හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

මොරගහකන්දට මංගල දියවර

මොරගහකන්දට මංගල දියවර

මෙරට වාරි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙරට ඉදිවන දිගම වාරි ඇළ වන ඉහළ ඇළහැර ඇළට මංගල පස් පිඩැල්ල කැපීම හා මෙරට විශාලත්වයෙන් හතර වැනි තැන ගන්නා විශාල ජලාශය වන මොරගහකන්ද ජලාශයට මංගල දියවර නිකුත් කිරීම 11 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරේ.

මෙතෙක් කල් මෙරට දිගම ඇළ වූයේ යෝධ ඇළයි. එහි දිග කිලෝමීටර් 75ක් පමණි.

ඉහළ ඇළහැර ඇළ මාර්ගය මොරගහකන්දේ සිට අනුරාධපුරයේ මහකනදරාව වැව දක්වා ඉදිවන අතර එහි දිග කිලෝමීටර් 103ක් බවත් මෙය මෙරට වාරි ඉතිහාසයේ ඉදිවන දිගම ඇළ මාර්ගය බවත් ඉහළ ඇළහැර ඇළ ඉදිකිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්. ඒ. ඒ. ධර්මසිරි මහතා පවසයි. මීටර් 12 ක (අඩි 40 ක) පළලකින් යුක්තව උමං මාර්ගයක් ද සම්බන්ධව ඉදිකරන මේ ඇළ මාර්ග ව්‍යාපෘතියට සම්පූර්ණ වියදම රුපියල් කෝටි 6500 කි. ඉදිකිරීමේ කාලය වසර 5 කි. හුරුළුවැව නාච්චදුව වැව නුවර වැව පුරවා පසුව මහකනදරාව වැවට ජලය දෙන මේ ඉහළ ඇළහැර ඇළ ඉදිකිරීමෙන් පසු උතුරට ජලය දෙන උතුරුමැද මහ ඇළ ද ආරම්භ වන බව මහවැලි අධිකාරිය පවසයි.

පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල මොරගහකන්ද ජලාශය මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා ජලාශයයි.

එහි වපසරිය අක්කර අඩි 460000 කි. ප්‍රධාන වේල්ලක් හා සදැලි වේලි දෙකකින් යුත් මේ ජලාශය පසුගිය වසර 30 කට පසු මෙරට ඉදිවූ විශාලතම ජලාශය බව ද මොරගහකන්ද ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. බී. තෙන්නකෝන් මහතා පවසයි.

අම්පාර සේනානායක සමුද්‍රය මෙරට විශාලතම ජලාශය වන අතර වික්ටෝරියා හා රන්දෙනිගල ජලාශ මෙරට විශාලම ජලාශ අතින් දෙවැනි හා තුන්වැනි ස්ථාන ගනී. රන්දෙනිගල ජලාශයේ වැඩ කටයුතු අවසන් වුණේ 1988 දීය. ඒ අනුව මෙරට අවුරුදු 30 කට පසු ඉදිවූ මහ ජලාශය මොරගහකන්දය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්