හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»

ඔය ඔක්කොම බෑන් චූන් කතා

ඔය ඔක්කොම බෑන් චූන් කතා

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා

සීමා නිර්ණ වාර්තාව ප්‍රමාද වීම සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශයට චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මගේ අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව මනින්නෙ සිමානිර්ණ කොමිෂන් වාර්තාවෙන්ද? එය විහිළු කතාවක්! මගේ අමාත්‍යාංශයේ නම 'පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය' මිසක් 'සීමා නිර්ණ අභියාචනා කොමිෂන් සභා කමිටු වාර්තා අමාත්‍යංශය' නොවෙයි! මගේ අමාත්‍යාංශයේ වැඩ තක්සේරු කරන්න මේ වාර්තාවේ ප්‍රමාද වීමෙන් පුළුවන්ද? විශේෂයෙන් කියන්න ඕනෑ මා මේ ගෙවන්නේ පෙර පව්. මම එහෙම කියන්නේ මේ සීමා නිර්ණ ගැටලුව සම්බන්ධයෙන් පෙර සිදු කරන ලද වාර්තා සැකසීම නිවැරදිව සිදු වුණා නම් මේ වාර්තාව මෙතරම් ‍ප්‍රමාද වන්නේ නැහැ. මගේ අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව පිළිබදව කිසිදු කෙනකුට ඇඟිල්ල දිගු කරන්න බැහැ. පසුගිය ආණ්ඩු සමයේ අවුරුදු තුනක් ගත්තා මේ වාර්තාව ලබාදෙන්න. ඒ වාර්තාවේ අඩු-පාඩු තිබුණ. ඒ නිසා ගැසට් කළාට පස්සේ විශාල ජනතා ‍විරෝධයක් ආවා. මේ කරුණු සලකා බලා, කමිටුවක් පත් කළ යුතුයි කියන ක්‍රියාදාමයට මා එළඹුණා. ඇත්ත වශයෙන්ම මේ රටේ දැවෙන ප්‍රශ්න ඕනෑ තරම් තිබෙනවා කතා කරන්න. ඒත් මේ සිමානිර්ණ වාර්තා සම්බන්ධයෙන් දිගින් දිගටම මට‍ චෝදනා එල්ල කරනවා. මා කාගෙවත් චෝදනා භාර ගන්නේ නැහැ. මා විනිවිද භාවයෙන් යුතුව වැඩ කරන ඇමැති කෙනෙක්. ඇතැම් ඇමැතිවරු කමිටුවක් පත් කළාම හුරු වෙලා ඉන්නේ තමුන්ම ඒ කමිටුව පාලනය කරන්න. කමිටුවේ ස්වාධීනත්වයට ගරු කරන්නේ නැහැ. නමට පමණක් කමිටු පත් කරගෙන කමිටුවේ බලතල අස්සනට පමණක් සීමා කරන ඇමැතිවරු වගේ මම කාවවත් නටවන්න නැහැ. මා මේ සීමානිර්ණ පිළිබඳ පත් කරන ලද කමිටුවේ සාමාජිකයන්ට පූර්ණ බලතල දී තිබෙනවා. ඒ ලෙස ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දීපු නිසා තමයි මේ කමිටුවේ සභාපතිවරයාත් මට මේ විදිහට ගහන්නේ.

මේ ප්‍රමාදය කමිටුවේ වරදක් නොව, අමාත්‍යාංශයේ ප්‍රමාදයක් බව අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණා..?

ඔහු ඒ සම්බන්ධයෙන් මා හෝ මගේ ලේකම්වරයා හෝ ලිඛිතව දැනුවත් කර නැහැ; අමාත්‍යාංශය ප්‍රමාද කරන බවක්, ඒ සඳහා ඔවුන්ට සම්පත් ලබා නොදෙන බවක් ප්‍රකාශ කර නැහැ. ඔහු වගකීම් දරපු ජ්‍යේෂ්ඨ ලේකම්වරයෙක්. අපි දේශපාලනඥයන් හැටියට හැම දේටම තෙම්පරාදු වෙලා ඉන්නේ. එවැනි පීඩනයක් මේ කමිටුවේ සභාපතිවරයාට, පරිපාලන ක්ෂේත්‍රයේ හිටපු උදවියට දරාගන්න අමාරුයි. මාධ්‍ය අපට දොස් කියනවා, දේශපාලනඥයන් අපට ‍දොස් කියනවා. ඒ පීඩාවන් අපිට දරාගන්න පුළුවන්. මේ පරිපාලන නිලධාරීන්ට මේ දේවල් දරා ගන්න බැරි වුණාම තව‍ කෙනකු‍ට ඇඟිල්ල දිගු කරනවා. මට ඇඟිල්ල දිගු කරලා ඔහුගේ පීඩනය උහුලාගත හැකි නම් ගැටලුවක් නැහැ.‍

රාජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලා අස් වීමට හේතුව පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීමද?

ඉල්ලා අස් වීම මේ ප්‍රමාදයේ ප්‍රතිඵලයක්ද කියන්න මා දන්නේ නැහැ. දින සියයේ ආණ්ඩුවේ මුලින්ම ඉල්ලා අස් වුණේ මම. මේ රටේ දැවෙන ප්‍රශ්න ඕනෑ තරම් තිබෙනවා. මේ දේවල් ඒ තරම් දේවල් නෙමෙයි.

තම ධුරයෙන් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ඒ රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා ඔහුට පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් තිබුණ බව....

මම ඔහුගේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙනවා. මම දන්නා ආකාරයට පාක්ෂිකයන් මෙහෙයවන්නේ නායකත්වය විසින් මිස නායකත්වය මෙහෙයවන්නේ පාක්ෂිකයන් නොවෙයි. මීට වඩා මා මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ ඇමැති ධුරයක් බාර ගන්නා බව ඔහු සඳහන් කරනවා..?

ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව ඔහුට පුළුවන් ඕනෑ තරම් ප්‍රකාශ නිකුත් කරන්න. ඔහුගේ ප්‍රකාශ පිළිබඳ මා කොහොමද පිළිතුරු දෙන්නේ?

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ අභ්‍යන්තර ගැටුම් නිසාද?

මේවා 'බෑන් චුන්' කතා.

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව බිය නිසයි ඡන්දය ප්‍රමාද කරන්නේ කියා ඇතැමුන් කියනවා?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්ක අපි මේ සටනට බැස්සේ බයේ නොවෙයි‍. හුඟක් අය බහින්න ආසාවෙන් හිටියා; ඒත් බැස්සේ නැහැ බයට. හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබුණ රාජ්‍ය යන්ත්‍රණය කිසිවකුට පරද්දන්න බැරියැයි ඔවුන් සිතීම. ඒත් නිහඬ ජන්ද දායකයා ඒ සඳහා සුදුසුම පිළිතුර දුන්නා. එවැනි අභියෝගයකට මුහුණ දුන් ජනාධිපතිවරයකුට සහ අපට මේ පුංචි ඡන්දය ප්‍රමාද කරන්න ඇති බය මොකක්ද?

ඒත් මේ පුංචි ඡන්දය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඔබත් ඔබේ අමාත්‍යාංශයත් වගකීම භාරගත යුතුයි කියලා පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරනවා..?

මම මගේ ප්‍රමාදය සම්බන්ධ මට අදාළ පංගුව භාර ගන්න කලින්, ප්‍රමාද වීමේ ඉතිරි පංගුව කලින් වාර්තාව හදපු අයට භාර ගන්න කියලා ඔය සංවිධානවල උදවියට මම කියනවා. අද මගේ වගකීම සම්බන්ධයෙන් කතා කරන ඔය කියන සංවිධාන එදා අවුරුදු තුනක් ප්‍රමාද සීමා නිර්ණ කමිටු වාර්තා ගැන ඇයි නිහඬ? ඒ කාරණාව රටට හෙළිදරවු කරන්න කියන්න ඔය සංවිධානවල උදවියට.

ඔබ මේ වාර්තාව ප්‍රමාද කිරීමට විදේශගත වූණා කියලා චෝදනාවක් නැඟෙනවා...?

මම ‍මගේ පවුලේ සාමාජිකයන් සමඟ මක්කම වන්දනාවට ගියා. වාර්තාව සම්බන්ධයෙන් කරුණු වාර්තා වූ වහාම මා යළිත් ලංකාවට ආවා. දේශපාලන වේදිකාවක් නැති උදවිය කියනවා මා මඟහැර ගියා කියලා. මා මේ කමිටුව පත් කළ දවසේ සිට සද්භාවයෙන් කටයුතු කළා.

සීමා නිර්ණ වාර්තාවට ඒ කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු අස්සන් නොකිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මම ඒ අයට කිව්වා ඉතා ඉක්මනින් මෙය අවසන් කරලා මට භාර දෙන්න කියා. මේ සම්බන්ධයෙන් මත ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. පෑනේ තීන්ත විතරයි යන්නේ. අස්සන් තැබීම ඔවුන් කරයි.

ඔබ ඒ සම්බන්ධයෙන් සරලව පිළිතුරු දුන්නත්, අස්සන් නොතැබූ සාමාජිකයන් දෙදෙනා කියනවා මේ වාර්තාව කියවන්නෙ නැතිව අස්සන් තබන්න බැරි බව.?

ඒ සඳහා කාලයක් යයි. ඒ අනුව කියවා අවසන් වූ පසු ඉතා ඉක්මනින් අස්සන් තබා මා හට වාර්තාව ලබා දෙයි.

කෙසේ වෙතත් සීමා නිර්ණය සම්බන්ධයෙන් පත් කරන ලද අභියාචනා කමිටුවේ අස්සන් නොකරන සාමාජිකයන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එජාපය නියෝජනය කරන සාමාජිකයන් නේද? මෙතන දේශපාලනික වශයෙන් අභ්‍යන්තර මත ගැටුමක් තිබෙනවා නේද?

හැම වෙලාවෙම අභ්‍යන්තර ගැටුමක්ද කියලා ප්‍රශ්න කරන්නේ ඇයි? එහෙම දෙයක් නැහැ. මේ ප්‍රශ්නය පක්ෂයකට සීමා කරන්න එපා.

මම පළාත් සභා සහ පාලත් සභා ඇමැතිවරයා ලෙස කොයි පක්‍ෂයෙන් මේ ඇමැති ධුරයට තේරී පත් වුණත්, මුළු රටේම මේ විෂයය සම්බන්ධයෙන් ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන්නේ මම. මේ සිමා නිර්ණ අභියාචනා කමිටුවේ සමාජිකයන් රූකඩ වගේ පක්ෂවලට ඕනෑ විදිහට නටන්නේ නැතැයි මා විශ්වාස කරනවා. මේ උදවිය මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව අනුව ක්‍රියා කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සාමාජිකයන් මේ රටේ ජ්‍යේෂ්ඨ නීතිඥවරු දෙදෙනෙක්.

සීමා නිර්ණය අවසන් වුණු ප්‍රදේශවල ඡන්දය පවත්වන්න පුළුවන් කියලා පැ‍ෆ්රල් සංවිධානය පවසනවා..?

ඉතා ඉක්මනින් මේ වාර්තාව ලැබුණු වහාම මේ ඡන්දය තියන්න පුළුවන් මුළු රටේම‍. නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා මුළු වාර්තාව එක්වර ගැසට් නිවේදනය කළ යුතුයි කියා. කොහොමත් කඩ කඩ ඡන්ද තියන්න ජනතාව කැමැති නැහැ. මේ ප්‍රමාදය අස්සන් දෙක තබන තුරු පමණයි. එය සඳහා වැය වන්නේ ඉතා කෙටි කාලයයි.

මේ ඡන්දය කොයි කාලේ වගේද පවත්වන්න සිතාගෙන ඉන්නේ?

සියලු ප්‍රශ්න කෙළවර කරගෙන, මේ වසරේ මැයි මාසය වන විට ඡන්දය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

සාකච්ඡා කළේ

සුභද්‍රා දේශප්‍රිය


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්