හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»

ණයත් නෑ බයත් නෑ

ණයත් නෑ බයත් නෑ

දොස්තර කාවින්ද ජයවර්ධන

මුහුණ පුරා රැවුල වවා ගත්ත ද ඔහු අහිංසකය. කඩවසම්ය. ඒත් ඒ පියකරු පෙනුමට යටින් ඇති දඩබ්බරබව එළියට පනිනුයේ කට ඇරි විටය. උගත්කමත් තරුණකමත් ඒ මුඛරිකමේ සමෝසමය. හරියට දිය පාරක් කඩා හැලෙනවා වාගේය. දොස්තර ජයලත් ජයවර්ධනත් මේ වාගේය. මේ ඔහුගේ අතිජාත පුත්‍ර දොස්තර කාවින්ද ජයවර්ධනය. එජාප යොවුන් පෙරමුණේ මුල් පුටුව හොබවන තරුණ ඔහු වෙනුවෙන් අද 'පසුපෙළ' වෙන්වේ.

ප්‍ර: කාවින්ද ජයවර්ධන කියන්නේ පාසල් යන කාලේ කොයි වගේ චරිතයක්ද?

ඇත්තටම නිශ්ශබ්දයි. කවුරුත් කිව්වේ අහිංසකයි කියලා.

ප්‍ර: දඟ වැඩ කරලම නැද්ද?

ඇයි නැත්තේ? රාජකීය විද්‍යාලයට යන කාලේ බිග්මැච් දවස්වලදී පාරේ බැහැලා හොඳට නටලා තියෙනවා. සමහර විට බාලිකා පාසල් අසල පිස්සුත් නැටුවා. පංති කට් කළා. ඒ කාලේ කොල්ලෝ කරන හැම දෙයක්ම මාත් කළා. ඒත් ඒ අතර ඉගැනීමේ වැඩ කටයුතුත් කළා.

ප්‍ර: කාවින්දට දේශපාලනය කරන්න තිබෙන සුදුසුකම දොස්තර ජයලත් ජයවර්ධනගේ පුතා වීමද?

ඇත්තටම මේ සියල්ල පිටුපස තිබුණේ තාත්තාගේ බලපෑම තමයි. ඒත් කුඩා අවදියේ සිටම හැදුණු වැඩුණු දේශපාලන වටපිටාව නිසා දේශපාලනය කෙරෙහි අපත් ඇදිලා ගියා. ඊට ආසා කළා. ඒත් එහි බරපතළකම ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. ඒ සියල්ල තේරුම් ගත්තේ තාත්තාගේ මරණයෙන් පසු පූර්ණකාලීනව මේ ක්ෂේත්‍රයට ආ පසුයි. මේ වනවිටත් දේශපාලනය නිසා ජීවිතේ ගොඩාක් අත්දැකීම් ලැබුවා. බොහෝ දෙනා කියනවා ‍මේක මඩගොහොරුවක් කියලා. විද්වතුන්, බුද්ධිමතුන් මින් ඈත්වෙලා යන කාලෙක දේශපාලනය මඩෙන් ගොඩ ගන්න අපට ඒ මඩ වළට බහින්න වුණා. විශේෂයෙන් තාත්තා වටා සිටි හිතාදර පාක්ෂික ජනතාව අතරමං නොකොට තාත්තාගේ සේවය අඛණ්ඩව පෙරට ගෙන යාම මගේ වගකීම කියලා හිතුවා.

ප්‍ර: ඒ හින්දා ද කට්ටියක් මඩු පල්ලි ගෙනිහින් සැරයක් අකරතැබ්බකට මුහුණ පෑවේ?

අපේ හිතවත් පිරිසකට මඩු වන්දනාවේ යන්න දුම්රියක් ලබා දෙන්නැයි මා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. ඒත් එදා දුම්රිය ජාඇළට ආවේ පමා වෙලා. ඒ වන කොට වන්දනා නඩය වෙනත් දුම්රියක ගිහිල්ලා. මේකෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 2ක පාඩුවක් වුණා කියලා මට දැනුම් දුන්නා. අපේ හිතවතුන් ඒ මුදල ගෙවා දැම්මා. දැන් අපි කාටවත් ණය නෑ. ඒ නිසා බයත් නෑ.

ප්‍ර: මෛත්‍රී පාලනයේ දෙවර්ෂ පූර්ණය අද. ගතවූ කාලය ගැන මොකද හිතන්නේ?

මේ කාලය තුළ රටේ දැවැන්ත දේශපාලන විපර්යාසයක් සිදු වුණා. නිදහස වෙනුවෙන් දැවැන්ත ලෙස අරගල කළ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබුණා. තවත් වැදගත්ම කාරණාව තමයි එදා තිබූ දේශපාලන ශිෂ්ටාචාරය වෙනස් වීම. ජනතාවට අහිතකර පවුල් පාලනයට තිත වැටුණා. එදා දේශපාලනීකරණය වූ බොහෝ දේවල් අද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අනුගත වී තිබෙනවා. ඒ තුළ ජනතාවට විශාල වශයෙන් සහන ලැබිලා. ජනතාවට අද බය සැක නැතිව තමුන්ගේ ජීවන වෘත්තීන් කරගෙන යාමට හැකියාව ලැබි තිබෙනවා. එදා දේශපාලන බලපෑමට ලක්වූ බොහෝ දේවල් ජනතාවගේ පැත්තට හැරිලා. මේ සියල්ල මෛත්‍රී – රනිල් යුගයේ කෙටිකාලීන දේශපාලන විපර්යාස විදියට මම දකිනවා.

ප්‍ර: ඔබ එජාප යොවුන් පෙරමුණේ සභාපති. යහපාලන ආණ්ඩුව, ‍රටේ තරුණ පරපුර වෙනුවෙන් මොනවා ද කළේ?

තරුණ පරපුර කියන්නේ මේ රටේ අනාගතය. මොනවා නැතත් අප ඔවුනට රටක් ඉතිරි කළ යුතුයි. අප ඒ දේ කරනවා. 2005දී එක් පුරවැසියෙක් ණය වී සිටියේ රු. 133,000යි. 2015දී අප රට බාර ගන්න කොට එය ලක්ෂ 5ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. රාජපක්ෂ කල්ලිය අනාගත පරපුරම ණයකාරයන් කරලා තිබුණා. මේ ණය බර ක්‍රමයෙන් අඩු කර ගන්න අප වැඩ කරමින් සිටිනවා. ඊට අමතරව පීඩිත පන්තියේ අහිංසක මිනිසුන්ගේ දරුවන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ ප්‍රතිපත්ති මාලාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළට අප දැනටමත් අත තබා අවසන්. ඒ යටතේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය අනිවාර්ය කළා. සිසු දරුවන්ට රක්ෂණයක් හඳුන්වා දුන්නා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහනට මිලියන ගණනින් මුදල් වෙන් කළා. මහපොළ ශිෂ්‍යත්වය රු. 5000ක් කළා. නව සරසවි පාඨමාලා හඳුන්වා දුන්නා. යොවුන්පුරය, යොවුන් පාර්ලිමේන්තුව ඇති කළා.

ප්‍ර: අද තරුණයන් දේශපාලනයෙන් බලා‍පොරොත්තු වන්නේ මේවාද?

දේශපාලනඥයාගේ ජොබ් එක බෝක්කු පාරවල් හදන එක නෙමෙයි. බැට් බෝල බෙදන එක නෙමෙයි. අද පරපුර බලා‍පොරොත්තු වෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්. කොටින්ම අලුත් ශ්‍රී ලංකාවක්. ‍මේ තරුණයන් ඉතාම බුද්ධිමත්. ඔවුන් වෙනස් විදිහේ අරගල කරනවා. පාරට නොබැස්සත් 'සෝෂල් මීඩියා' හරහා තමන්ගේ මත ප්‍රකාශ කරනවා. නීතිය අතට ගැනීමට ඔවුන් විරුද්ධයි. රාජ්‍ය ධනය අවභාවිතයට විරුද්ධයි. එසේම හොඳ වැඩ කරන දේශපාලනඥයාට ආදරෙයි. වංචාකාරයන්ට, දූෂිතයන්ට එරෙහිව තරුණයා අද සමාජජාල වෙබ් අඩවි හරහා සටන පටන්ගෙන තිබෙනවා. මේ තමයි නූතන තරුණයාගේ සමාජ අරගලය.

ප්‍ර: ඒත් විපක්ෂය කියන්නේ ආණ්ඩුව මේ තරුණයන් වයිෆයි සිහිනයක අතරමං කරලා කියලා?

විපක්ෂයේ ඒකාබද්ධ රංචුවට මොනවා ද කියන්න බැරි. ඒත් අද රටේ 'නිල් බළකා' වැනි දේශපාලන අතකොලු සංවිධාන නෑ. රස්සා දෙන්න දේශපාලන නිර්දේශ ඉල්ලන්නේ නෑ. එදා තරුණයන් යොදා ගත්තේ ඇට බෙදන වැඩවලට. අප එහෙම කරලා නෑ. ජනතාවට යම් පොරොන්දුවක් දීලා තියෙනවා නම් ඒවා ඉටු නොකර අප යළි ජන්දකට යන්නේ නෑ.

ප්‍ර: එහෙනම් ඇයි පළාත් පාලන මැතිවරණ දිගින් දිගට ම කල් යන්නේ?

මේ ඡන්දය කොට්ඨාස මට්ටමින් තියන්න තීරණය ගත්තේ පසුගිය ආණ්ඩුවයි. ඒ අය සීමා නිර්ණය සකස් කළේ තමන්ට වාසි වන විදිහටයි. රජතුමාට දිගටම ඉන්න පුළුවන් විදිහටයි. අප සුදානම් නෑ ඒ යාන්ත්‍රණයට. අලුත් ‍ කොට්ඨාස ක්‍රමයක් සමඟ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද තියන්නයි අපේ බලාපොරොත්තුව.

ප්‍ර: ඡන්දයට බයේ ‍නෙමෙයිද?

අයවැය තුනෙන් දෙකකින් දිනුවා. අපේ ආණ්ඩුවක් තියෙද්දී අපි මොකටද බය වෙන්නේ. ඕනෑම වෙලාවක අප සුදානම් ඡන්ද උඩින්ම දිනලා පෙන්වන්න. 2020 නෙමෙයි ඊටත් එහා ආණ්ඩුව යනවා.

ප්‍ර: ඒත් දැන් දැන් යහපාලනය සෙලවෙනවා නේද? ඊයේ පෙරේදාත් ගඩොලක් ගැලවුණා?

එක් කෙනෙක් නැති වුණා කියලා මේ ආණ්ඩුව වැටෙ‍න්නේ නෑ. එහෙනම් රාජපක්ෂලාගේ කාලේ කීදෙනෙක් ඒ ආණ්ඩුවෙන් ගියාද? කෝ පෙරළුණා ද? අර සත්තිකුම්බ ජාතකයේ ගිරව් ව‍ගේ දූෂිතයෝ ළඟට යන්නේ දූෂිතයෝම තමයි.

ප්‍ර: ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ට ඔබ ඇතුළු එජාප පසුපෙළ මන්ත්‍රී පිරිසක් ප්‍රසිද්ධියේ බැණ අඬ ගහන්නේ ඇයි?

ශ්‍රීලනිපයේ ඇතැම් ඇමැතිවරුන් හිතාගෙන ඉන්නවා ආණ්ඩුවට බැන්නාම දේශපාලන වාසි ලැබෙයි කියලා. ඕනෑම මතයක් පළ කරන්න නිදහස තිබුණාට 'බොරු ෂෝ' දාන එක වැරැදියි. මේ අයගේ වුවමනාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු දූෂිතයන් යළි සිංහාසනයේ තියන්නයි. අප හදා ගෙන ඉන්නේ ජාතික ආණ්ඩුවක්. ඒ ගමන සුහදව යා යුතුයි. ඒත් ඔවුන් ශ්‍රීලනිප ආණ්ඩුව හදන්න කතා කරනවා. අපි ඒවාට ඉඩ දෙන්න සුදානම් නෑ. අකැමැති නම් ආණ්ඩුවේ ඉන්න බැරි නම් 'පලයල්ලා' කියලා කිව්වේ ඒකයි.

ප්‍ර: ඒත් මේ දබරය ආණ්ඩුවේ සංහිඳියා ගමනට හානිකර නැද්ද?

අපේ ගනුදෙනුව තියෙන්නේ ජනාධිපතිතුමා සමඟයි. අප කිසිම විටෙක එතුමා විවේචනය කර නෑ. එතුමාත් මේ ආණ්ඩුවත් දිවි හිමියෙන් රකින්න අප සුදානම්. ගහන්න ගහන්න වඳින එකා වගේම වඳින්න වඳින්න ගහන එකාත් මෝඩයාලුනේ. අපට හැමදාම මේ දේවල් දිහා බලාගෙන ඉන්න බෑ. අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ.

ප්‍ර: චතුර සේනාරත්න මත්ත්‍රීවරයා ඔබේ ඥාතියෙක්ද?

ඔහුගේ බාප්පා-තාත්තාගේ මල්ලී විවාහ වී සිටින්නේ මගේ නැන්දනියක් සමඟයි.

ප්‍ර: ඔහු ඔබට අභියෝගයක්ද?

නෑ. චතුර මගේ සහෝදරයෙක් වගේ. මට ඔහු සමඟ කිසිම ගැටුමක් නෑ. අප එක දේශපාලන ගමනක් යන්නේ. පවුලෙන් ලැබුණ දේශපාලන පන්නරයත් සමඟ අපි සුහදව ඒ ගමන යනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්