උසස් පෙළට අලුත් නීතියක්

වැරැදි කළොත් වසර පහකට සියලු විභාග තහනම්

මෙවර පැවැත්වෙන අපොස (උසස් පෙළ) විභාගයේදි විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන, ස්මාර්ට් වොච් ඇතුළු විද්්‍යුත් උපකරණ ළඟ තබා ගෙන අසු වුව හොත් වසර පහකට විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වෙන සියලු විභාග තහනම් කිරීමේ නව නීතියක් ගෙනෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සිළුමිණට පැවසී ය. මේ නව නීතිය මෙවර අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සිට තදින්ම ක්‍රියාත්මක වෙයි. ජංගම දුරකතන, ස්මාර්ට් වොච්, ගණක යන්ත්‍ර, බ්ලුටූත් වැනි උපකරණ විභාග ශාලාවට ගෙන යෑම මිට පෙරද තහනම් වූ අතර, ඒ සඳහා වු මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ මෙවර සිටය. යම් අපේක්ෂකයකු වරදකරුවකු වුව හොත් ඔහුට හෝ ඇයට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලු විභාග වසර පහක් තුළ තහනමට ලක්වීම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

විස්තර »

රටක් අවදි කරන නිල් දියවර

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උනන්දුව මත දැන් ඉදිකිරීම් වේගවත් කර ඇති මෙරට විශාලතම කෘෂිකර්ම ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමයේ මොරගහකන්ද සදැලි වේල්ලේ ඉදිකිරීම් සියයට 80ක් අවසන් වී ඇති අයුරු.

 

සේයාරූ -  සුදම් ගුණසිංහ

වැඩ නොකරන සංවිධායකවරු පමණක් ඉවතට

එජනිස මහ ලේකම් මහින්ද අමරවීර

මහින්ද රාජපක්ෂට හිතවත් ශ්‍රී‍.ල.නි.ප ආසන සංවිධායකවරුන් ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තීන්දු කර ඇති බවට පැතිරෙන කතාව සත්‍යයෙන් තොර බව එ.ජ.නි.ස මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සිළුමිණ කළ විමසීමකදි පැවසීය.

විස්තර »

හානි වූ නිවාස දෙදහසකට මිලියන 1100 ක්

සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරියෑමෙන් හානියට පත්වූ නිවාස හා කඩ සාප්පු වෙනුවෙන් රුපියල් මිලියන 1197ක වන්දි මුදලක් නිවාස 2031ක් වෙනුවෙන් කඩිනමින් ගෙවීමට රජය සූදානම් බව ආපදා හා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සිළුමිණට පැවසීය. මේ වන විට පිපිරීමෙන් වූ හානිය තක්සේරු කර ඇති අතර එම තක්සේරු කිරීම්වලට අනුව රුපියල් බිලියන 1‍.7ක හානියක් සිදුව ඇතැයි වාර්තා වෙයි. මේ සඳහා වූ වන්දි මුදල් ගෙවීමේ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින අතර, තක්සේරු වටිනාකම අනුව වන්දි ප්‍රදානය කිරිම් කඩිනමින් සිදුවේ. ඒ අනුව නිවාස 1404කට රුපියල් ලක්ෂය දක්වා වූ වන්දි මුදලක්ද, නිවාස 390ක් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් මිලියනය දක්වා වූ වන්දි මුදලක්ද, නිවාස 237කට රුපියල් මිලියනයකට වඩා වැඩි වන්දි මුදලක්ද ප්‍රදානය කිරීමට නියමිතය.

විස්තර »

කළුගඟ මහ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම
ජනපති ප්‍රධානත්වයෙන් හෙට

මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය යෝජනා ක්‍රමය වන මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළුගඟ මහ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම 25 වැනිදා හෙට පෙරවරු 9.30ට යෙදෙන සුබ මොහොතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

විස්තර »

පොලිසියේ දසදහසකට උසස්වීම්

පොලිස් නිලධාරීන් 10000කට එකවර උසස්වීම් නිර්දේශ කර ඇතැයි පොලිස් කොමිසමේ ලේකම් එන්. ආරියදාස කුරේ මහතා සිළුමිණට කීය. මාස තුනක පමණ කාලයක් ඇතුළත මේ උසස්වීම් ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්, අයැදුම්පත් කැඳවා සම්මුඛ පරීක්්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට දන්වා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

විස්තර »

මඟීන් 25%ක් බස්වලින් ඉවත් වෙලා

බස් රථවල ගමන් ගන්නා මඟීන් ප්‍රමාණය 25%කින් අඩු වී ඇතැයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා සිළුමිණට පැවසීය. 2008 වසරේදී මුළු මඟීන් ප්‍රමාණයෙන් 65%ක් බස් මඟීන් වුවත්, 2016 වන විට ඒ ප්‍රතිශතය 40%ක් දක්වා අඩු වී ඇතැයිද  පෙන්වා දුන් සභාපතිවරයා බස් රථවල ගුණාත්මක බව පිරිහීම හා පෞද්ගලික බස් රථ අතර මඟ බොහෝ වේලා නවතාගෙන සිටීම නිසා මඟීන් මෙසේ බස්රථවලින් ගමන් කිරීමෙන් ඉවත්ව, පෞද්ගලික වාහන කෙරෙහි ඇදී ගොස් ඇතැයි කීය.

විස්තර »

‘බරවා’ තුරන් කරයි

අග්නිදිග ආසියාවේ බරවා රෝගය තුරන් කළ දෙවැනි රට ලෙස ශ්‍රී ලංකාව පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ වෙනුවෙන් පිරිනමනු ලබන සහතිකය එම සංවිධානයේ  ආසියා කලාපීය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පූනම් කෙනුපාල් සිං මහත්මිය පසුගිය දා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත ප්‍රදානය කළාය.  බරවා රෝගය බෝ කරන ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාව සියයට එකකට වඩා අඩුවීම, සාර්ථක ආවේක්ෂණ හා ප්‍රතිකාර වැඩසටහන හා බරවා රෝගය මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයෙහි සහ ජනතාවගේ පූර්ණ දායකත්වය මේ සහතිකය පිරිනැමීම සඳහා හේතු වූ බව පූනම් කෙනුපාල් සිං මහත්මිය මෙහිදී පැවැසුවාය.

විස්තර »

 
 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්