හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

යහපාලනය පෙරළීම සිහිනයක්

යහපාලනය පෙරළීම සිහිනයක්

- ප්‍රසන්න සෝලංග ආරච්චි

විරුද්ධවාදීන් කුමන අන්දමේ කුමන්ත්‍රණ කළත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් හොඳ අවබෝධයකින් කටයුතු කිරීම නිසා මෙම වකවානුව තුළ කිසිවෙකුටත් මේ රජය පෙරළා දැමීමට නොහැකි බව ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ හා කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ යහපාලන රජයට වසර 3ක් පිරීම නිමිතිකොට තලවතු‍ගොඩ ග්‍රෑන්ඩ් මොනාරිච් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය හමු­ෙව්දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝලංග ආරච්චි මහතා මෙසේ ද කීවේය.

“මේ ආණ්ඩුව දිවි පරදුවට තියලා අපි හදාගත්තේ රාජපක්ෂවරුන් ආයිමත් මේ රටේ නායකත්වයට ගේන්න නොවෙයි. කවුරුන් ‍හරි එහෙම දෙයක් හිතනවා නම් අපි ඒගොල්ලන්ට කියන්න කැමතියි ඒක මේ ආත්මෙට කෙරෙන දෙයක් නොවෙයි කියන එක. ඒ තරමට ම ඔය කියන රාජපක්ෂ සහෝදර සමාගම් නම රට තුළ පිරිහීමකට ලක්වෙලයි තියෙන්නේ.

රාජපක්ෂලා එදා කතා කළේ ලක්ෂ 58ක ඡන්ද ඒගොල්ලන්ට ලැබුණා කියන එක ගැනයි, මම කියන්න කැමතියි ඒ ඡන්ද ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු මහින්ද රාජපක්ෂට මිස රාජපක්ෂ පවුලට නොවෙයි කියන එක. අනික අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. පවතින රජයේ අඩුපාඩු තිබෙන්න පුළුවනි; ඒ වුණාට ජනතාව තමන් කැපවීමෙන් හදාගත්තු රජයක් ඉවත් කරන්න වසර 2ක් වැනි කෙටිකාලයක් තුළ සූදානම් නැහැ. පළාත් පාලන මැතිවරණවලදී මේගොල්ලන්ට ඒක ජනතාව හොඳ හැටියට තේරුම් කරලා දෙයි.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්