2002 හොර කොටි ගිවිසුම යළි පණ ගැන්වීමේ බටහිර වෑයමක්

රනිල් වික්‍රමසිංහ වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ ඇති කැර ගත් 2002 හොර කොටි ගිවිසුම යළි පණ ගන්වමින් නෝර්වේ හා ජාත්‍යන්තරයේ සහාය ඇතිව උතුරු නැ‍ඟෙනහිර පළාත් ඒකාබද්ධ කැර එල් ටී ටී ඊ සිහින ඊළාම් රාජ්‍ය පිහිටුවීමේ අරමුණ යළිත් මතු කැර ගැනීම පොදු අපේක්ෂක හවුල තුළින් මතු වීමේ වාතාවරණයක් යළි උද්ගත විය හැකි යයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.මෙය රටේ පාලන බලය අතට ගැනීමට සිහින මවන පොදු අපේක්ෂක හවුලේ ප්‍රධාන අරමුණක් ලෙස ඔවුහු ‍සඳහන් කරති.මුල් වරට මෙරට එල් ටී ටී ඊ පාලන ප්‍රදේශ ඇති බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල පිළිගැනීමක් කළේ ද ප්‍රභාකරන් සමඟ අස්සන් කළ ගිවිසුමෙන් බව කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතා සිළුමිණට කීය.

විස්තර »

මුලතිව් ජනතාවගෙන් ජනපතිට හරසර

 

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය
හෙට එළිදකී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය හෙට (22) පෙරවරු 9.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

රෙකෝඩින් අසා රනිල්ට මල පැනලා

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සමීප හිතවතුන් කිහිප දෙනකු සමඟ පැවැත්වූ සාකච්ඡාවක් පටිගත කරන ලද හඬ පටයක් ශ්‍රවණය කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතික පක්ෂ නායකයා හළා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමයේ ඉතුරු වී සිටින පිරිස් සමඟ පාලනය ගෙන යන ආකාරය පිළිබඳව සිය සැලසුම් ඉදිරිපත් කර ඇත.

විස්තර »

 සිරිසේනට අවාසි නිසා චෞර රැජිනට
නඩු දැමීම පසුවට

රාවය හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා එම පුවත්පතට සැපයු ලිපි හා ඔහු පළ කළ “චෞර රැජින” කෘතිය ඇසුරෙන් සකස් කර බෙදා හරිනු ලැබු “චෞර රැජින” අතිරේකය පිළිබඳව විපක්ෂයට සහාය දක්වන කණ්ඩායම් විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි වාර්තා වේ. මේ සාකච්ඡාවලදී “චෞර රැජින” පුවත් අතිරේකයට එරෙහිව ගත හැකි නීතිමය හා වෙනත් විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.

විස්තර »

 විධායක බලය අහෝසි කිරීම ගැන
සිරිසේනගෙන් වැනෙන කතා

තමන් බලයට පැමිණියහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මුලින් ප්‍රතිඥා දුන් විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා, මෛත්‍රී පාලනයක්... ස්ථාවර රටක්’ යනුවෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මාලාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සෘජු ප්‍රකාශයක් නොකර වැනෙනසුලු ප්‍රකාශයක් කිරීමෙන් ඔහුගේ මූලික ප්‍රතිපත්තිය පාවා දී ඇතැයි නීති අංශ පෙන්වා දෙයි.

විස්තර »

බොරු කියන ‘වෙබ් අඩවි ෆේස් බුක්’ 5000 ක්

පටු අරමුණු ඉටු කර ගැනීම පිණිස ර‍ටේ වැරැදි තොරතුරු ඇතුළත් ව්‍යාජ වෙබ් අඩවි හා ෆේස් බුක් ගිණුම් 5000 ක් පසුගිය සති දෙක ඇතුළත අන්තර්ජාලයට මුදා හැර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා ‘සිළුමිණ’ ට කීය.විදේශ රටවල සිට ක්‍රියාත්මක . . . .

විස්තර »

එජාපය පොදු අපේක්ෂකයා සිංගප්පූරු ක්‍රමයට ගෙනියන්න හදනවා

- ජනපති

එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව, අද පොදු අපේක්ෂකයා සිංගප්පූරු ක්‍රමවේදයකට අනුව ඉදිරියට ගෙන යන්නට උත්සාහ දරන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෙන්වා දෙයි.ත්‍රිකුණාමලයේ සේරුනුවර ප්‍රදේශයේ පසුගිය සිකුරාදා පැවැති ජනහමුවකදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේ කීය.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්