ජනප්‍රිය පාසල් ක්‍රමය නවතී

ජනප්‍රිය පාසල් ක්‍රමය වෙනුවට රටේ සියලු පාසල් ගුණාත්මකව උසස් පාසල් බවට පත් කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. ගුරුවරු හා මවුපියන් ජනප්‍රිය පාසල් හඹායාම වළක්වා අනාගතයට වැඩදායී අධ්‍යාපනයක් ශිෂ්‍ය පරපුරට ලබාගැනීම වෙනුවෙන් මේ තීරණය ගෙන තිබේ. ඒ සඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘතිය යටතේ අලුතින් ගුරුවරු බඳවා ගැනීමේදී පාසල පිහිටි ප්‍රදේශයට ප්‍රමුඛත්වය ලැබේ.ගුරු හිඟය නැති කිරීමට හා අවශ්‍ය මානව සම්පත් සම්පූර්ණ කිරීමට වහාම පියවර ගන්නා අතර මවුපියන්ගේ මුදල් එකතු කිරීමෙන් හෝ අාදි ශිෂ්‍ය සංගම්වල මැදිහත්වීමෙන් ජනප්‍රිය පාසලක් වීමට අනුබල දෙමින් කෙරෙන භෞතික ඉදිකිරීම් වහාම නතර කෙරේ.

විස්තර »


 ඡන්දෙ කළ හැටි හෙළි වුණාට ගැට තාම ඉතිරියි

ඡායාරූපය - සුදම් ගුණසිංහ

ජනපති බ්‍රිතාන්‍යයේ සංචාරයක

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජනගේ විශේෂ ඇරැයුමක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 7 වැනිදා බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදේ.පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ සභාපතිවරයාද වන ජනාධිපතිතුමා ලන්ඩනයේ දින හතරක කාලයක් ගත කරන අතර මහරැජනගෙන් ජනාධිපතිතුමාට දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමෙනු ඇත.

විස්තර »

හමුදාවේ රැසක් සාම
සාධක හමුදාවට

ශ්‍රී ලංකාවේ හමුදා භටයන් විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්ත කිරීමට හැකි වනු ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සිළුමිණට පැවැසීය.

විස්තර »

 ජනාධිපති ක්‍රමය වෙනස් නොකරන්නැයි කීම භයානක අදහසක්

 - ජනාධිපති නීතීඥ අාචාර්ය ජයම්පති වික්‍රමරත්න

විධායක ජනාධිපති ධුරයහි ඇති ඇතැම් බලතල වෙනස් කිරීමේ පොරොන්දුව දින සියයේ වැඩපිළිවෙළේ ඇති බවත් පසුගිය ජනාධිපතිවරණයේදී පැවැති රජයට එරෙහි සියළු විපක්ෂ දේශපාලන පක්ෂ එකම බලවේගයක් ලෙස එක් කිරීමට හේතු වුයේ එය බවත් එබැවින් මැතිවරණ ක්‍රමයට එකග වෙන තුරු විධායක . . . .

විස්තර »

දින 100

ජනාධිපතිගේ බලතල
අඩුකරන්න ඕනේ නෑ

නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායක

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කරනකොට ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම වගේම ඡන්ද ක්‍රමය වෙනස් කිරීමත් කරන්න වුවමනා නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

පොරොන්දු වූ යෝජනා ඒ
අයුරින් ඉටුකරනවා

රාජිත සේනාරත්න
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති

මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිවරණයේදී රජයට කළ යෝජනා ඒ ආකාරයෙන් ඉටුකර දීමට ඇමැතිවරයකු ලෙස වුවද කටයුතු කරනා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විස්තර »

පන්දහසේ දීමනාව වැටුපට
එකතු කරන සාකච්ඡා

රජයේ සේවකයන්ට පෙබරවාරි මස වැටුපට රජය ලබාදුන් රුපියල් 5000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය හා වැටුප් කොමිෂන් සභාව එක්ව සාකච්ඡා පවත්වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා කීය.

විස්තර »

පිවිතුරු හෙටක් ජාතික සභාවේ
සමුළුව 7 වැනිදා

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ ක්‍රියාකාරිත්වය මඟින් ලබාගත් ජයග්‍රහණය නිවැරැදි දිසාවකට යොමු කිරීම සඳහා වූ විශේෂ ජාතික සමුළුවක් මාර්තු 7 වැනිදා සවස 3 ට රාජගිරිය ගෝතමි පාර සදහම් සෙවණ ආයතනයේදී පැවැත්වේ.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්