හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

ව්‍යවස්ථා සම්පාදනයට අතුරු කෙටුම්පතක්

ව්‍යවස්ථා සම්පාදනයට අතුරු කෙටුම්පතක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අතුරු වාර්තාවක් කෙටුම්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව තීරණය කර තිබේ.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අනුකමිටු 06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍ළේ වාර්තා 06 පිළිබඳව හෙට (09) සිට දින 03 ක් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද මෙහෙයුම් අතුරු වාර්තාවක් නැතිව නව ව්‍යවස්ථාව පිළිබඳව විවාදයක් පැවැත්වීම පලක් නොවන කාර්යයක් බවට පසුගියදා (05) රැස්වූ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කවුළුව ඒකමතිකව තීරණය කළ බැවින් මෙසේ පාර්ලිමේන්තු විවාදය කල් තැබීමට තීරණය කර ඇත.

නව ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙතෙක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටුවට දැනුම් දී නැති අතර, සිය ස්ථාවරය දැනුම් දීමට දින ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා (05) මෙහෙයුම් කමිටුවෙන් ඉල්ලා ඇත. ජනතා විමුක්ති පෙරමුණ ද සිය ස්ථාවරය දැනුම් දීමට පසුගිය පස්වැනිදා මෙහෙයුම් කමිටුවට නොපැමිණි බැවින් එම පක්ෂවලට ද අවස්ථාව ලබාදීමට මෙහෙයුම් කමිටුව තීරණය ක‍ර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මඟින් පත් කළ මෙහෙයුම් කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 21 දින රැස්වූ අතර එහිදී මැතිවරණ ක්‍රමය, බලය බෙදාහැරීම හා විධායකය, ජනපති බලතල පිළිබඳව ප්‍රබල වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙහෙයුම් කමිටුව අදාළ කරුණු සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සකස් කර නොමැති අතර ‍අනුකමිටු හය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්, අධිකරණ, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය සේවය හා මධ්‍යම රජය හා පළාත් පාලන (පළාත් සභා) බලතල පිළිබඳ වාර්තා විවාදයට ගැනීමට තීරණය කර ඇති අතර එහිදී සුළු පක්ෂවල අදහස් ද සලකා බැලීමට නියමිත ය.

මේ අනුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ද සම්පාදනය කර නිශ්චිත කෙටුම්පතක් සහිතව විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.

ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් 21 දෙනෙකුගෙන් සමන්විත වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්