කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හොරෙන් මූදු ආවොත් දඩය‍ කෝටි 17.5යි!

හොරෙන් මූදු ආවොත් දඩය‍ කෝටි 17.5යි!

මුහුදු නීතිය උල්ලංඝනය කරමින් මෙරටට ඇතුළු වන විදේශ යාත්‍රා සඳහා රුපියල් මිලියන 175ක දඩයක් මේ වසරේ සිට පැනවීමට ධීවර අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටියි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසුවේ මේ සඳහා අප සතු අන්තර්ජාතික ධීවර පනත සංශෝධනය කෙරෙන බවයි.

ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර, ධීවර මෙන්ම නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පත් කෙරෙන බවද ඇමැතිවරයා කියයි. අන්තර්ජාතික ධීවර පනත අනුව මෙරටට ඇතුළු වන විදේශ යාත්‍රාවකට මෙතෙක් පැනවූ දඩය රුපියල් මිලියන 03කි. යාත්‍රාව වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම පුද්ගලයකුට මේ දඩ මුදල ගෙවා යාත්‍රාව රැගෙන යා හැකි වෙයි.

එහෙත් සංශෝධනය කෙරෙන නව ධීවර පනත අනුව අදාළ රුපියල් මිලියන 175 දඩය ගෙවීමට යාත්‍රා හිමිකරුවාම ඉදිරිපත් විය යුතු අතර එසේ නැතිව කිසිදු යාත්‍රාවක් නිදහස් නොකරයි.

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසුවේ විශේෂයෙන්ම ඉන්දීය ධීවරයන් අ‍පේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් පැමිණ මත්ස්‍ය සම්පත කොල්ල කෑම මෙවැනි දැඩි නීති ගෙන ඒමට ඉවහ ල් වූ බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2017 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk