වතු වෘත්තීය සමිති සහාය ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේදී උඩරට වතුකරයේ ජීවත්වන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව නියෝජනය කරන වතු වෘත්තීය සමිති බහුතරයක සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇත. සහය ලබාදීමට තීරණය කර ඇති ප්‍රධානම වෘත්තීය සමිති වන්නේ ලංකා කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික සංගමය, කෘෂිකාර්මික හා වතු කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතිය වේ. ආණ්ඩුව සමඟ සිටි මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මුස්ලිම් පක්ෂ ද ජනාධිපතිවරයාට සහාය ලබාදෙනු ඇත. මේ අතර උතුරේ දෙමළ ජනතාව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා පෙළ ගැසෙමින් සිටින බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

විස්තර »


කොළඹ මහානාම විද්‍යාලයේ 60 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එම පාසලේ කුඩා දරුවන් දෙදෙනකු විසින් උත්සව ශාලාවට කැඳවාගෙන පැමිණියේ මෙසේ ය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මහානාම විදුහල්පති කර්නල් ප්‍රසන්න උපශාන්ත යන මහත්වරු ද මෙහි සිටිති. ඡායාරූපය - සුදත් මලවීර

අයවැයෙන් ඉහළ වැටුප් වැඩිවීමක්

රටේ ආයෝජනය වැඩිකර සංවර්ධනය වේගවත් කරන අතරම මෙවර අය වැය මගින් සැලකිය යුතු වැටුප් වැඩි කිරීම් ඇතුළු සහන රැසක් රාජ්‍ය අංශ‍යේ මෙන් ම පෞද්ගලික අංශයේ සේවකයන්ටත් හිමිවනු ඇතැයි රජයට සමීප ආරංචි මාර්ග පවසයි.මෙවර අයවැය සමස්තයක් ලෙස සංවර්ධනාභිමුඛ, සහනදායි අයවැයක් වනු ඇතැයි ද රජයේ ප්‍රකාශකයෙක් කීය. මෙදා අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුපේ සෑහෙන වැඩි කිරීමක් සිදු කැරෙනු ඇතැයි ද දැනගන්නට තිබේ.

විස්තර »

දිවි නැඟුම හයවැනි අදියර හෙට

පවුල් ලක්ෂ 25 ක් සවිබල ගන්වන දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ 6 වැනි අදියර ඔක්තෝබර් 20 වැනිදා (හෙට) පෙරවරු 10.07 ට යෙදෙන සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ. එයට සමගාමීව රට පුරා ග්‍රාම නිලධාරී වසම් 14022 ක එළවළු බීජ, එළවළු, පලතුරු, පොල්, සුළු අපනයන බෝග, ඖෂධ හා ස්ථිර වැවිලි බෝග පැළ රෝපණය උත්සවාකාරයෙන් සිදු කෙරෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියයි. ඊට අමතරව ධීවර හා පශු සම්පත් වැඩ සටහන ද මේ යටතේ ක්‍රියාත්මක වේ.

විස්තර »

යාපනයට ඉන්ධන දුම්රියෙන්

උතුරේ වැසියන්ට කඩිනමින් ඉන්ධන ලබාදීමට දුම්රිය හරහා යාපනය දක්වා ඉන්ධන ප්‍රවාහනය යළි ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව නිමාවේ සිට ඉන්ධන ලීටර් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් එක් දුම්රියකින් උතුර‍ට ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ඇති අතර ඉන්ධන බවුසරයකින් වරකට ප්‍රවාහනය කළ හැක්කේ ඉන්ධන ලීටර් 13200 ක් පමණකි.

විස්තර »

6 වැනි පාවුළු පාප්තුමා භාග්‍යවරයට එසවේ

ශ්‍රී ලංකාවට පා තැබු පළමු පාප් තුමන් වන 1970 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි 6 වැනි පාවුළු පාප්තුමන් අද (19) භාග්‍යවරයට එසවේ. පළමුවැනි ‍ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයේ අද පැවැත්වෙන දේව මෙහෙයේදී 6 වැනි පාවුළු පාප් තුමන් භාග්‍යවරයට එසවේ. උන්වහන්සේ ස්වර්ගස්ථ වූයේ 1978 වසරේදීය.

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්