ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් නඟී

රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කරගෙන මහා භාණ්ඩාගාරය ශක්තිමත් කරමින් මේ රජය වේගවත් සංවර්ධන ගමනකට රට යොමුකර ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සිළුමිණට පැවැසීය. රටේත් ජනතාවගේත් දුප්පත්කම අඩු කරගනිමින් රැකියා බලාපොරොත්තු වන සියයට අනුහයකම රැකියා ලබාදීමට රටේ ආර්ථිකය ශක්තිමත් කැර ඇති බව ද විරැකියාව සියයට 4 ක් වැනි සුළු මට්ටමකට අද වන විට ගෙනැවිත් ඇති බව ද ඇමැතිවරයා කීය.

විස්තර »

 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉම්ප්‍රෙසා - 2014 තාක්ෂණික නිර්මාණ දැක්ම වෙනුවෙන් තාක්ෂණ විද්‍යා ඒකකය නිර්මාණය කරන ලද කුඩා ජීප් රථයකි මේ. විදුහල්පති කිත්සිරි ලියනගම සහ මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ විදුහල්පති චන්න සුබසිංහ මහත්වරු කැටුව එම ජීප් රථය පදවාගෙන යන්නේ තාක්ෂණ ඒකකයේ පසිඳු විජේරත්න ශිෂ්‍යයා ය. ඡායාරූපය - විපුල අමරසිංහ

අධිවේග පොලිස් යතුරුපැදි බළඇණියක්

දිනෙන් දින වැඩිවන රිය අනතුරු සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා අධි එන්ජින් ධාරිතාවක් ඇති ‘හයිවේ ට්‍රැෆික්’ නමින් 315 ක පොලිස් යතුරුපැදි බළඇණියක් යෙදවේ. වැඩි වන රිය අනතුරු සංඛ්‍යාව පහළ දමා එය සීයට 10 දක්වා අවම කිරීමත් පොලිස් රථවාහන මූලස්ථානයේ එම දීප ව්‍යාප්ත වැඩපිළිවෙළේ අරමුණ වී ඇත. ඒ අනුව ජපානයෙන් ගෙන්වන ලද නව මෝටර් සයිකල් සෑම පොලිස් කොට්ඨාසයටම අනුයුක්ත කෙරෙනු ඇත. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා මේ පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදු කරයි. රිය අනතුරු අවම කිරීම සඳහා මහාමාර්ගවල සංචාරය කරමින් වාහන තදබදය අඩු කිරීමත්, වාහන නවතා තැබිය නොහැකි තැන්වල නවතා තිබෙන වාහන ඉවත් කිරීමටත් අනතුරුවලට මුහුණපාන වාහන වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමටත් යතුරුපැදි බළඇණිය කටයුතු කරනු ඇත. මාර්ගවල ක්ෂණිකව සිදුවන අපරාධ පරීක්ෂණය සඳහා ද මෙම නිලධාරීන් යොදා ගැනේ.

විස්තර »

කොළඹ ළමා අපචාර 75%ක් සැඟවිලා

කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවන ළමා අපයෝජනවලින් වාර්තා වන්නේ සියයට විසිපහක් වැනි සුළු සංඛ්‍යාවක් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. බරපතළ ලිංගික අපහරණය, අසභ්‍ය විඩියෝ හා ඡායරූප ‍පෙන්වීම, ලිංගිකත්ව නිරාවරණය ආදී සිදුවීම් මුල් අවස්ථ‍ාවේ වාර්තා නොවීම නිසා බරපතළ ළමා අපයෝජන දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද කොළඹ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරි ඉන්දික ජයවර්ධන මහතා කීය.

 
 

 

 
 


o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්