ජාතික ආරක්ෂාවට මුවා වී දඬුවම් බෑ

කොමිසමෙන් පොලිසියට උපදෙස්

අත් අඩංගුවට ගන්නා කිසිදු පුද්ගලයකුට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම, යුද තත්ත්වයක් මත, යන කවර හේතුවක් නිසාවත් කිසිදු දඬුවමකට යටත් කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බව පොලිස් කොමිසම විසින් ආචාර ධර්ම පද්ධතිය මඟින් අවධාරණය කර ඇත. පොලිස් නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියේ ‍එසේ විශේෂිත ලෙසින් මේ පිළිබඳව කරුණු දක්වා ඇති අතර, සැකකරුවන්ට දේශපාලන අස්ථාවර භාවයන් මත පිහිටා හෝ හදිසි තත්ත්වයක් වැනි විශේෂිත කරුණු මත හෝ එවන් දඬුවම් කිසිසේත්ම නොකළ යුතු යැයි ද මෙමඟින් අවධාරණය කර ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩම්තේට්ටම් කිරීමට පොලිසියට බලයක් නොමැති බව පෙන්වා දෙන එම ආචාර ධර්ම පද්ධතිය පෙන්වා දෙන්නේ පොලිසියට කිසිදු අධිකරණ බලයක් පවරා නොමැති බවයි.

විස්තර »

මිහිතලය දිනූ ලක් කත

එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාල මෙනෙවිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපති තනතුරින් පිදුම් ලැබූ අවස්ථාව
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

 

දිනකට අලුත් වාහන 1858ක් මහ පාරට

දිනකට වාහන 1858ක් අලුතින් මහා මාර්ගයට එකතු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේදී පමණක් අලුතින් වාහන 668907ක් ලියාපදිංචි කර ඇත. මේ අතුරින් මෝටර් රථ 105628ක්, ත්‍රිරෝද රථ 129547ක්, යතුරුපැදි 370889ක්, මෝටර් කෝච් 4140ක්, කැබ් රථ 26899ක්, ද්විත්ව-කාර්ය වාහන 12557ක්, ලොරි රථ 5356ක් හා ට්රැක්ටර් 9977ක් ලියාපදිංචි කර තිබේ. ඒ අනුව මාසයකට ආසන්න වශයෙන් වාහන 55742ක් ලියාපදිංචි කර ඇත.

විස්තර »

අපිරිසුදු ආහාර තොග සොයා වැටලීම් දිගටම

ස්ථාන 14500ක තිබූ ආහාර විනාශ කෙෙර්

ජාතික ආහාර සුරක්ෂිතතා සතිය වෙනුවෙන් රටපුරා ඇති සෞඛ්‍යයට අහිතකර ආහාර හා පාන වර්ග විකුණන වෙළෙඳ සල් වටලන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ යටතේ විශේෂයෙන් අලුතින් නියම කළ, පාන වර්ගවල ඇති සීනි ප්‍රමාණය පෙන්විය යුතු වර්ණ කේත අංකන ක්‍රමය සඳහන් නොවූ පාන වර්ග හා සිසිල් බීම විකුණන වෙළෙඳසල්ද වැටලීම් ආරම්භ කර ඇත.

විස්තර »

ශ්‍රීලනිප 65 වැනි සංවත්සරය සැප්. 04 දා කුරුණෑගලදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි මහ සංවත්සර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ලබන මස 04 වැනි දින කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී අභිමානවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. මේ සඳහා සහභාගි වීමට දැනටමත් සියලු පළාත්වල නිදහස් පාක්ෂිකයන් සූදානම්ව ඇති බව සඳහන් කරන ඇමැතිවරයා ක්‍රියාකාරීව කටයුතු කරන නව සංවිධායකවරුන්ගේ සංවිධානයෙන් උතුරු-නැඟෙනහිර පළාත් ඇතුළු සියලු පළාත්වල ජනතාව මේ සඳහා පෙළගැසෙන බවත් ප්‍රකාශ කරයි.

විස්තර »

සම්මේලනයට යනවාද - නැද්ද? ඒකාබද්ධ විපක්ෂයේ තාම තීන්දුවක් නෑ!

ඩලස් අලහප්පෙරුම

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයට සහභාගි වනවාද - නැද්ද යන්න තවම නිශ්චිත ලෙස කණ්ඩායමක් වශයෙන් තීන්දු කොට නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක මාතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ සිටින සියලු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සිය ආසන බලමණ්ඩල කැඳවා, 65 වන සම්මේලනයට...................

විස්තර »

රිවිර හිටපු කර්තෘට පහරදුන් සැකකරු හඳුනා ගැනේ

රිවිර හා දිවයින පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත භාරයේ සිටින හමුදා සාජන් මේජර් වරයා පසුගිය සිකුරාදා පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවෝ දෙදෙනෙක් හඳුනා ගනු ලැබූහ. මෙහි සැකකරු වූයේ ප්‍රේම් ආනන්ද උදුලාගම නමැත්තෙකි. මෙම සැකකරු හඳුනාගැනීමට සාක්ෂිකරුවන් තිදෙනකු ඉදිරිපත් කර තිබූ අතර උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිය වූ ධම්මිකා මල්කාන්ති තෙන්නකෝන් සැකකරුව හඳුනා ගත්හ. හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්වූවේ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා විසිනි. සැකකරුව පසුව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වෙත...................

විස්තර »

උතුරේ මාර්ග හදන්න ආසියානු බැංකු සහාය

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 3363ක වියදමින් උතුරු පළාත් මාර්ග සංවර්ධනයට පියවර ගෙන ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යා‍ංශය පවසයි. උතුරු පළාත් මාර්ග සම්බන්ධ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරෙන මෙම මාර්ග සංවර්ධන කටයුතු සඳහා වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි පළාත් සභාවට අයත් මාර්ග තෝරා ගෙන ඇත. ඒ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 82 ක් ද , මන්නාරම දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 71 ක් ද ලෙස මාර්ග සංවර්ධනයට නියමිත ය.

විස්තර »

 
 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්