චීන - ජපන් ආයෝජන රටට යෝධ ශක්තියක්

ලෝකයේ දෙවන හා තෙවැනි විශාලම ආර්ථිකය සහිත චීන හා ජපන් නායකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යම ආයෝජන අවස්ථා ඉහළ නංවා ගනිමින් ඉදිරි වසර ක‍ීපය තුළ ආර්ථික සංවර්ධන වේගය තවදුරටත් ඉහළ නංවා ගැනීමට මංපෙත් විවරව ඇතැයි ආර්ථික විශාරදයෝ පෙන්වා දෙති. ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා එ‍රට ඉහළ ම ව්‍යාපාරිකයන් පිරිසක් කැඳවාගෙන ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුගේ ගමනේ අරමුණ ව‍ූයේ ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආයෝජන අවස්ථා ‍උදාකර දීම බව පැහැදිලිව ප්‍රකාශ කළේ ය. චීන ජනාධිපතිවරයා ෂී ජින්පින් මහතා ද ශ්‍රී ලංකාවේ ආයෝජන අවශ්‍යතා වැඩි කිරීමටත් අවශ්‍ය තාක්ෂණ ආධාර ලබාදීමටත් ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ ගිවිසුම් විසි හතකට අස්සන් කෙළේ ය.

විස්තර »

ශ්‍රී ලංකා-මාලදිවයින් සුහදතාව

 


 

ආසියානු දේශපාලන පක්ෂවල අටවැනි අන්තර්ජාතික සමුළුව (ICAPP) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිකුරාදා (19) ආරම්භ වූ අවස්ථාවේ එයට සහභාගි වූ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මහතාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සුබ පැතූ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා

ජුසේ වාස් පියතුමන් සාන්තුවරයට එසවෙයි

ශ්‍රී ලංකාවේ පළමු සාන්තුවරයා ලෙස ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් භාග්‍යවර ජුසේවාස් පියතුමන් නම් කර ඇත. ඉන්දියාවේ ගෝවේ උපත ලද ජුසේවාස් පියතුමා ලන්දේසි යටත්විජිත පාලන සමයේ පීඩා මැද මෙරට පූජකතුමකු ලෙස සේවය කළේය. 1651 වසරේ උපත ලද ජුසේවාස් පියතුමා මෙරට කතෝලික ආගම වෙනුවෙන් කළ කැප කිරීම වෙනුවෙන් එතුමන් සාන්තුවර භාවයට ඔසවන ලෙස දීර්ඝ කාලයක  සිට ඉල්ලීම් කෙරුණ අතර පසුගිය සතියේ දිවයින පුරා පිහිටි සියලු දේවස්ථානවලදී මේ සම්බන්ධව විශේෂ යාඥා මෙහෙයක් පැවැත්විණි.

විස්තර »

ස්වාධීනත්වය රැකගන්න ආසියා රටවල්

එක් විය යුතුයි

 ජනාධිපති

රටවල අභ්‍යන්තර කටයුතුවලට ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙනත් කරුණු දක්වමින් මැදිහත්ව‍ීම් පෙළඹවීම් ඇතැම් රටවල් විසින් සිදු කිරීමට එරෙහිව ආසියානු ප්‍රජාවගේ එකමුතුවක් ගොඩනැගීමේ අවශ්‍යතාව නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේදී ගිය සිකුරාදා ආරම්භ වූ ආසියානු දේශපාලන පක්ෂවල අටවැනි අන්තර්ජාතික සමුළුවේදී (ICAPP) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේ ය. ත්‍රස්තවාදයට කිසිදු සමාවක් නොදිය යුතු බවත් එය පරාජය කළ යුතුම  බවත් ත්‍රස්තවාදය සහමුලින් ම පරාජය කළ රටක් වශයෙන් ද මෙරට අත්දැකීම් ලෝකයටම කියාදීමට වුව ද සූදානම් බවත් කීය.

විස්තර »

ඌවේ පෙළපාලි රැස්වීම් බෑ

ඌව පළාත් පාලන මැතිවරණයෙන් පසු සතියක් පුරා කිසිදු පෙළපාළියක් රැස්වීමක් පැවැත්විය නොහැකි බව පොලීසිය කියයි. මෙම සතියක කාලය තුළ නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 12000 ක් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 1000 ක් හා විශේෂ ආවේෂක නිලධාරීන් 1000 ක් පමණ ද සේවයෙහි යොදවා ඇත. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ කැරළි මර්දන කණ්ඩායම් 5 ක් හා මොනරාගල කැරළි මර්දන කණ්ඩායම් 6 ක් වශයෙන් කැරළි මර්දන කණ්ඩායම් 11 ක් ද ක්‍රියාත්මක කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි‍.

විස්තර »

‘ඉලෙක්ට්‍රික් කාර්’ විදේශ විනිමය ඉතිරියක්

පූර්ණ ලෙස විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් වාහන ආනයනය වැඩි කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ කරා ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි. ඉකුත් ජනවාරියේ සිට අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලයේ පූර්ණ විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ 58 ක් මෙරට ලියාපදිංචි කර ඇතැයි ඒ මහතා පවසයි. වෙළෙඳ පොළේ පෙට්‍රල් වාහන මිලටම විදුලි බලයෙන් ක්‍රියා කරන නවීන මෝටර් රථ මිලට ගත හැකි අතර...

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්