හැම දෙනාටම සෙත සැලසෙන අය වැයක්

* රාජ්‍ය - පෞද්ගලික අංශ වැටුප් වැඩිවේ
* දේශීය කිරිපිටි මිල පහතට
* විශ්‍රාම වැටුප් විෂමතා ඉවතට
* ඇඟලුම් සේවිකාවන්ටත් විශ්‍රාම වැටුප්
* රාජ්‍ය සේවක අවම වැටුප 30000 යි

මෙදා අයවැය සියලු අංශ නියෝජනය වන පරිදි හොඳින් හිතා බලා ඉදිරිපත් කළ සංවර්ධනාභිමුඛ අයවැයක් වන අතර ම මෙයින් මෙතෙක් රටේ සිදු වූ සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජන කොටස් වෙත ගලා යන පරිදි එය ඉදිරිපත් කැර ඇතැයි ආර්ථික විද්‍යාඥයෝත් ව්‍යාපාරික අංශත් පෙන්වා දෙති.

විස්තර »


 

තේ විවේකයේදී ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමඟ සුහද පිළිසඳරක යෙදෙමින් ඡායාරූපය - කමල් ජයමාන්න

නව වෛද්‍යවරු 1100 කට පත්වීම්

මේ වසර අවසන් වන්නට පෙර රජයේ රෝහල් සඳහා නවක වෛද්‍යවරුන් එක්දහස් එකසීයක් පමණ පිරිසක් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අලුතෙන් බඳවා ගැනීමට නියමිත නවක වෛද්‍යවරුන් 1100 දෙනකු සමඟ රජයේ රෝහල්වල මේ වන විට සේවය කරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 16,000 ක් වනු ඇත. වසර 2005 දී රජයේ රෝහල්වල සේවය කළ මුළු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 5000 කි. මෙය වසර නවයක් තුළ තුන් ගුණයකි.

විස්තර »

හෙල්මට් ප්‍රමිතිය ළඟම එයි

යතුරු පැදි හෙල්මට් සඳහා ප්‍රමිතියක් මේ වනවිට සකස් කර ඇති බවත් එම ප්‍රමිතියට අනුව නිපදවූ හෙල්මට් පමණක් අලෙවි කිරීම හා පැලඳීම සිදු කළයුතු බව ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂක සභාවේ ලේකම් චතුර උමඟිලිය මහතා පවසයි. එස්.එල්.එස්. ප්‍රමිතියට අනුකූලව හෙල්මට් නිපදවිය යුතු ආකාරය මේ වනවිටත් පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් සකස් කර ඇති බව ද හෙතෙම කීය.

විස්තර »

එල්.ඊ.ඩී. බල්බ කම්හලක් ඉඳිකිරීමට සැලසුම්

සියයට අස‍ුවකින් විදුලිබලය සුරකින එල්.ඊ.ඩී. විදුලි බල්බ නිපදවන මහ පරිමාණ විදුලි බුබුළු නිපදවීමේ කම්හලක් මෙරට පිහිටුවීමට යයි. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහ කොරියානු මූල්‍ය කේන්ද්‍රයේ සභාපති හ්යෝ හොං කෝ සහ කොරියානු පොස්කෝ අයි.ටී.සී. ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය හ්වැං ඩොං කුංග් යන මහත්වරු අතර කොළඹදී පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම විදුලි බල්බ කම්හල මෙරට පිහිටුවේ.

විස්තර »

අයවැය යෝජනා

කිරිපිටි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට

දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැති පොලිස් ස්ථානවල සේවය සඳහා අනුයුක්ත කරන නිලධාරීන්ට නිර් නේවාසික දීමනාවක් ද ගෙවීම. පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන්වරුන්ට යතුරුපැදි ලබාදීම රු. 50,000 සහන මිලට. පොලිස් සේවයේ පරිපාලනය ශක්තිමත් කිරීමට වෙනම සේවා ව්‍යවස්ථාවක් හා සුවිශේෂිත වැටුප් ක්‍රමයක් සකස් කිරීමට ද යෝජනා කර ඇත. ත්‍රිවිධ හමුදාවල පවුල් පරිසරය ගොඩනැඟීමට ඔවුන්ගේ පවුල්වල තුන්වන දරු උපතේදී ගෙවනු ලබන රුපියල් ලක්ෂයක දීමනාව....

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්