හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»

මහජනයා ඡන්දය දෙනකොට ඕවා බලන්නේ නෑ

මහජනයා ඡන්දය දෙනකොට ඕවා බලන්නේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

• යහපාලන ආණ්ඩුවට අදට වසර දෙකක් පිරෙනවා. මේ වසර දෙකක කාලය දෙස ඒකාබද්ධ විපක්ෂය බලන්නේ මොන විදියටද?

මේ ආණ්ඩුව ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජය ගත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, යහපාලනයත් ඇති කරන බවට පොරොන්දු වෙලා. එහෙත් යහපාලන රජය පිහිටුවා දැන් වසර දෙකක් ගත වන තැන රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, යහපාලනයත් කඩාවැටී තිබෙනවා. මේ රජයේ කළමනාකරණය සහ පාලනය අරාජික වු තත්ත්වයක් දක්නට ලැබෙනවා. එය කනගාටුවට කරුණක්.

• මේ අභියෝග ජය ගැනීමට නම් රටේ ජනතාව කුමක් කළ යුතුද?

මේ රජය බලයට ගෙන ආවා වගේම ජනතාව තම ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සහ තම අයතනවල ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් දිනා ගැනීමට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරවාගැනීමට වෙහෙසිය යුතුයි. ඒ සදහා මහජන ව්‍යාපාර ශක්තිමත් කරගත යුතුයි. පළාත් පාලන ඡන්දය පවත්වා ගැනීමට රජයට බල කළ යුතුයි.

• ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණා මේ වසරේ ආණ්ඩුව පෙරළන බවක්. ඒකාබද්ධ විපක්ෂයට ඒ සඳහා තිබෙන හැකියාව මොන වගේද?

මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකාබද්ධ විපක්ෂයේ නිල නායකයා. මම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු 51 දෙනෙක් ගත් ක්‍රියාමාර්ග අද නිවැරැදි බව ඔප්පු වෙමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ ජනතාවට රිදවන්නේ නැතිව. ඔවුන් ජනතාව බදු බරින් පීඩාවට පත් කොට තිබෙනවා. ජනතාවගේ දුක වේදනාව තේරෙන ශ්‍රීලනිප සහ ප්‍රගතශීලි පක්ෂවල ජනතා මතය ජයග්‍රහණය කරවීමට ශක්තිමත් ලෙස ඒකාබද්ධ විපක්ෂය සිය කටයුතු ආරම්භ කොට තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට රටේ ප්‍රධාන තනතුර නොතිබුණාට රටේ බහුතර ජනතාවගේ සහයෝගය එතුමාට හිමිව තිබෙනවා. මේ ආණ්ඩුව දවසින් දවස සෙලවෙමින් කඩාවැටෙමින් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කුමන බලයක් තිබුණත්, ආර්ථික සහ දේශපාලන අර්බුදයකට ආණ්ඩුවට ගොදුරුව තිබෙනවා.

• ඔබ කියන විධියට ආණ්ඩුව අමාරුවේ වැටී තිබෙනවා නම් ආණ්ඩු පෙරළියක් මේ වසරේ සිදු කරන්න ඔබලාට හැකියාව තිබෙනවාද?

අපේ විශ්වාසය තිබෙනවා එජාපය විසින් වැරැදිසහගත ලෙස හිමි කරගත් ආණ්ඩුව පෙරළා දමා, අලුත් ආණ්ඩුවක් ගොඩනැඟීමට හැකියාව ලැබේවි කියා. ඒ සඳහා අපට සහයෝගය දක්වන දේශපාලනඥයන්ගේ සහ විවිධ බලධාරීන්ගේ ශක්තිය අපට නොඅඩුව හිමි වෙමින් තිබෙනවා.

• ආණ්ඩුව ඇතුළේ යම් කැලඹීමක් තිබෙනවා නම් එය පුපුරුවා හැරීමට තරම් ඒකාබද්ධ විපක්ෂයට ශක්තියක් ලැබේවිද ?

ආණ්ඩුවට ආණ්ඩුව කළමනාකරණය කරගත නොහැකි නම්, ආණ්ඩුව ඇතුළේ එකිනෙකා විවේචනය කරගන්නවා නම්, ආණ්ඩුව පුපුරුවා හැරීම ඒ තරම් අපහසු දෙයක් නොවෙයි.

• පියංකර ජයරත්න ඇමැතිවරයා ඉල්ලා අස් වුණා. ආණ්ඩුවේ තවත් ගල් ඉදිරියේදී ගැලෙවේවිද? මොනවද ඔබට ඒ ගැන කියන්න පුළුවන් ?

ආණ්ඩුවේ ගල් ගැලවෙන ආරම්භයක් තමයි පෙන්නුම් කළේ. මට හිතෙන්නේ මහජනතාවගේ වේදනාව සහ කලකිරීම් ඇමැතිවරුන්ට දැන් දැනෙන්න පටන් ගෙන තිබෙනවා. ඒ නිසා ගල් ගැලවෙන හැටි අපට ඉදිරියේදී බලාගැනීමට වාසනාව ලැබේවි.

• නව ව්‍යවස්ථාව, එට්කා ගිවිසුම, හම්බන්තොට ඉඩම් චීනයට බදු දීම, හම්බන්තොට වරායේ 80ක් චීනයට බදු දීම ආදියට එරෙහිව සිදු කරන ඒකාබද්ධ විපක්ෂයේ අරගලය පුස්සක් වේවිද?

අපේ සටන දේශපාලන සටනක් නොවෙයි. එය ජාතිය සතු කේන්ද්‍ර සම්පත් රටට අහිමි කිරීමට එරෙහි සටනක් පමණයි. හම්බන්තොට ජනතාවගේ ජනජීවිතය රදා පවතින අක්කර 15000ක ඉඩම් ආරක්ෂා කරගත යුතුයි. සංවර්ධන කටයුතු කිරීම ගැටලුවක් නෙමෙයි. එහෙත් අපේ රටට කිසිදු වාසියක් අත් නොවන ඉඩම් කොල්ලය නවත්ව‍ා ගැනීමට අප සටන් කළ යුතුයි.

• නව ව්‍යවස්ථාව සැකසීම සඳහා වු ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් වන ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජාතික ව්‍යාපාරයේ බලවේගවලින් බලපෑම් එල්ල වී තිබෙනවා නේද? මොකක්ද ඒකාබද්ධ විපක්ෂයේ තීන්දුව?

ඒකාබද්ධ විපක්ෂයට එවැනි බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. අප යම් ප්‍රතිපත්තියකට යටත්වයි මේ කටයුත්තට එක් වුණේ. නමුත් අප ඒකීය රාජ්‍යයට පිටින් කිසිදු කරුණකට එකග නොවන බව අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කරුණු 14 ක වාර්තාවේ සඳහන් වෙනවා. එම කරුණු 14 නොවෙනස්වන ප්‍රතිපත්තියක්. ඊට පටහැනිව කෙටුම්පත් සැකසීමට සහ පාර්ලිමේන්තුවේ කමිටු කටයුතු කිරීමට පටන් ගන්නවා නම් නව ව්‍යවස්ථාවේ හවුල්කරුවන් ලෙස අපට සිටීමට බැහැ. ඒ නිසා ජාතික සංවිධානයන් කියන කාරණය අපේ සිතට ගෙන තිබෙනවා. අපි එය බැහැර කර නෑ. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉදිරි සතියේ රැස්වී මේ ගැන තීන්දුවක් ගන්නවා. රටට හානියක් වන කිසිදු කාරණයකට අප උදවු කිරීමට සූදානම් නැති බව අවධාරණය කරන්න කැමැතියි.

• නව ව්‍යවස්ථාවක් සැකසීමට ආණ්ඩුවට ජනවරමක් ලැබී තිබෙන බව ඔවුන් කියනවා ?

ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සැකසීමට කිසිදු ජන වරමක් ලැබී නෑ. ඒත් ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් කරනවා නම් ඒ ගැන අපේ අවධානය යොමු කළ හැකියි.

• පසුගිය සතියේ අගමැතිතුමා රටේ ඉදිරි ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළා. එහිදී එතුමා කිව්වේ ආණ්ඩුව වැටෙන්නේ නෑ, ස්ථාවරයි කියලයි?

මේ අගමැතිතුමා එවැනි ප්‍රකාශ කළ ප්‍රථම වතාව නෙමෙයි. ඔහු විටින් විට එවැනි ප්‍රකාශ සිදු කළා. එමඟින් රජයේ අනාගතය ගැන යම් විශ්වාසයක් ඇති කිරීමට ඔහු උත්සාහයක නිරතව සිටිනවා. ආණ්ඩුව පවත්වාගෙන යෑමට නම් එවැනි ප්‍රකාශ නිකුත් කළ යුතුයි.

• රටේ තරුණ-තරුණියන්ට රැකියා අවස්ථා ලැබෙන ආයෝජනවලට විරුද්ධ වන බවට එහිදී අගමැතිතුමා ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළා..?

ආර්ථික වර්ධනයක් ඇති වෙනවා නම් පමණයි රටේ තරුණ-තරුණියන්ට රැකියා ලැබෙන්නේ. ආණ්ඩුවේ අරමුණ රාජ්‍ය ආයතන විකුණාදැමීම. එවිට සිදු වන්නේ පවතින රැකියා අවස්ථා අහිමි වීම. රටක ආර්ථිකය ගැන විශ්වාසයක් නැති නම් ආයෝජකයන් එන්නෙ නෑ. කුලියාපිටියේ මුල්ගල තැබූ වොක්ස්වැගන් සමාගම ලෝක වොක්ස්වැගන් සමාගමට අයත් නෑ. රටේ යහපතට අලුතෙන් යමක් ඇති කරනවාට අප විරුද්ධ වන්නේ නෑ. ආණ්ඩුව දැන් රජයේ සංස්ථා, කර්මාන්ත විකුණන්න හදනවා. ඒ විදියට ආර්ථිකයක් ලියලන්නේ නෑ. ඉන් සිදු වන්නේ සමාජය යළිත් ගැටුමකට ගමන් කිරීමයි.

• හම්බන්තොට චීන කර්මාන්ත පුරයෙන් රැකියා 20,000ක් ලැබෙන බව අගමැතිතුමා කියනවා. ඔබලා ඇයි එවැනි අවස්ථාවලට විරුද්ධ වෙන්නේ?

අක්කර 15000ක් චීනයට දෙන කොට දහස් සංඛ්‍යාත පිරිසකට ගොවිතැන් කටයුතු අහිමි වෙනවා. ඒ නිසා එය අර්ථයක් නැති කතාවක්. අනෙක ඔය කියන විදියට රැකියා දෙන්න බෑ. ඔය කර්මාන්තපුර හැදිලා රැකියා බිහි වෙන්න තව කොපමණ කාලයක් ගත වේවිද? එයයි ප්‍රශ්නය.

• පුංචි ඡන්දය පැවැත්වීම සඳහා වන සීමා නිර්ණය වාර්තාව පිළිගත නොහැකි බව ෆයිසර් මුස්තාපා ඇමැතිතුමා කියනවා. ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මොනවද කරන්නේ?

සීමා නිර්ණය ගැන නිවැරැදි වාර්තාවක් හදාගන්න බැරි කණ්ඩායමකට නම් මේ කටයුත්ත බාර දී තිබෙන්නේ, එය පිළිගත නොහැකි දෙයක්. එය රටේ අභාග්‍යයක්. සිතාමතාම ආණ්ඩුව විසින් ඡන්දය නොතියා ඉන්න කරන කූට උපක්‍රමයක් හැටියටයි අප මේ සිදුවීම් දකින්නේ. ඇමැතිවරයාගේ හැසිරීම ගැන අපට කනගාටුයි.

• දැන් ඉදිරිපත්ව තිබෙන සීමා නිර්ණය වාර්තාවේ ගැටලු තිබෙන බව ඔබ විශ්වාස කරනවාද?

ගැටලු නැති කිසිම සීමා නිර්ණය වාර්තාවක් ලංකා ඉතිහාසයේ නෑ. පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය හදන කමිටුවේ සභාපති ලෙස මා මේ පනත අමාරුවෙන් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කළා. ඒකච්ඡන්දයනේ සම්මත වු එකම පනත මේක. අපි අලුත් ඡන්ද ක්‍රමයට යන ප්‍රථම අවස්ථාව මෙය. උදාහරණයකට: එදා මැතිනියගේ කාලයේ එජාපය කිව්වා බියගම ආසනය ශ්‍රීලනිපය දිනන්න හදපු ආසනයක් කියලා. ඒත් ප්‍රථම මැතිවරණයෙන්ම එජාපය බියගම ආසනය දිනුවා. ඒ නිසා දැන් තියෙන්නේ ඡන්දය තියන්න. කවුරුහරි ගමේ නියෝජිතයෙක් පත් වෙනවා. නියෝජිතයෝ 7000ක් විතර පත් වෙනවා. මේක වළක්වන්න සමහරු උත්සාහ කරනවා; හෙට-අනිද්දාත් උත්සාහ ගනීවි.

• සීමා නිර්ණය කමිටුවේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ සෑහීමට පත් වෙනවාද?

ඕක නෙමෙයි ප්‍රශ්නය. අපි සඔූදානම් ඕනෑම මායිමක් යටතේ තරග කරන්න. මහජනයා ඡන්දය දෙන කොට ඕවා බලන්නේ නෑ.

• සමානුපාතික ක්‍රමය යටතේ හෝ පුංචි ඡන්දය තියන්න කියලද ඔය ඉල්ලන්නේ?

නෑ, කිසි සේත්ම නෑ. අපි පැහැදිලිව කියනවා කොට්ඨාස ක්‍රමය 70%යි, සමානුපාතික ක්‍රමය 30%යි, කාන්තා නියෝජනය 25%යි, කියන ක්‍රමයට ඡන්දය තියන්න කියලා. මේ ක්‍රමයෙන් පිට පනින්න බෑ. මේක පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වු ක්‍රමයක්. කවුරුහරි ඉන් පිට පැන්නොත් ඒ තීන්දුවට එරෙහිව අපි කටයුතු කරනවා. දූෂිත මනාප ක්‍රමය සෑම පක්ෂයක්ම එපා කිව්වා. ඒ නිසා ඒ ගැන යළිත් කතා කරන්න කාට වත් අයිතියක් නෑ.

• පුංචි ඡන්දය ගැන ඒකාබද්ධ විපක්ෂයේ අවසන් ඉල්ලීම කුමක්ද?

ඡන්දය පැවැත්විය යුතුයි. එසේ නැතිව පළාත් පාලන ආයතන ජනතාවගේ බදු මුදල් එකතු කර වියදම් කිරීම නීති විරෝධීයි. එය පළාත් පාලන නීතියක්. මිනිසුන් බදු ගෙවන්නේ තමන්ට සේවයක් සලසාගන්න; තමන්ගේ නියෝජිතයා පත් කරගන්න. 'යහපාලනය' කියලා එසේ නොකර සිටීම වරදක්. එසේ නොවේ නම් මෙය 'වහ-පාලනයක්'. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදිව අපි ජනතා තීන්දුවට ඉඩ දී කටයුතු කරමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්