මැතිවරණයෙන් පසු රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනවාද?

දෙමළ සන්ධානය සමඟ ඩයස්පෝරාව මත ගැටුමක

එළඹෙන මහ මැතිවරණයෙන් පසු දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂය හා දෙමළ ඩයස්පෝරාව අතර දැඩි මත ගැටුමක් උද්ගතව තිබේ.මහ මැතිවරණයෙන් අනතුරුව පත්වන රජයට කිසිදු සහයෝගයක් දෙමළ ජාතික සන්ධානය නොදැක්විය යුතු බවත් යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තුළ සිට රජයට බලපෑමක් කළ යුතු බවත් දෙමළ ඩයස්පෝරාවේ මතය වී තිබේ.එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ මතය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කොට තම ප්‍රශ්න විසඳාගත යුතු ‍බවයි.

විස්තර »

මැතිවරණය කඳුළු සලන්නද?

පසුගිය සිකුරාදා කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය කාන්තාවගේ දියණිය, ඇගේ ආච්චි අම්මා සමඟ වැලැපෙන අයුරු. කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරග වදින මුදල් ඇමැති රවී කරුණානායක මහතා‍ගේ ආධාරකරුවන් පිරිසක් ප්‍රචාරණ කටයුතුවල නියැළෙමින් සිටියදී මේ වෙඩි තැබීම සිදු වී ඇත. ඡායාරූපය - සුදත් මලවීර
 

ගිනි අවුළුවන ප්‍රකාශවලින් වළකින්න!

- මැතිවරණ කොමසාරිස්

වෛරී ප්‍රකාශ හා ජාතීන් අතර හෝ ආගමික කණ්ඩායම් අතර වෛරී සහගත හැසිරීම්වලට පොලඹවන කතා මැතිවරණ වේදිකාවේ දී කරන්න එපා” යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.ඡන්ද දායකයාට ඡන්දය වෙනුවෙන් අයුතු බලපෑම් කිරීම අල්ලස් ලබාදීම හොර ඡන්දදීම, සංග්‍රහ කිරීම ඡන්ද වැරැදි ලෙස සැලකේ.

මොනරාගලත් දිනා මැතිවරණයත් දිනනවා

 - සුමේධා ජී. ජයසේන

තම නායකත්වයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂක කණ්ඩායම මොනරාගල දිස්ත්‍රික්කය දිනා මෙවර මහ මැතිවරණයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායිකා සහ හිටපු පාර්ලිමේන්තු කටයුතු බාර ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය ‘සිළුමිණ’ ට පැවසුවාය..

 විස්තර »

ජනවාරි 8 විප්ලවය ආපසු හරවන්න දෙන්නෙ නෑ

 - සාගල රත්නායක

නොයෙකුත් බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව රවටන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය බොළඳ වෑයමක නිරතව සිටින නමුත් හරි දේ තේරුම් ගන්නා ජනතාව මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් අත්කර දෙන බව විශ්වාස යයි මාතර දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂක සාගල රත්නායක මහතා පැවසීය.ජනවාරි 8 වැනිදා සිදුකළ නිහඬ විප්ලවයෙන් පසු ජනතාවගේ . . . .

විස්තර »

විභාග ශාලා අවට ඡන්ද කලබල එපා!

 - විභාග කොමසාරිස්

රත්නපුර මහ මැතිවරණ ඡන්ද උණුසුම මැද්දේ අගෝස්තු 4 වැනිදා අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ වන නිසා විභාග අපේක්ෂකයන් ගැන සිතා ඔවුන්ට බාධා නොවෙන ආකාරයට විභාග මධ්‍යස්ථාන අවට මැතිවරණ කටයුතුවල නියැළෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්