අහෝසි කළ යුත්තේ අගමැති ධුරයයි

- අගමැති

මේ රටට අගමැති ධුරයක් අවශ්‍ය නැති බවත් වත්මන් අගමැති ධුරය අහෝසි කළ යුතු බව තම පෞද්ගලික අදහස බවත් මේ රට ස්වාධීන සංවර්ධිත රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමට නම් විධායක ජනාධිපති ධුරය තව දුරටත් රටට අත්‍යවශ්‍ය බව අගමැති ආචාර්ය දි. මු. ජයරත්න මහතා අවධාරණය කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය පෙර පැවැති සෑම ජනාධිපතිවරණයකදීම කරළියට පැමිණියත් එය කතාවට පමණක් සීමාවූ අතර රට රැකීමට විධායක ජනාධිපති ධුරය අවශ්‍ය බව ද කීය.

විස්තර »

ජය සිරිමාබෝ සමිඳු වැඳ පුදා...

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනුරාධපුරේ ඉකුත් සිකුරාදා සිදු කළ සංචාරයේදී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබාගත්තේ ය. මේ අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ද මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ද සහභාගි වූහ.

ඡායාරූපය - සුදත් සිල්වා

 

පාරිභෝගික සේවා අධිකාරියේ

වැටලීම් 17000කින් කෝටි 40ක දඩ මුදල්

මේ වසර ඇතුළත පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් 17000ක් පමණ සිදුකොට ඇති බවත් ඒ අනුව කූට වෙ‍ළෙඳුන් රැසකට එරෙහිව නඩු පවරා රුපියල් කෝටි 40කට වැඩි දඩ මුදලක් අය කරගෙන ඇති බවත් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ'ට පැවසීය. කුණු අල, රටලූනු හා කරවල වැටලීම් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය පැවරූ නඩු ප්‍රමාණය විස්සක් පමණ වෙයි. වැඩි මිලට බඩු විකිණීම, භාණ්ඩ පිළිබඳව වැරැදි තොරතුරු දැන්වීම,...

විස්තර »

විගමනික ඉපැයුම් ඉලක්කය

ඩොලර් බිලියන 10 ක්

විගමනික සේවක සේවිකාවන් ශ්‍රී ලංකාවට උපයා දෙන විදේශ විනිමය 2017 වසර වන විට ඩොලර් බිලියන 10 ක් දක්වා වැඩිකර ගැනීමට හැකි වනු ඇතැයි විදේශ රැකියා  ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා විශ්වාසය පළ කරයි. මැදපෙරදිග රටවල මෙන්ම මැලේසියාව, මාලදිවයින යන රාජ්‍යවල සේවයේ නිරත ශ්‍රී ලාංකික ගෘහ පාලන සහායිකාවන් බහුතරයක් සේවා සපයමින් උපයන විනිමය වටිනාකම මේ වන විට ඩොලර් බිලියන 7 ක් පමණ වන ‍ෙවයි.

විස්තර »

 
 

 

 
 


o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්