රාජ්‍ය සේවකයන් ලක්ෂ 14කට සහන දෙන්න

වැටුප් කොමිසම ස්ථාවර වෙයි

ලක්ෂ දාහතරක් වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, උසස්වීම් ඇතුළු මූලික ගැටලු ගණනාවකට සෙත සැලසෙන ස්ථාවර වැටුප් කොමිසන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කරයි. ලබන ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කොමිසම පිහිටුවන්නට තීරණය කර ඇත. දැනට වසර තුනකට කාලසීමාවකට පමණක් සීමා කොට ඇති කොමිසම මේ අනුව ස්ථාවර කොමිසමක් බවට පත් කෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය සඳහා දැනට මෙහි කෙටුම්පත් යොමු කොට ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් සිළුමිණට පැවසීය. මෙතෙක් පැවැති තාවකාලික කොමිසමකින් ගැටලු සම්බන්ධයෙන් නිසි විසැඳුම් දීමට හැකියාවක් නැති බවද හෙතෙම කියයි.

විස්තර »

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, දිනේෂ් ගුණවර්ධන මහත්ම මහත්මීන් මේ සුහද කතා බහේ නිරත වන්නේ අසහාය කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ ගුණ සමරු උත්සව අවස්ථාවේදීය. මෙම ගුණ සමරු උ‍ෙලළ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනපති මන්දිරයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු අමුත්තෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් මලවීර

බෝගම්බර කන කන්නා කවුද?

බෝගම්බර බන්ධනාගාරයේ පාලනය සිදු වන්නේ එහි සිරකරුවකුව දඬුවම් විඳින ‘කන්නා‘ නමැති පුද්ගලයාගේ අනුදැනුම ඇතිව බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. කන්නාගේ ක්‍රියාපටිපාටිය කෙරෙහි එහි බන්ධනාගාර අධිකාරිවරයාද නිද්‍රාශීලි පිළිවෙතක සිට කටයුතු කිරීම පුදුම සහගත බව ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේ සිර දඬුවම් විඳින මේ පුද්ගලයා ඉතා ජයටම බන්ධනාගාරය තුළද මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන බවත්, මෙසේ තම අ‍ණසක යටතේ බන්ධනාගාරයේ හැසිරෙන ‘කන්නා‘ ඇතුළු තවත් සිරකරුවන් කීප දෙනකුම අමුත්තන් මුණගැසෙන්නේද බන්ධනාගාර අධිකාරිවරයාගේ නිල කාමරයේදී බවත් පැවසේ.

විස්තර »

බලධාරීන් මුනිවත රකිද්දී කිලිනොච්චි වන බිම් පණ අදී

කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරී හිඟයත්, අවි ආයුධ ප්‍රමාණවත්ව නොමැතිකමත්, බලධාරීන්ගේ නිහඬ බවත් හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයන්හි දැවැන්ත වන විනාශයක් සිදු වෙමින් පවතී. කිලිනොච්චි, මුක්කම්පන් සහ අරසපුරම් කැලෑ ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර 12කට අධික ප්‍රමාණයක මෙලෙස දැවැන්ත වන විනාශයක් සිදු වෙමින් පවතින බව කිලිනොච්චිය ප්‍රදේශය භාර ආඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේන මහතා පෙන්වා දෙයි.  ඔහු අනාවරණය කළේ . . . .

විස්තර »

මේ අන්තිම බස් එක

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

ජාතික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒමට, ජාතික ඒකාබද්ධතාවක් ඇතිකිරීමට අත්‍යවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට මේ පාර්ලිමේන්තුව අවංකව මැදිහත් වන්නේ කවදාදැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රශ්න කළේය. පසුගිය සන්ධාන ආණ්ඩු සමයේ ඒ සඳහා උපදේශක කාරක සභාවක් ස්ථාපනය කළද ඊට එක්සත් ජාතික පක්ෂය මෙන්ම සෙසු පක්ෂද සහභාගී නොවුණ බව අමාත්‍යවරයා පැවසීය. බණ්ඩාරනායක, චෙල්වනායගම් යුගයේද ඊට උත්සාහ කළද ඒ සඳහා එජාපය සහය නොදුන්නා සේම ඩඩ්ලි සේනානායක යුගයේදී ශ්‍රීලනිපය සහය නොදුන් බවද හෙතෙම අවධාරණය කළේය.

විස්තර »

වර්ජන දිනයේ ලංගම 20කට ගහලා

පසුගිය 2 වැනිදා පෞද්ගලික බස් රථ වර්ජනය පැවැති අවස්ථාවේදී ධාවනය කරන ලද ලංගම බස් රථ 20කට අධික සංඛ්‍යාවකට පහර දී අලාභ හානි සිදු කර ඇතැයි ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා සිළුමිණට කීය. මේ සියලු සිදුවීම් වාර්තා වූ සැණින් පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පෞද්ගලිකවම තමා පැමිණිලි කළ බවත් රජයේ දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.

විස්තර »

දූෂණයට 10යි අල්ලසට 7යි

දූෂණ වංචා පිළිබඳව නඩුවලදී වරදකරු වන අයට අවුරුදු 10ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂය දක්වා දඩයක් නියම කළ හැකි බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පවසයි. එසේම අල්ලසක් ගැනීමේ වරදට අවුරුදු 7ක් දක්වා සිර දඬුවමක් හා රුපියල් 5000 දක්වා දඩයක් ද නියම කළ හැකිය. එසේම අල්ලස් ලෙස ගත් මුදල ද ආපසු අය කරගත හැකිය. මේ අතර ඉහත අල්ලස් ගැනීමේ වරදට වරදකරු වන අයට වසර 7ක් යනතුරු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. වසර 5ක් යනතුරු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වීමට ද නොහැකිය.

විස්තර »
 

 
 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්