අන්තර්ජාතික පරීක්ෂණ ශ්‍රී ලංකාවට අවශ්‍ය නැහැ

රටවල් රැසක පොදු මතයක්

දැන් පැවැත්වෙන ජිනීවා ජගත් මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් කළ යුතු බවට කරන දැඩි බලපෑම ඉදිරියේ අනෙකුත් සාමාජික රටවල් ශ්‍රී ලංකාවට අභ්‍යන්තර පරීක්ෂණයකට ඉඩදී ජාතික සංහිදියාව ඇති කිරීමට තවත් කාලය දිය යුතු බවටත් කරන මත දැක්වීම් නිසා බටහිර රටවල මතය ලිහිල් ස්ථාවරයකට මාරුවෙන ලකුණු පහළ වී ඇති බව ජිනීවා නුවරින් වාර්තාවේ.

විස්තර »

අපේ අධිවේගී මාර්ග පද්ධතියට තවත් මාර්ගයක් දැන් එක්වී ඇත. කඩුවෙල සිට කොට්ටාවට පිවිසෙන මේ කොළඹ පිටත වට රවුම් මාර්ගයේ විසිතුරු නරඹමින් නිදහසේ ගමන් කිරීමේ අවස්ථාව මාර්ගය විවෘත කිරීමට පෙර ජනතාවට හිමි විය. එම මාර්ගයේ සෙත් පිරිත් සජ්ඣායනය කළ මහා සංඝරත්නය පෙරටු කැර ගත් හස්ති රාජයකු ගමන් කළ අයුරු. ඡායාරූපය විමල් කරුණාතිලක

ලියාපදිංචි නොකර සිසුන් ගෙනිච්චොත් වරදී

පාසල් සිසුන් ප්‍රවාහනය කරන පෞද්ගලික පාසල් වෑන් සහ බස්රථ අධීක්ෂණය කර, ජාතික ළමාරක්ෂක අධිකාරියේ ලියාපදිංචි නොවූ හා සිසුන්ගේ  ආරක්ෂාවට තර්ජනයක් වන සියලු වාහන සඳහා නීතිමය කටයුතු සිදු කිරීමට පියවර....

විස්තර »

ලංගම බස් 1/3 ක් නිදි

දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝවල ඇති බස්රථවලින් තුනෙන් එකක් ම දිනපතා ධාවනයට නොයෙදවෙන බව හෙළි වෙයි. මෙය ලංගම සේවා දියුණු කිරීමටත් ආදායම උපයා ගැනීමට ද විශාල ගැටලුවක් මතුව ඇතැයි ප්‍රවාහන විශේෂඥයෝ පවසති.දැනට දිවයින පුරා ඩිපෝවල ඇති බස් රථ 7143 න් දිනපතා ධාවනය වන්නේ 4800 ක් 5000 ත් අතර ප්‍රමාණයකි. මේ තත්ත්වය මත ශ්‍රී ලංගමට ආදායම අඩුවීමට අමතරව වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගත් පාසල් ශිෂ්‍යයන් ඇතුළු පිරිස දැඩි අසීරුතාවට පත්වන අතර එක් බස් රථයක් හෝ දෙකක් පමණක් ධාවනය වන ග්‍රාමීය මාර්ගවල ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇත.

විස්තර »

තැපැල් ඡන්දය 13-14

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය 13 - 14 දෙදින පැවැත්වේ. මෙම දෙදින ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයනට 20 වැනිදා ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා ඇත.

වැසි ඇවිත්

අන්තර් මෝසම සක්‍රීය වෙමින් ඇති නිසා මාර්තු 15 න් පසු අපේ රටට වර්ෂාව ලැබීම ආරම්භ වෙන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පවසයි. පවතින වියළි කාලගුණික තත්ත්වය ඇතිවී ඇත්තේ වායු ගෝලයේ පවතින අඩු ජලවාෂ්ප ප්‍රමාණය නිසා බව කීය.  දැනට පවතින කාලගුණික තත්ත්වය එල්නීනෝ තත්ත්වයක් යැයි කිසිවිටෙක බිය විය යුතු නැතැයි පැවැසූ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එල්නීනෝ තත්ත්වයක්....

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්