විහාර හා දේවාලගම් පනතේ සංශෝධන මහ නාහිමිවරුන්ගේ අනුමැතියෙන්

විපක්ෂ නායකගේ කතා පදනම් විරහිතයි

 - බුද්ධ ශාසන ලේකම්

විහාර හා දේවාලගම් පනතේ සංශෝධනයන් සිදු කිරීමට කටයුතු කර ඇත්තේ මහ නාහිමිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ බවත් යෝජිත විහාර හා දේවාලගම් පනතේ සංශෝධන මඟින් සිදු කරනුයේ බුද්ධ ශාසන කොමිසම් සභා වාර්තාවේ කරුණු ස්ථාපිත කිරීමක් පමණක් බවත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා පවසයි. යෝජිත විහාර හා දේවාලගම් පනතේ සංශෝධන යටතේ ආණ්ඩුව ශාසනය අඩපණ කර විනාශ කිරීමේ වැඩපිළිවෙළක යෙදී සිටින බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳ විමසූ අවස්ථාවේ ලේකම්වරයා මේ ප්‍රකාශය කළේය.

විස්තර »

ඌව සරු කරන උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ වැලිමඩ ඩයිරබා ජලාශයට අදාළ වේල්ල ඉදිවෙමින් පවතින අයුරු හා එම ජලාශයේ සිට වැල්ලවායට ජලය ගෙන යන කිලෝමීටර් 23 ක් දිග මහ උමගයි මේ. සේයාරුව - විමල් කරුණාතිලක

මුහුදු පැළෑටි ව්‍යාපෘතියෙන්

රැකියා 25000ක්

උතුරේ සාර්ථකව ක්‍රියාත්මක මුහුදු පැළෑටි වගා ව්‍යාපෘතිය ඇතුළු ධීවර ක්ෂේත්‍රයේ විවිධාංගීකරණ ව්‍යාපෘතිය යටතේ රැකියා විසිදහසක් ලබා දීමට පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති දොස්තර රාජිත ‍ෙස්නාරත්න මහතා පවසයි.

විස්තර »

විදේශ අතපෙවීම් ගැන ඉන්දියාවේ නොසතුට

උතුරේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය රජය බුද්ධිමත් ලෙසත් අපක්ෂපාතීවත් කටයුතු කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට දැනුම් දී තිබේ. මේ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය භාරතීය පක්ෂ රජය කිසිදු බලපෑමකට යට නොවී කටයුතු කරන බව ද ඇය සිකුරාදා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ අර්බුදය අභ්‍යන්තර ගැටලුවක් නිසා ඊට අන්තර්ජාතික මැදිහත්වීම ඉන්දීය රජය අනුමත නොකරන බවත් මේ අර්බුදය දේශීය වශයෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත් කියා සිටි ඉන්දීය විදේශ අමාත්‍යවරිය ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉන්දියාව සූදානම්ව සිටින බවත් කීවා ය.

විස්තර »

ජනපතිගේ තොරතුරු තාක්ෂණ වැඩ පිළිවෙළ අගය කරයි

ලොව ධනවත්ම පුද්ගලයා

ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත ජනතාවට ආර්ථික සහ සමාජ සංවර්ධන අවස්ථා පුළුල් කිරීමට තොරතුරු තාක්ෂණය යොදා ගැනීම පිණිස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්‍රමෝපායිකව මැදිහත් වීම තමා අගය කරන බව ලොව ධනවත්ම පුද්ගලයා වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා පවසයි. බිල් ගේට්ස් මහතා තව දුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ජනතාව ‘සවිබල ගැන්වීමට හා ආර්ථික දියුණුවක් රට තුළ බිහි කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියා මාර්ග ලෝකයේ සෙසු නායකයන්ට ආදර්ශයක් බවය.

විස්තර »

 
 

 

 
 


o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්