දෙමළ සන්ධානයට සහය දෙන්න බෑ

-දකුණු අප්‍රිකාව

දෙමළ ජාතික සන්ධානය දකුණු අප්‍රිකාවට උතුරේ ප්‍රශ්නය විසඳීමට තෙවන පාර්ශ්වයක් වශයෙන් ඉදිරිපත් වන්නැයි කළ ඉල්ලීම හමුවේ පළමුව දෙමළ සන්ධානය ශ්‍රී ලංකා ආණ්ඩුව පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වී එයින් විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කළ යුතු බව දකුණු අප්‍රිකාව කියයි. තෙවැනි පාර්ශ්වයක් ලෙස ඉදිරිපත් වීම ඉන් පසුව සලකා බැලිය හැකි බව දකුණු අප්‍රිකාව දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී ඇත. දෙමළ ඩයස්පෝරාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි නොවිය යුතු යැයි කර ඇති තර්ජන හමුවේ දැන් දෙමළ ජාතික සන්ධානය ව්‍යාකූලත්වයකට පත්ව සිටින බව ද දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේ ය.

විස්තර »

‘ස්වයංක්‍රීය’ ලෙස මයික්‍රෝ වාහන එකලස් කිරීමේ ප්‍රථම කර්මාන්ත ශාලාව පොල්ගහවෙල කර්මාන්ත පුරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ඉකුත් සිකුරාදා (18) විවෘත කැරිණි. ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් නවීන මයික්‍රෝ වාහනයක් පරීක්ෂා කළ අවස්ථාව. ආයතනයේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ද මෙහි සිටී. ඡායාරූපය - චන්දන පෙරේරා

පරීක්ෂණ පටන් අරන්

 - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මත්තල ගුවන් තොටුපළ හා හම්බන්තොට වරාය නරඹන්නට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දුන් බව කියන පිරිස් කවුදැයි හඳුනා ගන්නට පොලිස් පරීක්ෂණ අරඹා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ එකී පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. එ‍ජාප මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කළැයි කියන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරන බවත් හෙතෙම කීය.

විස්තර »

ත්‍රිරෝද රථ රියැදුරන්ට ප්‍රථමාධාර පුහුණුව

ත්‍රී රෝද රථ රියැදුරන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබා දීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි. මාර්ග අනතුරු මෙන්ම අනෙකුත් අනතුරුවලට පත්වන බොහෝ පිරිස් රෝහල් කරා ගෙන යාමට ත්‍රී රෝද රථ යොදා ගන්නා අතර එම රියැදුරන්ට නිසි ප්‍රථමාධාර පුහුණුවක් නොමැති හෙයින් බොහෝ රෝගීන් මිය යන අවස්ථා ද වාර්තා වී ඇති බව අබේසිංහ මහතා පවසයි. මාර්ගයේ අනතුරු සිදු වූ විට දී පළමුව සහායට පැමිණෙන්නේ ත්‍රි රෝද රථ  රියැදුරන් බවද පෙන්වා දුන් ඒ මහතා එය උතුම් ක්‍රියාවක් බවත් බොහෝ දෙනා ත්‍රි රෝද රථ රියැදුරන් ගේ එම සත්ක්‍රියාව ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බවද පෙන්වා දෙයි.

විස්තර »

කොළඹ තදබදය මඬින්න කෝටි 125400 ක ව්‍යාපෘති

වසර 2035 වනවිට කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් කෝටි 125400 ක වියදමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. එම ව්‍යාපෘති අතර ‘මොනෝ රේල්’ සේවාවක් ඇරැඹීම, කොළඹ නගරයෙන් ගමන් අරඹන බස් රථ සේවා එක් ස්ථානයකට ගෙන ඒම සහ දුම්රිය සහ බස් රථ සේවා සම්බන්ධීකරණය ද ඇතුළත් ය. ඊට‍ අමතරව බස් රථ සඳහා වෙනම මං තීරු ඇති කිරීම ද මෙහිලා ඇතුළත් ය. කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදය නිසා අධික ඉන්ධන දහනයට අමතරව මිනිස් ශ්‍රමය ද දැඩි ලෙස අපතේ යන බව මේ වනවිට හෙළි වී ඇත.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්