හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»

මගේ නැට්ට ගැන කාටවත් ඇයි රුදා

මගේ නැට්ට ගැන කාටවත් ඇයි රුදා

හිටපු රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න

මොකද හිටිහැටියෙම ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළේ? කවුද කිව්වේ දැන් හිටියා ඇතියි කියලා?

මේක හදිසියේ ගත් තීරණයක් නෙවේ. අපේ ආණමඩුව පළාතේ මගේ ඡන්දදායකයෝ වගේම මහා සංඝරත්නයත් තදබලව ඉල්ලීමක් කළා යහපාලන ආණ්ඩුවේ දැන් හිටියා ඇති, ඉවත් වෙන්න කියලා. මම ඒක ඉෂ්ට කළා. ජනතාව නැතුව දේශපාලනය කරන්න බැහැ. මම දෙසැම්බර් මාසයේ ආණමඩුව මධ්‍යම සංවිධායකවරුන් කැඳෙව්වා. එතෙන්දි ඒ අය මට දැඩිව කිව්වා මේ තත්ත්වයෙන් මාත් එක්ක ඉදිරියට තවත් යන්න බැරි බව පිළිගන්න කියලා. පස්සේ මම ඒ දේ පිළිගත්තා. දැන් මම නිදහස් මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරනවා.

ඔබටමත් හිතුණද දැන් හිටියා ඇති කියලා?

ඔව්, මටත් එහෙම හිතුණා. මට තේරුණා මේ යන ගමන එතරම් හොඳ නැහැ කියලා. ඉදිරියේදී විශාල ප්‍රශ්න රාශියක් ඇති වෙන්න පුළුවන් කියලා මට තේරුණා. මාව පාර්ලිමේන්තුවට එව්වේ ආණමඩුව හා පුත්තලම ජනතාව. ඒ නිසා ඒ අය කියන දේ අහන්නේ නැතුව මට මේ ගමන යන්න බැහැ.

ඒත් ඔබ රටේ ජනතාවට මුහුණ දෙන්න බැහැ කියලා අයින් වුණා කියලත් කියනවා..?

මුහුණ දෙන්න බැහැ නෙමේ. ජනතාව මගෙන් ඉල්ලීමක් කළා. මම ඒ ඉල්ලීමට කන්දුන්නා. අපි මහජන ඡන්දයෙන් තේරී පත් වුණු මන්ත්‍රීවරු මිසක්, ජාතික ලැයිස්තුවෙන් තේරුණු අය නෙවේ. මම මේ තීන්දුව හිටිහැටියේ ගත් තීරණයක් නෙවේ. අපේ පක්ෂයේ අය, ජ්‍යෙෂ්ඨයන් එක්ක මම දීර්ඝ කාලයක පටන් මේ ගැන සාකච්ඡා කරලා මම ඒ අයට කිව්වා මට මේකේ ඉන්න බැහැ කියලා. මට අයින් වෙන්න සිදු වෙනවා කියලා මම වේලාසනම දැනුම් දුන්නා.

ඔබ වැට් බදු පනතට පවා විරුද්ධව ඡන්දය දුන්නා කියලා කියනවා. ඒ කියන්නේ මේ අමනාපය ටික කලක පටන් ආපු එකක්?

මගේ හෘදයසාක්ෂියට අනුව බලනවා නම් මේ බදු පනතට ජනතාව විරුද්ධයි. මම ඉන්නේ ජනතාව එක්ක. ඒ නිසා මම මේකට ඡන්දය දුන්නේ නැහැ. ඡන්දය පාවිච්චියෙන් වැළකී සිටියා. ඒ මගේ හිතේ මේ එපා වීම තිබුණේ කාලයක පටන් තිබුණ නිසා.

ඇමැතිකම් භාර ගන්න කොට මේ දේවල් හිතුණෙ නැද්ද?

මම මේ ඇමැතිකම කැමැත්තෙන් භාරගත් දෙයක් නෙවේ. මේ ඇමැතිකම මම බාර ගත්තේ ආණමඩුව ජනතාව මගෙන් ඉල්ලපු නිසා. ආණමඩුව කියන්නේ ඈත අතීතයේ ලොකු කළු තිතක් තියෙන ආසනයක්. භීෂණය තිබුණා. මේ නිසා තමයි අප ආරක්ෂා කරන්න කියලා ජනතාව මගෙන් ඉල්ලීමක් කළේ. එදා පටන් මම ඒ ජනතාව වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රැක්කා. ඒ අයගේ ලේ හෙල්ලෙන්න දුන්නේ නැහැ. ඒත් මම හරියට කලකිරිලා හිටියේ. තරුණ මන්ත්‍රීවරු අපිව විවේචනය කරනවා. පසුගිය කාලයේ මන්ත්‍රීවරුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති වුණා. උද්ඝෝෂණ හැම තැනම. දැන් අවුරුදු දෙකක් ඉවර වෙන්න යනවා. ඒත් මේ ආණ්ඩුවට තාමත් හරිහමන් වැඩපිළිවෙළක් නැහැ. හැඟීමක් නැති ආණ්ඩුවකට අපි හැම තිස්සේම අත උස්සනව නම් අපිටත් ඇති වෙන්නේ ඒ තත්ත්වයමයි.

ඇමැතිත් එක්ක වැඩ කරන්න බැරි තත්ත්වයක් උදා වුණා කියලත් කතාවක් තියෙනවා. අනෙකුත් අමාත්‍යාංශවල ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් යූඑන්පී - ශ්‍රී ලංකා කවළමේ කරන කොට, ඔබේ අමාත්‍යාංශය ලැබුණේ එකම පක්ෂයක දෙන්නෙකුට. ඉතින් ඇයි මේ විරසක..?

එහෙම ඇමැතිතුමත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. අමාත්‍යාංශයේ කිසි ගැටලුවක් මට ඇති වෙලා නැහැ. මම ඇමැතිකමේ ඉඳගෙන ජනතාවට සේවයක් කළා. අපි කොච්චර වැඩ කළත් අවසානයේ ජනතා මතය වෙනස් වෙනවා. බලන්න පසුගිය රජය කාලයේ අපි විශාල වැඩ කොටසක් කළා. ඒත් අවසානයේ මොකද වුණේ? අපි ඡන්දයෙන් පරාජයට පත් වුණා. වැඩ කරලා ජයග්‍රහණය කරන්න බැහැ. ජනතාවත් එක්ක හිටියොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. එක තමයි ලංකාවේ තත්ත්වය.

මේ රජය ඉක්මනින් බිඳවැටෙයි කියලා හිතනවද?

ඔව්. මෙහෙම යන්න බැහැනේ. එක්කෝ අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕන. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕන. මෙහෙම දෙපැත්තට බෙදිලා යනකොට ඉස්සරහට යන්න බැරි වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 15000ක් චීනයට දෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. හෘදයසාක්ෂියට අනුව මේවට අපේ අය විරුද්ධ වෙන්න ඕන. සමහරු මට දොස් කියනවා නරියගේ නැට්ට කපා ගත්තා කියලා. මම කපා ගත්තේ මගේ නැට්ට. නැට්ට ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. ඇමැතිකම්වල සැපසම්පත් නෙවේ මට අවශ්‍යය, ජනතාව.

ආණ්ඩු පක්ෂයෙන් ඔබේ ඉවත් වීම ආණ්ඩුව දෙදරීමේ පෙර

සලකුණක්ද?

මට එක කියන්න බැහැ. මම තීන්දුවක් ගත්තා. ඒක ජනාධිපතිතුමාටත් කිව්වා. අනිත් අය ගැන කියන්න බැහැ. අපි ඇතුළේ ඉඳගෙන ගොඩාක් දේවල් ගැන කතා කළා. මගේ ඉවත් වීම මම කාට වත් අභියෝගයක් කරන්නේ නැහැ. මේක මම ස්වේච්ඡාවෙන් ගත් තීරණයක්. ඒත් ඉදිරියේදි මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ.

ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න අදහසක් වත්

තියෙනවද?

ඒකෙත් ඉන්නේ අපේම අයනේ. අපි සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මේ සියලු දෙනාම බුලත් කොළෙන් පාර්ලිමේන්තුවට ආ අය.

ජනාධිපතිතුමා ඔබේ ඉවත් වීම පිළිගත්තද?

මම ජනාධිපතිතුමාට කියල තමයි ඉවත් වීමේ ලිපිය බාරදුන්නේ. එතුමා බාර ගත්තේ නැහැ. ඒත් මම මගේ අමාත්‍යාංශයෙන් භාර ගත් සියලු වාහන දුරකතන සියල්ල බාරදීලයි මම දවල් දොළහෙන් පස්සේ ජනාධිපතිතුමා හමු වෙන්න ගියේ. ඒ ගියේ මගේ පෞද්ගලික වාහනයෙන්.

දී තිබූ ආරක්ෂාවත් ඉවත් කළා කියලා ආරංචියි..?

මට ආරක්ෂාවට හය දෙනෙක් හිටියා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දෙන ආරක්ෂක නිලධාරීන් දෙන්නා මට දීලා තියෙනවා.

මොනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ?

අපේ පක්ෂය වෙනුවෙන් මම සංවිධායක කටයුතු කරනවා. පක්ෂයත් සමඟ යන තීන්දු එක්ක මම කටයුතු කරනවා.

ගුවන් සේවා ඇමැති කාලයේ වූ යම් යම් සිදුවීම් සම්බන්ධව ඔබට චෝදනා පවා එල්ල වුණා..?

අපි හොරු නෙවේ. සියල්ල ජනතාව වෙනුවෙන් කළ දේවල්. මැයි දිනයට ආණමඩුවේ ජනතාවට කන්න දුන්නා කියලා ඉන් එකක්. හිටපු ජනාධිපතිතුමා ආණමඩුව දැයට කිරුළට ආ වෙලාවේ ශ්‍රී ලංකන් කේටරින්වලින් කන්න දුන්නා කියලයි තවත් එකක්. මේවා තමයි මේ චෝදනා. මම කිසිම විටක රජයේ දේපළ අවභාවිත කරලා නැහැ. අමාත්‍යවරයකු ලෙස හරි දේ කරලා තියෙනවා. ඒ සියලු වියදම් කළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන්.

මෙයිනුත් ඔබට යම් කලකිරීමක් සිදු වෙලා තිබෙනොද?

නැහැ, මම කලකිරිලා නැහැ. මම ඕනෑම අභියෝගයක් බාර ගන්න ලෑස්තියි. මේවට බය නම් මම ආණ්ඩුවේම ඉන්න එපායෑ. මම ඒවට බය නැහැ. මම ආණ්ඩුවෙන් එළියට ආවේ ඒ හැම අභියෝගයක්ම බාර ගෙන. මේ නිසා මට ඉදිරියේදි මීට වඩා අභියෝග එන්න පුළුවන්; මඩ ගහන්න පුළුවන්.

* 2017 වර්ෂය අභියෝගාත්මක වර්ෂයක් කියලා කියනවා. ආණ්ඩුවට පාඩමක් වත් උගන්වන්න හිතාගෙන ඉන්නවාද?

මම ඒක දන්නෙ නැහැ. මම ඒ තීන්දු ගන්නෙ නැහැනේ. ඒකාබද්ධ විපක්ෂය එහෙම කියනවා. ඒත් මැතිවරණයක් තියන්න වෙන්නේ 2020දී. කොහොම වුණත් පක්ෂ එක්ක සාකච්ඡා කරලා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා නම් මම කොන්දේසි විරහිතව එතැන ඉන්නවා. රටේ බලාපොරොත්තුවත් ඒකයි. හවුල් ආණ්ඩුව ගැන දැන්ම මිනිසුන්ට කලකිරිලා. මෙහෙම යන්න බැහැ.

ඉවතට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් කියන්න තියෙන්නේ මොනවද?

මට එහෙම කියන්න බැහැ. ඒත් මිනිසුන්ට කලකිරිලා තියෙන්නේ. ආණ්ඩුවක් විදියට රජය ගන්න යම් යම් තීරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපිත් වගකිව යුතුයි. ඒත් අද මම ඒ පවින් ඈත් වෙලා ඉන්නවා. ම‍ගේ ඉවත් වීම ගැන රටේ විශාල ආන්දෝලනයක් ඇති වුණා; මට රතු එළියක් වැටුණා. කහ එළියෙදි මම ඉවත් වෙන්න සූදානම් වුණා. කොළ එළියෙදි ඉවත් වුණා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්