හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රාජ දූතයාගේ අබිරහස් මරණය

රාජ දූතයාගේ අබිරහස් මරණය

මගේ සැමියා ඊයේ ඉඳලා අතුරුදන්...! කිසිම තොරතුරක් නෑ. මොබයිල් ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.. බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පොලීසිය වෙත පැමිණි එරට හිටපු ග්‍රීක තානාපති කයිරියාකොස් අමිරිඩිස්ගේ බිරිය ෆ්‍රැන්කොයිස් ඔලිවීරා එසේ පැමිණිලි කළේ පසුගිය දෙසැම්බරයේ 29 වැනිදාය. ඒ වනවිට 59 හැවිරිදි ග්‍රීක තානාපතිවරයා අතුරුදන්ව දින තුනක් ගතවී තිබිණි.

මේ පුවත සැලවූ විගස රියෝ ද ජැනයිරෝ පොලිස් ප්‍රධානියා හුනස්නෙන් නැඟී සිටියේ සිදුවීම බෙහෙවින් බරපතළ එකක් වූ බැවිනි. අතුරුදන්වී ඇත්තේ රාජදූතයකි. ඒ වනවිට අයි.එස්. සංවිධානයට එක්වී සිටි තුර්කියේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරියකු අතින් එරට හිටපු රුසියානු තානාපතිවරයා ඝාතනයට ලක්වීමේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් දේශපාලන ලෝකය දැඩි කැලඹීමට පත්වී තිබිණි. එබැවින් ග්‍රීක තානාපතිවරයාගේ අතුරුදන්වීම රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැඩි අවධානයට පාත්‍රවූ සිදුවීමක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. අසුරු සැණින් එය ලොව පුරා උණුසුම් ප්‍රවෘත්තියක් ලෙස ද පැතිරී ගියේය.

විමර්ශන කටයුතු වහා ඇරැඹිණි. මේ සිදුවීම සම්බන්ධව ඉක්මනින්ම බ්‍රසීල රජයේ සහ ග්‍රීක රජයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. බ්‍රසීල පොලීසියේ අවධානය මුලින්ම යොමුවූයේ එය ත්‍රස්තවාදී කල්ලියක් විසින් සිදුකරනු ලැබූ ක්‍රියාවක්දැයි යන්න සොයා බැලීමටය.

ග්‍රීක තානාපතිවරයාගේ අතුරුදන්වීමේ පරීක්ෂණ කටයුතු එලෙස ලහි ලහියේ සිදුවෙද්දී ඊට පසුදින රියෝ නගරයට උතුරු දෙසින් පිහිටි නෝවා ඉගුවාකූ දිස්ත්‍රික්කය හරහා දිවෙන අධිවේගී මාර්ගයේ දෙවැනි පිවිසුම් මාර්ගය අසල බෑවුමේ දැවී අළුවී ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනීමෙන් තත්ත්වය තවත් උණුසුම් විය.

විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ පරීක්ෂණ කටයුතුවල මුහුණුවර වෙනස් විය. දැවී අළුවී ගිය මෝටර් රථයේ හඳුනාගත නොහැකි ආකාරයට පිලිස්සුම් සහිත මළ සිරුරක් ද තිබුණු අතර එය අතුරුදන්වූ ග්‍රීක තානාපතිවරයාගේ විය හැකි බවට පොලීසිය සැක පහළ කළේය.

එම ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයේ අංක තහඩුව පරීක්ෂා කිරීමේදී එය අතුරුදන්වූ ග්‍රීක තානාපතිවරයා විසින් සිය පෞද්ගලික පරිහරණය සඳහා කුලියට ගත් මෝටර් රථය බැව් හෙළිවිය. ඊට සතියකට පෙර එය ඔහු විසින් කුලියට ගෙන තිබුණේ සිය බිරිය සමග නත්තල් නිවාඩුව ගත කිරීම සඳහාය. කරුණු සොයා බැලීමේ දී ග්‍රීක තානාපතිවරයා දෙසැම්බර් 21 දා සිට ඉගුවාකූ දිස්ත්‍රික්කයේ නිවාඩුව ගත කරමින් සිටි බැව් පොලීසියට සොයා ගත හැකි වූ අතර සොයා ගත් මළ සිරුර අතුරුදන් වූ ග්‍රීක තානාපතිවරයාගේ බවට එරට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කරනු ලැබීමෙන් කාරණාව තවත් බරපතළ මුහුණුවරක් ගත්තේය.

එරට ග්‍රීක තානාපති කාර්යාලය පසුව ඒ.එෆ්.පී. පුවත් සේවයට පැවසූ ආකාරයට තානාපතිවරයා නැවත බ්‍රසීලයේ අගනගරය වන බ්‍රසීලියා හි පිහිටි සිය නිල නිවහන වෙත පැමිණීමට නියමිතව තිබුණේ ජනවාරි 9 වැනිදාය. මේ කරුණු ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකළ බ්‍රසීල පොලීසිය වැඩි දුර කරුණු අනාවරණය කරගැනීමට ග්‍රීක තානාපතිවරයාගේ බිරියගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. එහි දී ඇය විසින් ප්‍රකාශ කළ පරස්පර විරෝධී ප්‍රකාශ පොලීසියේ තියුණු සැකයට භාජනය විය. ග්‍රීක තානාපතිවරයාගේ මරණය ඇය විසින් සැලසුම් කරනු ලැබූ ඝාතනයක් බවට පොලීසිය සැක පහළ කළේ ඒ අනුවය. වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඇය රඳවා තබාගැනීමේ නියෝගයක් එරට අධිකරණයෙන් ලබාගත් පොලිස් විමර්ශන ඒකකය පැය දහයකට අධික කාලයක් ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ග්‍රීක තානාපතිවරයාගේ ඝාතනයේ සුලමුල කෙමෙන් කෙමෙන් හෙළිදරව් විය.

ඝාතනයට ලක්වූ ග්‍රීක තානාපතිවරයා සහ ඔහුගේ 40 හැවිරිදි සුරූපි බිරිය නත්තල් නිවාඩුව ගත කිරීමට ඔලිවීරා රියෝ ද ජැනයිරෝ නුවරින් කිලෝමීටර් 25 ඈතින් පිහිටි නෝවා ඉගුවාකූ දිස්ත්‍රික්කය බලා ගියේ ඔහුගේ අතුරුදන්වීමට දින දෙකකට පෙරදීය. ඇය කියන පරිදි ඔහු ඇයට ද නොදන්වා සිය මෝටර් රථය මගින් ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසින් නත්තල් දාට පසුදා උදෑසන පිටත්ව ගොස් තිබේ. පොලීසියේ සැකය ඇය වෙත යොමුවූයේ ඇයට තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීමට දින තුනක්ම ගතවීම හේතුවෙනි.

වසර 15ක් පුරා ඉතා සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටි තානාපති යුවළට 10 හැවිරිදි දියණියක ද සිටි අතර එරට ග්‍රීක තානාපති ආරංචි මාර්ග අනුව ඔවුන් අතර ඊට පෙර කිසිදු ගැටුමක් හෝ ආරවුලක් සිදුවී නොමැත. ග්‍රීක තානාපතිවරයාගේ මරණය ඝාතනයක් බව පොලීසිය විසින් අනාවරණය කරගනු ලැබුවේ ඔලිවීරාගේ පරස්පර විරෝධී ප්‍රකාශ මත සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි.

ග්‍රීක තානාපතිවරයාගේ මරණය ඝාතනයක් බව හෙළිදරව් කරගැනීමෙන් පසුව සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. ඒ සමගම එතෙක් හෙළිදරවු නොවූ ඔලිවීරාගේ සහ එරට පොලිස් නිලධාරියකු වන 29 හැවිරිදි සර්ජියෝ මොරෙයිරාගේ අනියම් පෙම් සම්බන්ධතාවක සුලමුල සොයාගැනීමට ද පොලීසිය සමත්විය. ඒ සමගම මොරෙයිරා අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට සහාය දුන් බවට සැක කළ ඔහුගේ ඥාති සොයුරෙක් ද අත් අඩංගුවට පත්විය.

ග්‍රීක තානාපතිවරයාගේ ඝාතනයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මොරෙයිරා පොලීසියට කියා සිටිය ද අදාළ පොලිස් නිලධාරියා සහ ඔහුගේ ඥාති සොයුරා ග්‍රීක තානාපතිවරයා අතුරුදන්වූ දිනයේ ඔහු නිවාඩුව ගත කළ ස්ථානයට පැමිණෙන අයුරු සී.සී.ටී.වී. කැමරා දර්ශන මගින් තහවුරු විය.

ග්‍රීක තානාපතිවරයා සහ ඔහුගේ බිරිය නිවාඩුව ගත කළ නිවසේ සාලයේ පලසක් මත තිබුණු ලේ පැල්ලම් කිහිපයක් පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර තානාපතිවරයා ඝාතනයට ලක්වීමට පෙර මොරෙයිරා සමග පොර බැඳීමක් සිදුකොට ඇතැයි ද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය විය.

තානාපතිවරයාගේ බිරිය සමග පෙම් සම්බන්ධතාවක් තිබූ බවත්, ඇගේ ඉල්ලීමට අනුව ඔහු ඝාතනය කළ බවත් අවසානයේදී සියලු කරුණු අනාවරණය වීමෙන් පසුව පොලිස් නිලධාරින් ඉදිරියේ මොරෙයිරා පිළිගත්තේය. තමාට පවුම් විසිදහසක් ගෙවන බව තානාපති බිරිය පොරොන්දු වූ බැවින් මේ ඝාතනයට හවුල් වූ බව මොරෙයිරාගේ ඥාති සොයුරා පොලීසියට පැවැසීය. තානාපතිවරයා ඝාතනය කිරීමෙන් පසුව මළ සිරුර ඔවූන්ගේම මෝටර් රථයෙන් අධිවේගී මාර්ගයේ දෙවැනි පිවිසුම් මාර්ගය අසලට ගෙන ගොස් ගිනි තබා බෑවුමට තල්ලු කළ බව ඔහු කියා සිටියේය. වසර 2012 සිට ලිබියාවේ ග්‍රීක තානාපතිවරයා ලෙස සේවය කළ කයිරියාකොස් අමිරිඩිස් බ්‍රසීලයේ ග්‍රීක තානාපතිවරයා ලෙස වැඩ බාර ගත්තේ පසුගිය වසරේ මුල් භාගයේදීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්