හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

පේදුරුතුඩුවේ වැලි නිධි ඉවරයි

ගසා කෑ මුදල මිලියන 1000 ක්

පේදුරුතුඩුව වෙරළ තීරයේ වැලි නිධි අනවසරයෙන් විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ. පසුගිය රජයේ ඇමැතිවරයකුව සිටි ප්‍රබල දේශපාලනඥයකු විසින් මේ ජාවාරම මෙහෙයවා ඇති අතර, එමඟින් අයථා ලෙස උපයාගෙන ඇති මුදල රුපියල් මිලියන 1000කට අධික බව වාර්තා වී තිබේ. පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පූබාලසිංහම් සජීවන් මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇත. වැලි ලබාගැනීම හා අලෙවිය සඳහා භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙන් අවසර ගත යුතු අතර, ඊට අමතරව වෙරළ සම්බන්ධ අවස්ථාවලදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද අවසර ගත යුතු වේ. එසේම අදාළ ප්‍රාදේශීය සභාවෙන් වැලි ප්‍රවාහනය සඳහා අවසර පත්‍රයක්ද ගත යුතුය.

විස්තර »

මාමගච්චත් කොදෙව්... ආයුබෝවන් ජනපතිතුමනි !

ව්‍යවස්ථා සම්පාදනයට අතුරු කෙටුම්පතක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අතුරු වාර්තාවක් කෙටුම්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව තීරණය කර තිබේ. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අනුකමිටු 06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍ළේ වාර්තා 06 පිළිබඳව හෙට (09) සිට දින 03 ක් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද මෙහෙයුම් අතුරු වාර්තාවක් නැතිව නව ව්‍යවස්ථාව පිළිබඳව . . .

විස්තර »

බණ්ඩාරනායක ජන්ම දින පින්කම් අද

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද (08) කොළඹ ජනාධිපති මන්දිරයේදී මහා සංඝ රත්නය 1500 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත මේ පින්කම සංවිධාන කර තිබේ.

තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික සම්භාවනාව අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ‘තිරසර යුගයක තෙවසර ඇරඹුම’ ජාතික සම්භාවනාව අද (08) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 2017 වසර දිළිඳුකමින් තොර රටක් බිහි කිරීමේ ජාතික වැඩපිළ‍ිවෙළ මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ.

විස්තර »

හොරෙන් මූදු ආවොත් දඩය‍ කෝටි 17.5යි!

මුහුදු නීතිය උල්ලංඝනය කරමින් මෙරටට ඇතුළු වන විදේශ යාත්‍රා සඳහා රුපියල් මිලියන 175ක දඩයක් මේ වසරේ සිට පැනවීමට ධීවර අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටියි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසුවේ මේ සඳහා අප සතු අන්තර්ජාතික ධීවර පනත සංශෝධනය කෙරෙන බවයි. ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර, ධීවර මෙන්ම නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පත් කෙරෙන බවද ඇමැතිවරයා කියයි. අන්තර්ජාතික ධීවර පනත අනුව මෙරටට ඇතුළු වන විදේශ යාත්‍රාවකට මෙතෙක් පැනවූ දඩය රුපියල් මිලියන 03කි. යාත්‍රාව වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම පුද්ගලයකුට මේ දඩ මුදල ගෙවා යාත්‍රාව රැගෙන යා හැකි වෙයි.

විස්තර »

ITN වැඩ ඉර එළියෙන්

දකුණු ආසියාවේ ප්‍රථම වරට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මහා පරිමාණ විද්යුත් මාධ්‍ය ජාලය බවට අයිටී‍එන් ආයතනය පත් කරමින් එහි විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණයෙන් සූර්ය කෝෂ මඟින් ලබා ගැනීමේ පළමු අදියර පසුගිය සිකුරාදා ආරම්භ විය. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සහ අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී අබාන් පෙස්ටොන්ජි මහත්මිය ඒ සඳහා අදාළ ගිවිසුමට අස්සන් තැබූහ.

විස්තර »

පොලිස්පතිට පරිස්සම මතක් වෙයි

කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් වාහනයක් නතර කරන්නේ නම් එම ක්‍රියාවෙන් අනතුරුව “පරිස්සමෙන් ගිහින් එන්න” යන්න භාවිත කරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී ඇත. බොහොමයක් නිලධාරීන් මහජනයා සමඟ කතාබස් කිරීමේදී ඇතිකරගන්නා ගැටලු තත්ත්වයන් හේතුකොටගෙන පොලිස්පතිවරයා මෙලෙස සිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

විස්තර »
 

අන්තිම ගමත් එළිය වෙයි

ආසියාවේ පැය 24ම රටපුරා විදුලිය බලය සපයන පළමු රට ලෙස හෙට (09) දින ශ්‍රී ලංකාව පත්වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. හෙට ලංකාගමදී දුෂ්කර ගම්මාන සඳහා විදුලිය බලය සපයා දීමත් සමඟ මෙරට විදුලිය බලයෙන් 100%ක්ම සම්පූර්ණ වන බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සිළුමිණට කීය‍. අඩු ආදායම්ලාභී පවුල් 265000ක් සඳහා අවසන් අදියරේදී විදුලිය බලය සපයා දී ඇති අතර එම පවුල් සඳහා රුපියල් 40000.00ක ණය ආධාරයක්ද විදුලිය බලය ලබා ගැනීම පිණිස ලබා දී ඇත.
 

 
 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්