ශිරාණිගේ පැමිණීමෙන් යහපාලනය තහවුරු වෙයි

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට පෙර, ඉකුත් 28 දා යළි රාජකාරි ඇරැඹීම මුළුමනින්ම නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ක්‍රියාවලියක් බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරු ප්‍රමුඛ නීතිඥවරු රැසක් රජයට දැනුම් දී තිබේ. එමෙන්ම මෙම සිදුවීම රටේ යහපාලනය තහවුරු වීමක් හැටියට ද නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන අංශවල කතාබහට ලක්වෙමින් තිබේ.ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කළ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවත් මොහාන් පීරිස් මහතාගේ පත්වීම ඒ අනුව ව්‍යවස්ථා විරෝධී වන බැවින් එම පත්වීම මුල සිටම ශුන්‍ය සහ බල රහිත වූවක් බවත් පසුගිය වසර දෙක පුරාම නීතිඥ සංගමය මඟින් පෙන්වා දෙන ලදී.

විස්තර »

'නිදහස් කඩුල්ල' පනින්න ඕනෙ ඉවසීමෙන්!
ඡායාරූපය - සුදම් ගුණසිංහ

නව අගවිනිසුරු දිවුරුම් දෙයි...

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා සිකුරාදා (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 1952 පෙබරවාරි 29 වැනිදා උපත ලද කේ. ශ්‍රී පවන් මහතා යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය.1974 වසරේ නීති විද්‍යාලයට ඇතුළුව නීතිඥයකු ලෙස සුදුසුකම් ලැබීය. 2007 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙසට පත් කෙ‍රුණු ඒ මහතා 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට පත්කරනු ලැබී ය. 2013 වසරේදී වැඩබලන අගවිනිසුරු ලෙස ද ඔහු කටයුතු කර ඇත.

විස්තර »

ජාතික නිදහස් සමරුව චාම්ව

ජාතික නිදහස් සමරු උලෙළේ 67 වැනි නිදහස් සමරුව ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ලබන 4 වැනිදා පෙරවරු 8 ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. වියදම් අඩු චාම් උත්සවයක් ලෙසින් එහෙත් ජාතියේ අභිමානය හා ප්‍රෞඪත්වය විදහා දක්වන අයුරින් මෙවර ජාතික නිදහස් උලෙළ සංවිධානය කර ඇතැයි ස්වදේශ කටයුතු හා ධීවර ඇමැති ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.

විස්තර »

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි

පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු සිකුරාදා මාධ්‍යයට නිකුත් කෙරිණි. විවිධ හේතු මත මේ ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වූ අතර නව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ ලකුණු නිකුත් කෙරීම කඩිනම් කැරිණ. ඒ අතර රාජකීය විදුහල - 186, කොළඹ ආනන්ද විදුහල - 183, මහනුවර ධර්මරාජ විදුහල - 183, කුරුණෑගල මලියදේව පිරිමි විදුහල - 182, කොළඹ නාලන්දා විදුහල - 181 ද වෙයි.

විස්තර »

ඖෂධ මිල පහළට

දින සියයේ වැඩපිළිවෙළ අනුව ඉදිරි කෙටි කාලය ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිසා ඖෂධ මිල ගණන් බෙහෙවින් පහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ලංකාව තුළ විවිධ වෙළෙඳ නාමවලින් වැඩි මිලට ඖෂධ විකිණීම මේ ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමත් සමඟ අහෝසි වනු ඇත. මේ අනුව අඩු මිලට හොඳ ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්