හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»

විල්පත්තුව ගැන කතා කළාම බැසිල් අපට තර්ජනය කළා

විල්පත්තුව ගැන කතා කළාම බැසිල් අපට තර්ජනය කළා

බොදුබල සේනාවේ ඩිලන්ත විතානගේ

බොදුබල සේනා මේ දිනවල කරන්නේ මොනවාද? ඒ සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා සමඟ කළ කතාබහකි මේ.

සිංහල බෞද්ධයන් විශ්ව ගම්මානය ඇතුළේ සුළුතරයක් වෙලා ද?

ගෝලීය සමාජය (Global Village) නැමැති විශ්ව ගම්මානය තුළ බෞද්ධයන් සුළුතරයක් වීම ශෝචනීය කාරණාවක්. ඒ වගේ ද සිංහල භාෂාව කතා කරන ඉස්ලාම්, හින්දු, කතෝලික අයත් ඉන්නේ සුළුතරයයි. එම පිරිසත් ගෝලීය පීඩනයට නතු වෙලා. සිංහල හා බෞද්ධකම අහිමි වෙමින් පවතිනවා. අනෙක් අතට සිංහලයන් පවා විදේශවලට ගිය විට ස්වදේශීකයන් හමු වූවත් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. විදේශගත වූ සිංහලයන් පමණක් නොවේ ඇතැම් දේශීය සිංහල පිරිස් පවා ඉංග්‍රීසියට නතු වෙලා. මේ නිසා සිංහල අනන්‍යතාව සිංහල භාෂාව පිරිහෙමින් පවතිනවා. නමුත් ඒවාට විද්‍යුත් මාධ්‍යවල තැනක් නෑ. ඥානසාර හාමුදුරුවෝ අමුතු දෙයක් කළොත් ඒවා තමයි විද්‍යුත් මාධ්‍යවල පෙන්වන්නේ.

ඥානසාර හිමියන් මේ දිනවල නිහඬ ඇයි?

ඥානසාර හාමුදුරුවෝ නිහඬ නැහැ. නිතර ම විදේශ රටවල ආගමික කටයුතුවලට සම්බන්ධ වෙනවා. උන්වහන්සේ පසුගිය කාලේ ජපානය, ඉන්දියාව, බුරුමය වගේ රටවල සංචාරය කරන නිසා නිතර දකින්න නැහැ.

හිටපු ජනාධිපතිගේ පරාජයට බොදු බල සේනාව හේතු වුණා කීවොත් නිවැරදි ද?

හිටපු ජනාධිපතිතුමා අපට ඇටෑක් කරපු නිසා තමයි අපත් ඇටෑක් කළේ. දැනට වසරකට පෙර ප්‍රංශ පුවත් සේවයට එතුමා කීවා තම පරාජයට හේතුව බොදු බල සේනා සංවිධානය කියලා. අපි ඊට පිළිතුරු දුන්නා. අපි කීවා ඔබතුමාගේ පරාජයට හේතුව සොයන්න කන්නාඩියක් ඉදිරියට ගිහින් බලන්න කියලා. මොකද නියමිත කාලයට වසර දෙකකට කලින් ඡන්දයක් තියලා ඔහුයි ඔහුව පරාජය කර ගත්තේ.

මහින්ද රාජපක්ෂ තමන්ගේ පරාජය ගැන තමන්ම අධ්‍යයනයක් කළ යුතුයි. එතුමා අපට චෝදනා කළා අපි ජාත්‍යන්තරයේ මුදල් රැස් කරලා මේ දේවල් කරනවා කියලා. එතුමා වටේ විමල් වීරවංශ වගේ පරණ මන්ත්‍රීවරුන් පිරිසක් සිටිනවා. එයාලට උවමනා වෙන්නේ සිංහල බෞද්ධකම උලුප්පලා සිංහල බෞද්ධ පදනම මඟින් තමන්ගේ ජනප්‍රිය දේශපාලනය සිදු කරන්නයි. එම පිරිසට බොදු බල සේනාවේ වැඩ දිරවන්න බැරි වුණා. මේවා සියල්ල ගජබින්න.

සිංහල බෞද්ධකම විකුණගෙන කන පිරිස් දැනට මාසයකට පමණ පෙර මටත් ඥානසාර හිමියන්ටත් පහර දුන්නා. බොදුබල සේනාව වටා සමහර පිරිස් එකතු වෙද්දි බොදුබල සේනා මාතෘකාව අරන් පහර දෙන්න සමහර මාධ්‍ය උත්සාහ කළා.

මෙලෙස අයුක්ති සහගත හා අසත්‍ය චෝදනා කිරීම වැරදියි. අපි අභියෝග කළා හිටපු ජනාධිපතිතුමා වටේ සිටින තෙල් බෙහෙත් දේශපාලඥයන්ට අප සමඟ මාධ්‍ය ඔස්සේ විවාදයකට එන්න කියලා. නමුත් පැය හතළිස් අටකටත් වැඩි වෙලා. ඔවුන් තවමත් අභියෝගය භාර අරගෙන නැහැ.

හිටපු ජනාධිපතිවරයා මෑතකදී විල්පත්තුව ගැන කතා කරන්නේ සුළු ජාතීන්ගේ ඡන්ද ගැන හිතල ද?

සිංහල බෞද්ධ ඡන්දවලින් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් ජාතිවාදී කටයුතු කළ යුතු නැහැ. සිංහල, මුස්ලිම්, දෙමළ කාටත් සමාන අයිතිය හිමිවිය යුතුයි. තම ජාතිය, භාෂාව වෙනුවෙන් අසාධාරණයක් වෙනවා නම් ඉදිරිපත් විය යුතුයි. අන්තර් ජාතික අරමුදල් සපයන, හලාල් සහතිකකරණය කියන කූට ව්‍යාපාරයට අප විරුද්ධ වුණා. විල්පත්තු වනය තුළ විශාල පුරා විද්‍යාත්මක දේවල් තියනවා. මේ ගැන 2014 මාර්තුවල මාධ්‍ය සාකච්ඡාවක් කළා ම එතුමා මේ ගැන මඟහැරියා බැසිල් ඇමතිතුමා කරපු දෙයක් කියලා. බැසිල් මට තර්ජනය කළා 2014 ආණ්ඩු පෙරළන්න හදනවද කියලා. ඒ වෙලාවේ මම කිසිම පියවරක් ගත්තේ නැහැ. මෙය සංහිඳියාත්මක ප්‍රශ්නයක්. අයි. එස්. අයි. එස් වගේ ලෝක ත්‍රස්තවාදයක් බිහි වෙද්දි එය ලංකාවට පමණක් නෙමෙයි ඉන්දියාවේත් ආරක්ෂාවට තර්ජනයක්. එවන් තවත් බොහෝ අවස්ථාවල මේ රටේ දේශපාලඥයන් ගොළුවන් බිහිරන් සේ සිටියදීඒ ගැන කතා කරන අපි ජාතිවාදීන් කියනවා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්