විදුලි සංදේශ නියාමන කොමිසමේ මිලියන 620 වංචාව

ඉහළම නිලධාරියෙක් මේ සතියේ අත්අඩංගුවට!

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 620 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධව කටයුතු කළ රජයේ ප්‍රබල නිලධාරියකු මේ සතිය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ මූලිකත්වයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සිදු වූ බව කියන මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එම ආරංචි මාර්ගයන්හි වැඩිදුරටත් සඳහන් වේ.ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන 620 ක මුදලක් ජනාධිපතිවරණ සමයේ ලබාගෙන, එයින් සිල් රෙදි මිල දී ගෙන ජනවාරි 04 වැනිදා පෝ දිනයේ දී රට පුරා පන්සල්වලට බෙදා හැරීමයි. එයට මෙම ප්‍රබල රාජ්‍ය නිලධාරියා නිසි පරිදි අනුමැතියක් නොමැතිව අවසර ලබා දී ඇති බව ඔහුට එරෙහිව නැගී ඇති ප්‍රධානතම චෝදනාවයි.

විස්තර »

කළුගල් අතරේ ඩහදිය මල් පිපුණේ
කම්කරු දෑතින් රට ජාතිය නැඟුණේ

දයා ඩී. ෆොන්සේකා
ඡායාරූපය- සුදම් ගුණසිංහ

‘අමාදහර’ මෙවරත්

ලේක්හවුස් ආයතනය වෙසක් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘අමාදහර’ සදහම් වෙසක් කලාපය ලබන 03 සහ 04 යන දෙදින පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.මේ අනුව ඩිජිටල් පැනල් 12ක ආධාරයෙන් ජාතක කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘ශ්‍රද්ධා’ සක්මන් තොරණ මෙවර අමාදහර වෙසක් සදහම් කලාපයේ සුවිශේෂ අංගයක් වන අතර සක්මන් කරන ආකාරයකින් කතාව ඉදිරිපත් කෙරේ.

විස්තර »

වගා හානි වන්දි මිලියන 800 ක්

කෙතට අරුණ පොහොර සහනාධාරය සමඟ රක්ෂණ ආවරණය යටතේ හානි වූ කුඹුරුවලට ඉදිරි මාස දෙක ඇතුළත රුපියල් මිලියන අටසීයයක මුදලක් ගෙවන බව කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.

විස්තර »

මැයි රැලි හා පෙළපාළි 16 ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය කොළඹ හයිඩ් පිටියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා ලෙස පත් වීමෙන් පසු පවත්වන ප්‍රථම මැයි දින රැලිය මෙයයි.

විස්තර »

19 සම්මත වීම ස්ථිරයි

රටේ ජනතාවගේ බලාපොරොත්තුව වී ඇති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 28 වැනිදා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත වීම ස්ථිර යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය.මේ ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂයේ ද සහාය ලැබෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.හෙට (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන 19 ව්‍යවස්ථා . . . .

විස්තර »

සෑම ප්‍රාදේශීය ලේකම් කලාපයකටම
‘වයි ෆයි’ කලාප බිහිවෙයි

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම වයිෆයි කලාපය බැගින් ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ඒ අනුව ආසියාතික රටවල් අතරින් වැඩිම ප්‍රදේශයක ජනතාවකට නොමිලේ වයිෆයි පහසුකම් ලබාදුන් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.ඉදිරි මාස කීපය ඇතුළත රටපුරා වයිෆයි කලාප 1000 ක් ඇතිකිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

විස්තර »

ස්විස් බැංකු රහස් හොයන්න එරට
විශේෂ නියෝජිතවරියක්

දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ප්‍රබලයන්ගේ අභිරහස් ස්විස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදු කැරෙන විමර්ශනවලට සහය දීම සඳහා ස්විට්සර්ලන්ත රජයෙන් ඉහළ පෙළේ නියෝජිතවරියක මෙරටට එවා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව වංචා දූෂණ විමර්ශන ක්ෂේත්‍රයේ ප්‍රබල අත්දැකීම් ඇති ග්‍රේටා ෆෙනර් මහත්මිය මෙරටට එවීමට එරට රජය කටයුතු කර තිබේ.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්