ව්‍යවස්ථාදායක සභා සාමාජිකයන් පත් කිරීමේ ප්‍රමාදය

මැතිසබය විසිරවීමට බාධාවක්!

ව්‍යවස්ථාදායක සභාවට නම් කෙරෙන නියෝජිතයන් සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ අතර පවතින ප්‍රමාදය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බාධාවක් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.කථානායකවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට අමතරව තවත් මන්ත්‍රීවරුන් සිව්දෙනකු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරනු ඇති අතර, එසේ පත් කෙරෙන මන්ත්‍රීවරුන් කවුරුන් ද යන කරුණ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රධාන පක්ෂ අතරේ කිසිදු එකඟතාවක් නැත.මේ අතර ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රමාදය පිළිබඳව ‘සිළුමිණ’ කළ විමසුමට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එම කටයුතු ක්‍රමානුකූලව සිදු විය යුතු බවයි.

විස්තර »

කරුණාවෙන් සහජීවනය

කරුණාවෙන් සහජීවනය තේමා කර ගනිමින් උතුරේ පැවති පළමු අන්තර්ජාතික බෞද්ධ සමුළුව පසුගිය 20 වැනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. ලංකාවේ මහබෝධි සමාගම හා සර්වෝදය සංවිධානය ප්‍රමුඛව බැංලෝරයේ තෙරුවන් පදනම, ඉන්දියාවේ ත්‍රිපිටක දෙමළ පදනම, චෙන්නායි ධම්ම විජය මහ විහාරය හා ආනන්ද ප්‍රදේශ්හි බෞද්ධ භාරය එක්ව මෙම සමුළුව සංවිධානය කෙරිණි. සිංහල හා දෙමළ ජාතික භික්ෂුන් වහන්සේලා රැසක් මෙම සමුළුවට සහභාගි වූහ. සමුළුවට සහභාගි වූ චෙන්නායි නුවර බෝධිපාල හිමියන් බුද්ධශාසන හා රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතාට තිළිණයක් ප්‍රදානය කරන අයුරු මෙහි දැක්වේ. පුනරුත්ථාපන හා හින්දු කටයුතු ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද මෙහි සිටී.

ලේක්හවුස් මිහින්තලා අලෝක
පූජාව දින 5ක්

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පොසොන් පුර පසළොස්වක පෝ දිනය නිමිත්තෙන් 53 වැනි වරට සංවිධානය කරන ‘ලේක්හවුස් - මිහින්තලා’ ආලෝක පූජාව’ මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ගේ අනුශාසනා පරිදි මෙම 30 දා සිට ජූනි 03   

ිස්තර »

 භාණ්ඩාගාර බැඳුම්කර අක්‍රමිකතා සොයන්න කෝප් කමිටුවක්

මහා භාණ්ඩාගාරයේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ තුන් දෙනකුගෙන් සමන්විත අනුකමිටුවක් පත් කළ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.සියලු පක්ෂ නියෝජනය වන පරිදි කෝප් සභාවේ සාමාජිකයන් තිස් එක් දෙනා අතුරින් මෙම දහතුන් දෙනා තෝරාපත් කැරගෙන ඇත.

විස්තර »

‘කොටි කොඩි’ කතාව නීති විරෝධියි

උතුරේ කොටි කොඩි නැවත ඔසවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 19 දා කඹුරුපිටියේදී කළ ප්‍රකාශය ජනවර්ග අතර විරෝධය සහ මහජන කැලඹිලි ඇති කිරීමට තුඩු දෙන්නක් වන හෙයින් අපරාධ නීතිය යටතේ ඔහුට එරෙහි ව කටයුතු කළ හැකි බවට නීතිවේදීහු පවසති.‘සිළුමිණ’ පුවත්පත, නීතිවේදීන් ගණනාවකින් කළ කරුණු විමසීමේදී මේ බව අනාවරණය විය. බුද්ධි අංශ වාර්තා අනුව එවැනි සිදුවීමක් උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවලින් වාර්තා නොවන  . . . .

ිස්තර »

විශ්‍රාමිකයනට ‘ෆෝ ඉන් වන්’ කාඩ්පතක්

ලබන මස 2 වැනිදා සිට විශ්‍රාම ලබන සියලු රජයේ සේවකයන්ට ‘ෆෝ ඉන් වන්’ (4 in 1) නමින් නව ‘විශ්‍රාම හැඳුනුම්පත් - වීසා’ කාඩ් පතක් ලබාදෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ‘සිළුමිණ’ ට කීය.මේ කාඩ් පත ක්‍රෙඩිට් කාඩ් පතක් ලෙස භාවිත කළ හැකි අතර, එමඟින් විශ්‍රාමිකයාට අයත් සියලු වරප්‍රසාද ලබාගත හැක. මේ කාඩ්පත භාවිතකොට ඔසු සල මඟින් ඖෂධ ලබා ගැනීමේදී වට්ටම් ලබාගැනීමට හැකියාව ලැබෙන බවද හෙට්ටිආරච්චි මහතා කීය.

විස්තර »

රාජ්‍ය සේවය ‘ඔබේ සේවයට කැපවෙයි’

රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු හා සියලු ම රාජ්‍ය ආයතන මහජනතාව සමඟ සිදුකරන ලිපිගනු දෙනුවලදී ‘ඔබේ සේවය සඳහා කැපවූ’ යන පාඨය ලිපිය අවසානයේ සටහන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන ‍අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් මගින් දැනුම් දෙයි‍.රාජ්‍ය පරිපාලන පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා විසින් මේ චක්‍රලේඛය නිකුත් කර තිබේ. මහජන පැමිණිලි සහ දුක් ගැනවිලි සොයා බලා කඩිනමින් විසඳුම් ලබාදීම පිණිස සෑම රාජ්‍ය ආයතනයකට විශේෂ නිලධාරියකු පත් කිරීමටත් . . .  .

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්