හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

.


ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

ඉන්දියාවේ සොලී රටින් නැත්නම් චෝල දේශයෙන් බොහොම ඉස්සර ඉඳලම ආඬි ගුරුන් ආවා. සාස්තර කියන්නන් වගේ, යන්තර මන්තරකරුවන් වගේ, බලි තොවිල්කරන්නන්, වෙළෙන්දන් වගේ මෙකී නොකී තාලයෙන් ආඬි ලෙස මේ රටට ඔවුන් ආවා. ඇවිත් ගමක් ගමක් ගානේ ඇවිද, මිනිසුන් රවටා හරි හම්බ කරගෙන යෑම සිරිතක් වුණා. ඒක තමයි ඔවුන්ගෙ ජීවන මාර්ගය වුණේ. ඔළුව මුදුනේ ටිකක් කෙස් ඉතුරු වෙන්න ඉස කෙස් බූගා එය වැහෙන්න තලප්පාවක් බැඳගෙන, වඩිග පටුන නටන නැට්ටුවන්ගෙ ඇඳුම වගේ ඇඳුමක් ඇඳගෙන, රැවුළක් වවාගෙන තමයි මේ ආඬි ඉන්නේ. ලොකු මාල ඇටපොටවල් දෙක තුනක් ම කරේ තියෙනවාමයි. නළලේත් අත්වලත් අළුවලින් ඉරිතුන ඇඳලා මල්ලත් එල්ලන් හැරමිටියත් අරන් මුව පුරා ම කපටි හිනාවක් තමයි හැම දෙනාටම පාන්නෙ. ඇවිදලා, ඇවිදලා නතර වෙන්නෙ අම්බලමක. අපේ ගම්වල මිනිස්සු කෑම වෙලාවට එන හැම අමුත්තෙකුටම කන්ට බොන්ට දීම සිරිතක් නෙ. ඒ ආගන්තුක සත්කාරවලට පවා මොවුන් උසුළු විසුළු කළා. ඒව අපේ මිනිසුන්ගෙ මෝඩකම් විදියට තමයි මේ අය විශ්වාස කළේ‍. මෙහෙම කතා කර කර අම්බලමක රැය පහන් කරන ආඬිවරු හත්දෙනෙක්ගෙන් එක ආඬියෙක් ඇහුවා.

“අපට රෑට කන්ඩ කොහොමද?” එකිනෙකා දවල් ගමේ ගෙවල්වලින් කාපු බීපුවා ගැනම කිව්වා. බඩවල් පිරිලා ඉතිරිලා බවත් කෑම ඕන නෑ කියාත් කිව්වා. “එහෙනං හැමෝටම බත් එපා. දවල්ට හොඳ හැටි කාපු නිසා රෑට කෑවෙ නැතුවට කමක් නෑ. අපි එහෙනං කැඳ ටිකක් උයාගෙන බොමු ද? වැඩිය හාල් යන්නෙත් නෑ.”

හත් දෙනාම මේකට කැමති වුණා. කවුද කැඳ උයන්නෙ? කාගෙන් ද හාල්? ආඬි ආයෙම කල්පනා කළා. “අපි හැමෝ ම හාල් දාමු, එක්කෙනෙක් විතරක් නොවෙයි කවුරුත් බොනවනේ කැඳ.” “එහෙනං එකතු කරමු හාල් මිට මිට‍.” “ඕනෑ නෑ නෑ. එහෙම කැතයි. වතුර ටික උණුවෙන කොට හාල් දමමු.” තව කෙනෙක් කිව්වා. කපටිකමයි, බොරුවයි වැඩි වෙන්න වෙන්න කතා බහයි හේතු කාරණායි වැඩි වෙන අපූරුව. බලන්න. “ඔව් ඔව් ඒක ලේසියි”. හැළිය ළිප උඩ තිබ්බා. හැම ආඬියාම දැන් හැළියට හාල් මිට මිට දමන්ට කතා කර ගත්තා. අනතුරුව එක්කෙනා එක්කෙනා තමන්ගෙ මල්ලත් අරං ළිප ළඟට ගිහිං මල්ලට අත දමලා හාල් නොගෙන නිකම්ම අත මිට මොළවා, හැළියේ කට ළඟට ගෙනල්ලා “ඕන් මම නං හාල් මිටක් දැම්මා. උඹලත් මිට මිට හාල් දමන්න” කිව්වා. ඔහු එහෙම කළේ තමන්ගෙ හාල් මිට ඉතුරු කරගෙන. අනිත් හය දෙනාගේ හාල්වලින් කැඳ බොන්ට හිතාගෙනයි. තව ආඬියෙකුත් හාල් මිටක් දමන බව අඟවා බොරුවට අත මිට මොළවා හැළියට දික් කළා. ඔහු දන්නෙ නෑ මුලින් ආඬියා හාල් නොදැම්ම බව. ඉතුරු පස් දෙනාමත් කළේ ඔය විදියටමයි. එක එක්කෙනා හිතුවේ තමන් පමණයි හාල් නොදැම්මේ කියලා. කැඳ ටික ඉදෙන තුරුම ඉතිං හත් දෙනාම කතන්දර කියනවා. හපන්කම් කියනවා. කවි කියවනවා. කැඳ උතුරන වගක් නෑ. හෝ! හෝ! හෝ! ගානවාම විතරයි කැඳ හැළිය. හැලියෙන් දුම් දමනවා. අපූරු වලාකුළු වගේ. ඔහොම ඉඳලා ඉඳලා එක්කෙනෙක් ගියා හැන්දත් අරගෙන ළිප ළඟට. දැන් කැඳ ඉදිලා ඇති කියලා හැදි ගාලා බැලුවාම උණු වතුර විතරයි. අවාසනාව කියන්නේ මේ කාටවත් ලැජ්ජාවක් හිතුණෙම නැති එක.‍ ලැජ්ජ නැති දේ කරලත්. “කෝ කැඳ”. එහෙනං ඕං නිදා ගනිමු ඉතිං”. හැමෝම එකවරම එහෙම කිව්වා. එක එක්කෙනා තමන්ගෙ මල්ල නමා කොට්ටය වෙනුවට ඒක ඉහ යටට තබාගෙන නිදා ගත්තා. ‍හැම දෙනාම හිතුවේ අනිත් හය දෙනාගෙන් කවුරු හරි ඒක ගත්තොත් කියලයි.

අධර්මය තුළම ඉන්න තාක් තමන්ට මොනම සැනසිල්ලක්වත් නෑ කියලා මේ අය වටහා ගත්තෙම නෑ. මෙහෙම තමයි ආඬි හත් දෙනාගෙ කැඳ හැළිය යන ප්‍රස්තාව පිරුළ හැදුණේ.


පොල් ගස අපේ කප්රුකයි

කප් රුක යනු සිතූ පැතූ සම්පත් ලබා දෙන ගසකි. ඒ අනුව පොල් ගස ද කප් රුකක් ලෙස නම් කළ හැකිය. රසට ආහාර පිළියෙල කිරීමේදී පොල් නැතිවම බැරිය. කිරිබත් පිළියෙල කරන්නට නම් හොඳ පොල් කිරි අවශ්‍ය බව අම්මා කියනු මා අසා තිබේ. පොල් ගසේ පත්‍ර ළිප ගිනි මෙළවීමට ද යොදා ගනු ලබයි. පොල් ගසින් විවිධ ප්‍රයෝජන ලබාගත හැකිය. එය නොමැතිව ලාංකික අපට ජීවත්විය නොහැකි තරම්ය. කෙසේ බැලුවත් පොල් ගස අපට කප්රුකක්මය.

ඩබ්ලිව්. ඩී. කෞශාල් ප්‍රියංජන

5 ශ්‍රේණිය

වැලිපතයාය ප්‍රාථමික විදුහල,

බළන්ගොඩ


ලස්සන ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙසින් ලොව පුරා පතළය. මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා සමනළ කන්දේ සිට ගලා බසින්නේ රිදී වන් සේලයක් ලෙසිනි. කෙත් යාය සහ වැව්, පොකුණු සිපගෙන හමන සිහිල් සුළං රැලි ගත සිත ප්‍රබෝධවත් කරයි. හග්ගල, පේරාදෙණිය වැනි මල් වතු අපගේ මෙන්ම විදේශිකයන්ගේ ද සිත් ඇද බැඳ ගනී. අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය වැනි ස්ථානවල නටබුන් අපේ නෙත් පුදුම කරවයි. ලෝකයේම ලස්සන රට ශ්‍රී ලංකාව යැයි මට සිතේ.

ආර්. ජී. චාරු හංසනා හිමායා

තිලකරත්න,

4 ශ්‍රේණිය,

මාළිගාතැන්න ප්‍රාථමික විද්‍යාලය,

උස්සාපිටිය


මා කැමැතිම විෂය

මා කැමතිම විෂය ශ්‍රී ලංකාවේ දෙවැනි බස වන දෙමළ භාෂා විෂයයි. දෙමළ භාෂාව ඉගෙනීමෙන් ජාතීන් අතර සුහදත්වය මෙන්ම එකමුතුකම ද ආරක්ෂා කරගත හැකිය. දෙමළ බස මා පාසලේ විෂයක් ලෙස නොකෙරුවද සාමාන්‍ය පෙළ අවසන් වී දෙමළ බස හැදෑරීමට කැමැත්තෙමි. මම දෙමළ භාෂා තරගවලට ඉදිරිපත් වී ජයග්‍රහණ ද ලබා ඇත්තෙමි.

ඩබ්ලිව්. ඒ. නෙත්මි දෙව්මිණි

11 ශ්‍රේණිය

ගුරු ගෙදර, සපුගස්කන්ද


පෙර­හර යනවා

සාදු සාදු සාදු කියා පෙර­හර යනවා
සට පට ගා කස­පු­පු­රන හඬ පැති­රෙ­නවා
කර­ඬුව ගත් ඇත් රජු තාල­ය­කට යනවා
ඇසළ පෙර­හරේ අසි­රිය අපට කිය­නවා
කස කරු­වන් ඉදිරි පෙළේ ගමන් කරන්නේ
පිටු පසි­නුයි බෙර කරු­වක් පාද තබන්නේ
කන් පින­වන බෙර නාදයි අවට ඇසෙන්නේ
ඇසළ පෙර‍හරේ අසි­රිය අපට කියන්නේ
කළ­ගෙඩි නැටු­මින් අප සැම නෙත් පින­වන්නේ
ලී කෙළි නැටු­මත් දැන් ඔය ජයට නටන්නේ
ඇස් ඉව­තට ගන්න නොහැකි ‍බවයි දැනෙන්නේ
ඇසළ පෙර­හැරේ අසි­රිය අපට බෙදන්නේ

සඳුනි අයේෂා ලම්බි­යස්
10 ශ්‍රේණිය,
කිරි­බ­ත්ගල විද්‍යා­ලය, වටා­පොත.


කිසි­වකු හට බැරිද ඔසු සොයලා දෙන්න

බැලු බැලු අතේ නැන්දගෙ රුව පෙනෙන්නේ
ඇයගේ සිනා හඬ නිතර ම ඇසෙන්නේ
නින්දට ගිය විටත් නැන්දා මැවෙන්නේ
මගෙ සුදු නැන්ද යළි කව­දාද දකින්නේ
අපගේ දියු­ණු­වයි නිත­රම ඇය පැතුවේ
කරුණා දයා­වෙන් නිතර ම ඉගැ­න්නුවේ
බුදු දහ­ම­ටයි නිතර ම ඇගෙ සිත දිව්වේ
මෙත් කරුණා සිතු­වි­ලිම යි ඇය සිතුවේ
අක්කයි මමයි දෙන්න ම කඩයි ම පැන්නා
ඒකට හැකි තරම් සහ­යෝ­ගය දුන්නා
නිත­රම ඇගේ මුහුණේ හස­රැලි‍ පෙන්නා
පවුලේ සැමට නිතර ම ජීවය දුන්නා
පිළිකා රකු­ස­ගෙන් හැම දෙන බේරෙන්න
කිසි­වකු හට බැරිද ඔසු සොයලා දෙන්න
ලොව කිසි­වෙ­කුට මේ රෝගය වැල‍ඳෙන්න
එපා කියා පත­නවා හිස නමා­ගෙන

ඒ.එච්. චම්පිකා ජය­මිණි
6 ශ්‍රේණිය ‘බී’,
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය,
හැදු­ණු­වැව.
 


මිදුලේ කල­බලේ

මිදුලේ වැහි වතුර පිරුණු පුංචි විලේ
පුංචි හොටෙන් දිය ඉස ඉස නාන වෙලේ
කීචි බීචි නාදේ රැව් දේ හැම වේලේ
මිදුලේ එකම කල­බ­ල­යකි කුරුලු නාන වෙලේ
වතුර විලෙන් ගහ­කට ඉගි­ළෙන්නේ
අව් රස්නෙන් තටු වේලෙන්නේ
යළි පියඹා විත් විලේ නටන්නේ
කුරුලු පැංචෝ සතු­ටින් ගීත ගයන්නේ

එනිඳු සුප­සන් ප්‍රේම­සු­න්දර
4 ශ්‍රේණිය ‘බී’,
කේරී විදු­හල,
කොළඹ 08.
 



 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්