සිසිලියා රට ගියේ හොර පාස්පෝට් එකකින්ද?

රහස් පොලීසිය පරීක්ෂණ අරඹයි

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ අධ්‍යක්ෂිකාවක මෙන්ම එම සමාගමේ අයිතිකාර ලලිත් කොතලාවල මහතාගේ බිරිය වන සිසිලි කොතලාවල මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය මඟින් තහනම් කර තිබියදී ඇය රටින් පිටවූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් රහස් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සිසිලියා කොතලාවල ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් පලා ගියා ද? නැතහොත් ඇයට හොර රහසේ මෙරටින් පලා යෑමට උදවු ලැබුණා ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු වෙයි. 2012 මාර්තු මාසයේ 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ඇය මෙරටින් පලා ගොස් එංගලන්තයේ වාසය කරන බවට රහස් පොලීසියට තොරතුරු ලැබී තිබිණි. එහෙත් ඇය රටින් පිටව ගොස් තිබුණේ කුමන විදේශ ගමන් බලපත්‍රයකින් ද යන්න හෙළි වී නොතිබිණි. ඒ අනුව සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට අධිකරණය අන්තර්ජාතික පොලීසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි. සිසිලියා කොතලාවල මහත්මිය පසුගිය දා (4) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇයගේ නියම විදෙස් ගමන් බලපත්‍රයෙන් මෙරටට පැමිණෙද්දීය.

විස්තර »

 

නිදහස් උළෙලට සපැමිණි ජනාධිපතිතුමා
අගමැතිතුමන් විසින් පිළිගනු ලබයි.

 

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

මිලියන 90ක් වටිනා බසයක්
යෝෂිතගේ නමට මුදාහැරලා

විද්යුත් තැපෑල ඔස්සේ තොරතුරු රැසක්
හෙළි වෙයි

සී. එස්. එන්. රූපවාහිනී නාළිකාවට අයත් රුපියල් මිලියන 90ක් වටිනා බස් රථයක් යෝෂිත රාජපක්ෂ මහතාගේ නමට පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා රේගුව විසින් මුදාහැර ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

විස්තර »

ආණ්ඩු පක්ෂය

විනිසුරුවන්ට - පොලිසියට ටෙලිෆෝන් කෝල් දැන් එන්නේ නැහැ

- ගම්පහ එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ අධිකරණයේ ස්වාධීනත්වය ගරුත්වය ආරක්ෂා වී තිබෙන බවත් පොලිසිය නිර්දේශපාලනීකරණය වී තිබෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි. අද රටේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වී ඇති බව පැහැදිලියි. රාජක්ෂ ආණ්ඩුව කාලයේ වගේ අරලියගහ මන්දි‍රයේ ඉඳලා අධිකරණයට බලපෑම් කිරීම්,

විස්තර »

විපක්ෂය

රජය නීතියේ ආධිපත්‍යය ගැන ජනතා විශ්වාසය තහවුරු කළ යුතුයි

- ගාල්ල එජනිස මන්ත්‍රී රමේෂ් පතිරණ

රටේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධව ජනතාවගේ විශ්වාසය පලුදු වී තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සිදුවීම සහ ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හැසිරුණු ආකාරය පරස්පරයි. හෝමාගම අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ඇති වූ සිදුවීම වැළැක්විය නොහැකියි . . . .

විස්තර »

 
 

 

 
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්