑවොත් වෛද්‍යවරයා ළඟට යනවිට ඒ සටහන් පොත රැගෙන යාමෙන් වෛද්‍යවරයාට රෝගියාගේ රෝග ඉතිහාසය ද රෝගියාට අසාත්මිකතා ඇති වන්නට බලපාන කරුණු මොනවාද පවතින අසාත්මිකතාවයට හේතුව කුමක් දැයි දැනගෙන ප්‍රතිකාර කිරීමට පහසු වෙයි.

රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන අසාත්මිකතා පරීක්ෂණවලට ද අධික පිරිවැයක් දරන නිසා නිදර්ශක කිහිපයක් එකතු වූ විට පරීක්ෂණ සිදුකිරීම සාමාන්‍ය පිළිවෙතයි. ඒ නිසා පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට දින කිහිපයක් හෝ සතියක් දෙකක් ගත විය හැකියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්