පොලීසිය නිහඬව සිටීමත් රාජකාරිය පැහැර හැරීමක්

 - පොලිස්පති

පොලිස් නිලධාරීන් හැම විටම අපරාධ ක්‍රියා හා මහජන පීඩා වැළැක්වීමට උපරීම උත්සාහයක් ගත යුතු බවත් එවැනි වගකීමකට බැඳී සිටින පොලිස් නිලධාරීන් තමන් ඉදිරිපිටදීම නීතිය කඩකිරීම සම්බන්ධව නිශ්ශබ්දව සිටීම රාජකාරිය පැහැර හැරීමක් බවත් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා සියලු පොලිස් ස්ථානවල රාජකාරි කරන සියලුම නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටී.රටේ නීතිය සියලු ජන කොටස්වලට සමාන ලෙස ක්‍රියාත්මක කිරීමට ද පොලිස් නිලධාරීන් වගබලා ගත යුතු බව ද පොලිස්පතිවරයා එම නියෝගයෙන් පෙන්වා දෙයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ මේ විධිවිධාන දක්වා ඇති බව ද එම තත්ත්වය සියලුම නිලධාරීන්ට පැහැදිලි කර දී නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරවීම කළ යුතු බව ද පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු ස්ථානභාර නිලධාරීන්ට දන්වා ඇත.

විස්තර »

ආයුබෝවන් !

 


 

මේ වසරේ සංචාරක ඉතිහාසයට දස ලක්ෂ සංචාරකයා ලෙස සනිටුහන් වූයේ බ්‍රිතාන්‍ය ජාතික ජොසුවා ග්ලැඩ්ස්ටේන් හා
සොපී නාදන් ය. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මේ
යුවළට ගුවන් තොටුපළේදී ඉහළ පිළිගැනීමක් ලබා දුන්නේ ය.
ඡායාරූපය - ගුවන් තොටුපළ සමූහ කුමාරසිරි ප්‍රසාද්

ශ්‍රීලනිප 63 සංවත්සරය බදුල්ලේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වන සංවත්සරය ලබන 2 වැනිදා සවස 3 ට බදුල්ලේ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මාතර කතරගම දුම්රියේ වේගය පැ. කි.මී. 120යි

මාතර - කතරගම දුම්රිය මාර්ගය මෙරට ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ග ලෙස ඉදිවේ. 2016 වසර වන විට මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය ආරම්භ කළ හැකි බව ද මාතර - කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ වී.අමරතුංග මහතා සිළුමිණට කීය.මේ මාර්ගයේ දුම්රිය ධාවනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් සිදු කිරීමට කටයුතු යොදනු ඇත.

විස්තර »

ඌවේ ඉගැනුමට කෝටි 650 ක්

ඌව පළාතේ දූ දරුවන්ගේ ඉදිරි ගමනට අත්වැලක් ලෙස ඌව පළාතේ අධ්‍යාපන සංවර්ධනයට පසුගිය වසර 5 ඇතුළත රුපියල් කෝටි 650 ක මුදලක් රජය ලබා දී ඇතැයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.පළාත පුරා මේ වන විට මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 88 ක් හා තාක්ෂණික විද්‍යා පීඨ 21 ක්ද ඉදිකරමින් පවතී.මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා පරිගණක 60 ක් භාෂාගාරයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් අන්තර්ගත වේ.

විස්තර »

බෝගම්බර එල්ලුම් ගහ දුම්බරට යයි

වසර සියයකට වඩා පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ තිබෙන එල්ලුම් ගස දුම්බර ඉදිකැරෙන බන්ධනාගාර කෞතුකාගාරය වෙත රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. බෝගම්බර බන්ධනාගාරයේ තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති භාණ්ඩ මේ වන විටත් දුම්බරට රැගෙන ගොස් ඇත.මේ අතර ඉදිරි වසරේදී වැලිකඩ බන්ධනාගාරය භූමිය ද රජයට භාරදීමට නියමිත අතර එහි සිටින රැඳවියන් . . . .

විස්තර »

ඌවේ මහින්දෝදය පාසල් විද්‍යාගාර 15 ක් ඇරේ

ඌව පළාතේ බිබිල - මොනරාගල - පස්සර සහ වැල්ලවාය යන මැතිවරණ කොට්ඨාසවල මහින්දෝදය පාසල් විද්‍යාගාර 15 ක් අද (31) සිට ලබන 5 වැනිදා දක්වා පැවැත්වෙන උත්සවවලදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්