සහල්, මාළු මාෆියාව රනිල් නඩයට එක්වීමෙන් ජනපති ජය තහවුරු වුණා

මෙරට ජනතාවට අඩු මිලට සහල් ලබාදීමට විරුද්ධ වුණ සහල් මාෆියාවත් ජනතාවට අඩු මිලට මාළු ලබා දෙන්නට විරුද්ධ වුණ මාළු ‍මාෆියාවත් රනිල් නඩයට එක්වීම නිසා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජය තහවුරු වන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. බටහිර කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස එන්ජීඕ කල්ලියේ ඩොලර් මලුවලින් මේ කුමන්ත්‍රණය මෙහෙයවා මේ මාෆියාව විපක්ෂයට එක්කැර ගෙන ඇතැයි එම නිරීක්ෂකයෝ පවසති. කුමන පොදු අපේක්ෂකයා ආවත් මහජනතාවගේ පොදු අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ මහතා මේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීම සහතික බව නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත හා විමල් වීරවංශ ඇමැතිවරු කියා සිටිති.

විස්තර »

 

දිවි නැඟුම පළමුවැනි සංවත්සරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිය සිකුරාදා කැම්බල් පිටියේදී පැවැත්වුණු අවස්ථාව.
ඡායාරූපය - සුදත් මලවීර

ජනාධිපතිතුමා කාටවත් පරදවන්න බෑ

බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි

මුරුන්ගාගස්යායේ ඥානිස්සර නාහිමි
ප්‍රංසයේ ප්‍රධාන සංඝනායක

සිංහලයා භේද වූ හැම අවස්ථාවකම ඈත අතී‍තයේ සිටම සිද්ධ වුණේ රට ප්‍රපාතයට ඇදහැලීමයි. එම නිසාම විජාතික බලවේග ඉස්මතු වී රට අරාජික තත්ත්වයකට පත්වීම සිදුවෙලා තියෙනවා.

විස්තර »

රනිල්ට ගෙදරත් ඉන් පිටතත් මෛත්‍රීලා දෙන්නයි

-ජනපති

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග වැදිය හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද එකම මතයක් දරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ‍පවසයි. ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයට වසර හතරක් ගතවීමෙන් පසු නැවත ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපතිවරයාට අයත් කාර්යයක් බවත් එය පැවැත්වීමේ දිනය තීරණය කිරීම මැතිවරණ කොමසාරිස්වරයාට අයත් කාර්යයක් බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා....

විස්තර »

අවස්ථාවාදීන්ගේ උගුලට මෛත්‍රීපාල හසුවුණා

තමා ජනාධිපති වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය අනුව ඉන්පසු මෛත්‍රීපාල සිරිසේනට අත්වන ඉරණම කුමක්දැයි දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මුවාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට විරුද්ධවාදීන් කළ කුමන්ත්‍රණයකට මෛත්‍රීපාල සිරිසේන මහතා හසුවී ඇතැයි ද පක්ෂ නියමුවන් ජීවිත පර‍ිත්‍යාගයෙන් ආරක්ෂා කළ පක්ෂය එසේ විනාශ කළ නොහැකි යැයි ද ඔව්හු විමසති.

විස්තර »

ජනපතිවරණය ජනවාරි 8 වැනිදා

ජනාධිපතිවරණය ලබන ජනවාරි මස 8 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ලබන දෙසැම්බර් 8 වැනිදා සිදු කිරීමට නියමිත ය.මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිකුරාදා (21) පැවැත්විණ.

මම එන්නේ ශ්‍රීලනිප ඡන්දෙන් රනිල් අගමැති කරන්නයි

 - මෛත්‍රීපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස එජාපයෙන් අභිෂේක කරන මාධ්‍ය හමුවට එක්වූ චන්ද්‍රිකා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හරි අපූරු කතාවක් කළේය. ඇය කීවේ එජාපය නිසා තමන්ට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට නොහැකි වූ බවය. එහිදී ඇය 1994 ඇය අගමැති වූ ගමන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඇයට එජාපයේ සහාය ලබාදෙන බව විපක්ෂ නායක වූ ගාමිණී දිසානායක මහතා දුන් පොරොන්දු අමතක කළේය.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්