විපක්ෂ නායක සහ නියෝජ්‍ය කථානායක ධුර ගැන

අවසන් තීරණය ජනපති අතේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලය පැවැරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව සිකුරාදා සවස තීරණය කළේය.කෙසේ වුවත් විපක්ෂ නායකවරයා පත් කිරීම සම්බන්ධයෙන් හැකියාව ඇත්තේ කුමන පක්ෂයටදැයි යන්න තවමත් ගැටලුවක්ව පවතී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය නොකිරීමත්, සියලු ශ්‍රී ල නි ප මන්ත්‍රිවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කොට පාර්ලිමේන්තුවට පැමිණීමත් එයට හේතුව වී තිබේ.මේ අනුව විපක්ෂ නායක ධුරය සඳහා අපේක්ෂකයකු නම් කිරීමේ අවස්ථාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයට හිමි වනු ඇත.

විස්තර »

සම්මුතියක අරුණෝදය...

 අවතැන් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාම්පූර් ගිය අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පිළිගනු ලැබු අවස්ථාව. ඡායාරූපය - සුදත් සිල්වා
 

ජනපති ජන්ම දින ආශීර්වාද පින්කම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන්ම දිනය සැප්තැම්බර් 3 වැනි දිනට යෙදී ඇත.ජනාධිපතිතුමාට සුබ පතා සැප්තැම්බර් 2 වැනිදා පෙරවරු 7 සෝමාවතී සෑ රදුන් අබියසදී විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වේ.මෙදිනම පෙරවරු 10ට පොලොන්නරුව ගල් විහාරය රන්කොත් . . . .

විස්තර »

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය
ජනපති ඉදිරිපත් කරයි

යහපාලන වැඩසටහන ශක්තිමත් කෙරෙන ආකාරය හා රටට සංවර්ධනය උදා කරමින් ජාතීන් අතර සහජීවනය ඇති කරන ආකාරය රටට හෙළි කරන නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සැප්තැම්බර් 01 වැනිදා මංගල සැසිවාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුව පාර්ලිමේන්තුව නි‍යෝජනය කරන තවත් පක්ෂ හා මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිව ජාතික . . . .

 විස්තර »

අල්ලස් කොමිසමට පණ දෙයි

දැනට අකර්මණ්‍ය වී ඇති බවට චෝදනා නැ‍ඟෙන අල්ලස් ‍හෝ දූෂණ ‍චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන් අලුතින් පත්කොට එම කොමිසම සක්‍රීය කිරීමට නව පාර්ලිමේන්තුව රැස්වී සති දෙකක් තුළ පියවර ගැනීමට රජය කටයුතු කරගෙන යයි.අල්ලස් කොමිසම අක්‍රීයව දූෂණ යට ගැසීම් සිදු වන බවට එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ද . . . . .

විස්තර »

ආරක්ෂක සමුළුවට රටවල් 75ක්

ගෝලීය අභියෝග අබියස ජාතික ආරක්ෂාව යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන ආරක්ෂක සමුළුවට රටවල් හැත්තෑ පහකට පමණ ආරාධනා කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.සැප්තැම්බර් මස 1 සහ 2 දිනයන්හිදී කොළඹ ගලදාරි හෝටලයේදී මේ සමුළුව පැවැත්වීමට නියමිතය. සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ කරුණු පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමය.

විස්තර »

මණ්ඩලේ වී 50 යි ගොවීන්ට 25ක්වත් නෑ

වී අලෙවි මණ්ඩලය ස්ථාන 177කදී වී කිලෝවක් රුපියල් 50 ගණනේ මිල දී ගන්නා බවත් වී මිලදී ගැනීමට රජය රුපියල් කෝටි 600 ක් ලබා දී ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පවසයි.මීට අමතරව ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි වී මිල දී ගැනීමට අවශ්‍ය තවත් මුදල් ලබාදීමට භාණ්ඩාගාරය සූදානම් බවත් සභාපතිවරයා පවසයි.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්