හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»

රස්තියාදුකාරයන් ලස්සන හීන දකිනවා

රස්තියාදුකාරයන් ලස්සන හීන දකිනවා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ජනවාරි අට දේශපාලන වෙනස රටට බලපෑවේ කෙසේද අවුරුදු දෙකක් තුළ රට යහපත් දිශාවට ගමන් කර තිබේද යන්න ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය සමග කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකැසුනි

2015 ජනවාරි අට ලැබූ ජනතා ජයග්‍රහණය මෙරට ඉතිහාසයේ තීරණාත්මක දේශපාලන ජයග්‍රහණයකි.වෙනත් ලෙසකින් සඳහන් කළහොත් බරපතළ ඒකාධිපති ගමනකට සැරසුණු රාජපක්ෂ පවුල් පාලනය තීරණාත්මක ලෙස පරාජය කර පසෙකට කිරීමකි.එදා ඒ වෙනස රට තුළ සිදු වූයේ නැතිනම් අද වන විට මෙරට බරපතළ ඒකාධිපතිත්වයක් ස්ථාපිත වී ‍ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නිදහස වැළලී යන්නට ඉඩ තිබුණි.ජනවාරි අට ජයග්‍රහණය විප්ලවයක් ලෙස ඇතැමුන් අර්ථ ගන්වන්නේ මේ නිසාය. එමෙන්ම ජනවාරි අට ජයග්‍රහණය එක් පුද්ගලයකු හෝ පක්ෂයක් ලබා ගත්තක් ‍නොවේ.සිංහල දෙමළ මුස්ලිම් සියල්ලෝම කළ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ප්‍රතිපලයකි.මේ හැම අතින්ම ගත් කළ ජනවාරි විජයග්‍රහණයට දායකත්වය ලබා දුන් ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස අපට ඇත්තේ විශාල තෘප්තියකි.

ජනවාරි අට ජයග්‍රහණයේ ප්‍රතිපල රටට මේ වන විට ලැබෙමින් තිබේ.ආර්ථික ය නැවත පණ ගැන්වීම ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මානව අයිතීන් ස්ථාපිත කිරීම ඇතුළු යහ ලක්ෂණ රැසක් අවුරුදු දෙකක කාලය තුළ නැවත ස්ථාපිත වී තිබේ.වෙනත් ලෙසකින් සඳහන් කළහොත් අවුරුදු දහයක් පීලි පැන අයාලේ යමින් තිබූ රටක් නිසි ලෙස පීලි ගත කර තිබේ. දැන් සිදු කළ යුතුව ඇත්තේ එම පීල්ලේ රට කෙමෙන් පෙරට ගෙන යාමය. සමහර විට යම් යම් ප්‍රමාදයන් අත් වැරදි සිදූවීමට ඉඩ ඇතත් රාජපක්ෂවරුන්ගේ ගෝත්‍රිකවාදය යළිත් මෙරට ජනතාව අපේක්ෂා නොකරති.අවුරුදු දෙකක කාලය තුළ ආරම්භ කළ මේ ගමන පෙරට ගෙන යාම වර්තමාන නායකත්වයට භාර වී ඇති වගකීමකි.

රාජපක්ෂ ආණ්ඩුව පරාජය වී ගෙදර යන විට භාර දි තිබුණේ රටක් නොව ණය කන්දකි.ණය ගෙන තිබුණේ අධික පොලී මතය. ගන්නා ලද ණය මුදල්වලින්ද රාජපක්ෂවරු සැලකිය යුතු ප්‍රතිශතයක් සොරකම් කර තිබුණි.එමෙන්ම ඔවුන් එම ණය මුදල් යොදවා තිබුණේ ප්‍රතිපල ගත නොහැකි ව්‍යාපෘතිවලටය.වරාය ගුවන් තොටුපොළ වැනි දේ රටකට අවශ්‍ය වුවද ඒවා ඇති කිරීමට පෙර නිසි ලෙස සැලසුම් කළ යුතුය.එහෙත් රාජපක්ෂලා ව්‍යාපෘති ගැන සැලසුම් කරනවා වෙනුවට සැලසුම් කළේ ඒවායෙන් ලැබෙන කොමිස් කුට්ටිය සහ එම කොමිස් පරිහරණය කරන ආකාරය ගැන පමණි.

අද මේ ආණ්ඩුවට කර ගැසීමට සිදුව තිබෙන්නේ එම පරණ පවු වලටය ආණ්ඩුව සැලසුම් සහගතව එම ණය මුදල් ප්‍රමාණය කළමනාකරණය කිරීමට හැකියාව ලැබී තිබේ. වත්මන් ආණ්ඩුවට උද්ධමනය පාලනය කිරීම දුෂ්කර වී ඇත්නම් බදු මුදල් වැඩි කිරීමට සිදුව ඇත්නම් ඒ සියල්ලටම හේතුව රාජපක්ෂ ආණ්ඩුව පාලනයකින් සහ සැලසුමකින් තොරව ලබා ගත් ණය මුදල්ය. පසුගිය ආණ්ඩුව මෙම ණය මුදල් ලබා ගෙන තිබෙන්නේ කුමන අරමුණෙන්ද ඒවා ගැනීමේ අරමුණ කුමක්ද යන්න අපැහැදිලිය . පෙනී යනඑකම දේ වන්නේ ඔවුන්ගේ සැලසුමෙන් තොර අවස්ථාවාදී සහ වංචනික ආර්ථික ප්‍රතිපත්තිය පමණි.

ජනවාරි අටට පෙර ආර්ථිකය පමණක් නොව අධ්‍යාපනයද සම්පූර්ණයෙන්ම විනාශ කර තිබුණි පාසලට පවා රාජපක්ෂලාගේ දේශපාලනය රිංගා තිබුණි.විදුහල් පාලනය කළේ විදුහල්පතිවරුන් නොව රාජපක්ෂ ගෝලයන් විසිනි.කුමකට අත තැබුවද අධ්‍යාපනය විනාශ කිරීමට කිසිවකු උත්සාහ කරනවා නම් එය මහා අපරාධයකි.පසුගිය කාලයේදී එම අපරාධය පවා සිදු කරන්නට රාජපක්ෂලා කටයුතු කළහ.අපගේ යහපාලන ආණ්ඩුවට අධ්‍යාපනය ගොඩ නැගීම මුල සිට ආරම්භ කරන්නට සිදුව ති‍බේ.එම කටයුතු ද පසුගිය අවුරුදු දෙක තුළ ආණ්ඩුව අරඹා තිබේ.ටියුෂන් මාස්ටර්ලාට යටව තිබූ මෙරට අධ්‍යාපනය දක්ෂ ඇමැතිවරයකු යටතේ පණ ගන්වා තිබීම අගය කළ යුතුය.

1994 පසු පොදු පෙරමුණු රජය විසින් අධ්‍යාපනය ඉහළට නැංවීමට අප කටයුතු කළ අතර අධ්‍යාපනයේ සියලු අංශයන් එම කාලයේ දී ඉහළ ගිය අතර ළමුන්ගේ අධ්‍යාපන මට්ටම , සාමාන්‍ය පෙ‍ළ සමත් වීමේ ප්‍රතිශතය ඉහළ යාම විශ්ව විද්‍යාලවලට තේරී පත්වන සිසුන් ප්‍රමාණය ඉහළ යාම වැනි යහපත් ප්‍රවණතා රැසක් ඇති වූයේ අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ තිබූ නිවැරදි තාවයය නිසාය.එහෙත් මහින්ද රාජපක්ෂ මහතා කළ එකම දේ වූයේ ,, මහින්දෝදය,, යනුවෙන් තම නම ගසා ගත් විද්‍යාගාර ඇති කිරීම පමණි.මෙහි තිබූ එකම අරමුණ වූයේ තම නම ප්‍රසිද්ධ කර ගැනීම සහ ඡන්ද ප්‍රචාරයට අධ්‍යාපනයද යොදා ගැනීම පමණි. එම යුගයේ අප පාසල්වලින් දැන ගත් කරුණක් වූයේ ඇතැම් ගුරුවරුන් අධ්‍යාපනය ලබා දීම මග හැර ටියුෂන් සඳහා යොමු වී ඇති බවය.එහෙත් මේවා සොයා බලන්නට එදා කිසිවකු නොසිටි අතර අධ්‍යාපනය පැවැතියේද අයාලේ යන තැනකය.මෙය අතිශය කනගාටුවට කරුණක් වන්නේ අවුරුදු දහයකදී පොදු පෙරමුණු රජය ඉහළ නැංවූ අධ්‍යාපනය රාජපක්ෂලා බිංදුවට බැස්සීමය.අපගේ පාලන කාලය තුළ ගුරුවරුන් වෙත ආත්ම තෘප්තියක් ඇතිව තම කටයුතු කර ගෙන යාම සඳහා ඔවුන්ගේ වැටුප් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් ඉහළ නැංවූ අතර අදත් ගුරුවරුන් මේ ගැන කතා කරන්නේ ස්තුති පූර්වකය.

විදේශ ප්‍රතිපත්තියද පසුගිය අවුරුදු දෙකේදී යළිත් නිවැරැදි මාවතකට යොමු කිරීමට හැකියාව ලැබී ති‍බේ.එදා මහින්ද රාජපක්ෂ සහ ගෝඨ­ාභය රාජපක්ෂ අනුගමනය කළේ අතිශය මෝඩ විදේශ ප්‍රතිපත්තියකි.,, අපිට චීනෙ, ඉරානෙ ඉන්නවා,, එදා ඔවුන් දෙඩූ වහසි බස වූයේ එයයි.එවක ඉරානය බරපතළ ඒකාධිපති නායකයකු යටතේ පාලනය වූ අතර රාජපක්ෂලාගේ අනෙක් මිතුරා වූයේ බුරුමයයි බුරුමයද එදා පාලනය කළේ මහින්ද රාජපක්ෂලාගේ කාබන් කොපියක් වැනි හමුදා පාලකයන් පිරිසක් විසිනි.

මෙම මෝඩ විදේශ ප්‍රතිපත්තියේ අවසාන ප්‍රතිපලය වූයේ යුරෝපය , අමෙරිකාව පමණක් නොව අසල්වැසි ඉන්දියාවද අප සමග අමනාප වීමය. එදා බණ්ඩාරනායකවරුන් ලොව පුරා සියලු රටවල් මිතුරන් කර ගනිමින් ගෙන ගිය ප්‍රගතිශීලි විදේශ ප්‍රතිපත්තිය විනාශ කිරිමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ අතර රාජපක්ෂ ආණ්ඩුව තවත් අවුරුදු දෙකක් තිබුණේ නම් ආර්ථික සම්බාධක වැනි දුෂ්කර තත්ත්වයකට පත්වීමට විශාල ඉඩක් තිබුණි.

අද මේ තත්ත්වයෙන් රට ගැලවී ඉදිරියට යද්දී කකුලෙන් ඇදීමටද මහින්ද කණ්ඩායම උත්සාහ කරති.පාඩු ලබන ආර්ථික පිළිකාවක් බඳු හම්බන්තොට වරාය මෙරට අයිතිය යටතේ චීනයට පාවිච්චි කිරීමේ අයිතිය ලබා දෙද්දී රට විකුණන බවට ව්‍යාජ ප්‍රචාර ගෙන යාමට උත්සාහ කරති. ඇත්තෙන්ම සිදුවන්නේ වරාය විකුණා දැමීමක් නොව ණය උගුලෙන් ගැලවීමට මගක් විවිර කර ගැනීමක් පමණි.

අද රට මුහුණ දී ඇති බලවත්ම තර්ජනය වන්නේ පරාජිතව සහ අනාථව සිටින සුළුතරයක් ජාතිවාදය පාවිච්චි කරමින් රට ගිනි තැබීමට උත්සාහ කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය කුමක්ද ශිෂ්ටත්වය කුමක්ද යන්න ගැන අවබෝධයක් නැත ඔහුට ඇති එකම අරමුණ වන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීමයි.අද ඉතාමත් පටු ජාතිවාදී තේමා පා‍ඨ යොදා ගන්නේ ඒ නිසාය.ඔවුන් ඒ ආකාරයට හැසිරෙන්නේ තමන් කළ ‍සොරකම් වසං කිරීමටය අනාගතයේ යළිත් සොරකම් කිරීමටය.අද පක්ෂය බෙදමින් ජාතිවාදය ඇති කරමින් රාජපක්ෂවරු සමග එක්ව සිටින්නේ සොරුන් සහ මහ හොරුන්ය. සොරකමට පුරුදු වූ අයගේ පුරුද්ද‍ කෙසේ හෝ හොරකම් කිරීමය. අද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියද කටයුතු කරන්නේ ඒ අයුරිනි. මේ කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහිත ශ්‍රීලනිපයටද ලජ්ජාවකි.බණ්ඩාරනායක ප්‍රතිපත්ති තුළ සොරකම දූෂණය ඇතුළත් නැත. බණ්ඩාරනායක ප්‍රතිපත්ති යනු නිර්මල හා වැදගත් දර්ශනයකි.එහෙත් පසුගිය අවුරුදු දහයේදී බණ්ඩාරනායකවරු ඇති කළ ප්‍රතිපත්ති පැත්තකට දමා ත්‍රාඩ හා සෘණාත්මක ප්‍රතිපත්ති පක්ෂයට ආරෝපණය කළේය. එදා වැදගත් මිනිසුන්ගේ පක්ෂයක් රස්තියාදුකාරයන්ගේ පක්ෂයක් බවට පත් වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදී‍්ය.එහි අවසාන ප්‍රතිපලය වූයේ වැදගත් සහ උගත් පිරිස් පක්ෂයෙන් ඈත්ව යාමය.ඉතිරි වූයේ නොවැදගත් නොහික්මුණු පිරිසක් පමණි

යළිත් ශ්‍රීලනිපය බෙදමින් පක්ෂය අවුල් කරමින් මහින්ද කල්ලිය උත්සාහ කරන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි පිරිසක් වෙත පක්ෂය නැවත පත් කිරීමය.මහින්ද අද පමණක් නොව 1982 දී ද මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ අතර එදා ඔහුගේ අරමුණ වූයේ ප්‍රජා අයිතිය අහිමිව සිටි මැතිනිය ඉවත් කර පක්ෂයේ බලය අත්පත් කරගැනීමය. එදා විජය, ඉලංගරත්න, රත්නසිරි , කොබ්බෑකඩුව සහ මම එක්ව මහින්දගේ කුමන්ත්‍රණය පරාජය කළෙමු. 2001 දී නැවත අපගේ ආණ්ඩුව වැට්ටවීමේ කුමන්ත්‍රණයක් සිදුවූ අතර එහි පසුබිමේ සිට ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂය. 2001 පරාජයෙන් පසු පක්ෂයේ තවත් පිරිසක් සමග එක්ව එවකට ජනපතිනිය වූ මා දෝශාභියෝගයක් මගින් පළවා හරින්නටද ඔහු කටයුතු කළේය යන්න ප්‍රකට දේශපාලන රහසකි. හැමදාමත් රාජපක්ෂ කටයුතු කළේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්තියක එල්බගෙනය.

අද ඇතැමුන් මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ මට පක්ෂය කැඩූ බවට චෝදනා කළද එදා තිබූ තත්ත්වය තුළ පක්ෂය ආරක්ෂා කර ගත්තේ අපය.2015 දී එජාපය තනිව තරග කර ජයගැනීමට හැකියාව තිබූ අතර එය එසේ වූවානම් තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.අපගේ මැදහත් වීම නිසා ශ්‍රීලනිපයට නැවත ජනාධිපතිවරයකු හිමිව ඇති අතර ආණ්ඩුවේ සම කොටස්කරුවකු වීමට පුළුවන් කම ලැබී තිබේ.

2020 දී අප යළිත් මැතිවරණයකට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන තවත් පිරිසක් අපගෙන් ප්‍රශ්න කරති. 2020 දී අප වෙනම මැතිවරණයට තරග කරන අතර එහි ප්‍රතිපලය මත තනිව ආණ්ඩු කරනවාද නැතිනම් නැවත සංහිඳියා ආණ්ඩුවක් බිහිකරනවාද යන්න සලකා බැලිය හැකිය.අපට දේශපාලන පක්ෂයක් ලෙස එදා විශාල ප්‍රාදේශීය ශක්තියක් තිබූ අතර ශාඛා සමිති පමණක් දොළොස් දහසකට අධික ප්‍රමාණයක් රට පුරා පැතිර තිබුණි . ඒවා විනාශ කළේ රාජපක්ෂලාය.අප යළිත් ප්‍රාෙද්ශීය මට්ටමින් පක්ෂය බලගන්වන්නේ එදා තිබූ ජවසම්පන්න බව නැවත පක්ෂයට ලබා දීමටය.

එය කෙසේ වෙතත් 2020 දක්වා යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන අතර මෙම ආණ්ඩුව අතර මග බිඳ දැමීමට කිසිවකුට හැකියාවක් නැත. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ගැන එකම ස්ථාවරයක පසුවන අතර ජනවාරි අට ජනවරම සහ ජනතාව පැතූ වෙනස ආරක්ෂා කරමින් රට තුළ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව වාදී ආර්ථික වශයෙන් බලගතු රටක් බිහිකළ හැකිය යන්න අපගේ විශ්වාසයයි. සමහරුන් ආණ්ඩු පෙරළි ගැන සිහින දුටුවද එවැනි පෙරළියක් කිසිදා සිදු නොවන අතර ආණ්ඩු වෙනස් කිරීමේ මහින්ද රාජපක්ෂ මහතාගේ සිහිනය සදාතනික සිහිනයක්ම වනු ඇත.

සටහන-උදිත ගුණවර්ධන


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්