හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


නායිකා

ප්‍රවීණ නවකතා රචක එඩ්වඩ් මල්ලවආරච්චි ලියන

මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව

ඔයාට මොකක්ද ඔය හැටි හදිස්සිය

සුගන්ධ පිබිදුණේ කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසීමෙනි. තවත් ටික වේලාවක් ඇ‍ඳේ වැතිර සිටීමට හේ අදහස් කළේය. සමහරවිට ඒ තමා අමතනවා ඇත්තේ විශ්මි විසින් විය යුතුය. ගත කළ ජීවිත කාලයෙන් වැඩි කොටසක් විදේශගතව සිටියත් ඉකුත් දින කීපය තරම් සතුටු වූ බවක් මතක නැත.

ආදරය, ප්‍රේමය පිළිබඳව යුරෝපීය රටවල යෞවනියන් ගේ හැසිරීම් ආසියාතික රටක තරුණියන්ට වඩා වෙනස්ය. ආසියාතික රටක නම් ගැහැණු දරුවෙක් විවාහ කර දෙන තෙක්ම දෙමාපියන් සෙවණේ වැඩෙති. හොඳ ගැහැණු ළමයෙක් ලෙස පතිකුලයට දෙන ‍තෙක් දෙමවුපියෝ සහෝදරයෝ ඇය ආරක්ෂා කරති.

එහෙත් විදේශ රටවල ළමයා යන සීමාවෙන් ඉවත් වූ පසු තරුණියට අවශ්‍ය නම් වෙන්ව ජීවත් වීමට පුළුවන. ඇයට තමාට අභිමත ජීවිතයක් ගත කිරීමට නිදහස හිමිව ඇත.

එම සංස්කෘතියට සුගන්ධ කැමැති වූයේ නැත. තමා දන්නා බොහෝ මිතුරන් විදේශවල තරුණියන් සමඟ ජීවත් වන අයුරු දැක ඇත.

ඉකුත් දින කීපය තුළ තම ජීවිතයට වෙනත් අදහසක් පිවිසි හැටි සුගන්ධට සිහිවෙයි. අප මේ හැසිරෙන්නේ නිරායාසයෙන් හදවතට පිවිසි හැඟීම් අනුවය. අපි මේ හැසිරෙන්නේ කිසිවෙක් ලියා දෙන පිටපතකට අනුව නොවේ.

පාසල් ජීවිතයේදී එකවරක් සිල්සමාදන් වූවාට පසු නැවත සිල් ගැනීමට නොලැබුණේ විදේශගතව සිටි හෙයිනි.

එදා සිල් ගැනීමට සිදුවූයේ ඇගේ අභිමතය අනුවය.

සිය තරුණ ජීවිතයේදී ඕනෑතරම් මිත්‍රයන් සමඟ ගමන් ගොස් ඇත.

නිල්තල්මසුන් බලන්ට, කුමන පක්ෂීන් බලන්ට, කඳවුරු බැඳ වන ජීවීන්ගේ ඡායාරූප ගැනීමට, වන අලි බලන්ට, රේස් පදින්ට ගිය හැටි මතකය. මෙම ගමන් බිමන් යෙදුනේ මිතුරු මිතුරියන් සමඟය. ඒ ගමන් වලදී ලද සතුට මෙන් නොව විශ්මි හමුවීමෙන් ලද්දේ වෙනත් අත්දැකීමකි.

මැය නිවසට ආවේ අම්මාගේ හෙදිය ලෙසය. එහෙත් අද ඇය සිටින්නේ හෙදියක් ලෙස නොවේ. ගැහැණු මේ විශ්වයේ සිටින අපූර්වතම සත්ත්වයෙකි. එක් පුද්ගලයෙක් තුළ මෙවන් කුසලතා රැසක් සැඟව ඇතැයි විශ්වාස කළ නොහැකිය. වනිතාවක් ලෙස, ගෘහණියක්, ගායන ශිල්පිනියක් ලෙස නිවසේ පරිපාලන කටයුතුවලදීත් ඇය පෙරමුණේ සිටියාය.

ඒ හැමටම වඩා උවැසියක් ලෙස සිල්සමාදම් වීමට ඇය තමා පෙළඹවූ හැටි. මුලදී සිටියේ අපහසුවෙන්. එහෙත් සිල්සමාදම් වීමෙන් ලද සතුට සැනසීම වෙනත් සිදුවීමක් හා සැසඳිය නොහැකිය. මේ තේ කෝප්පය රැගෙන එන්න ඇත්තේ විශ්මි බවට කිසි සැකයක් නැත.

“දොර වහල නෑ එන්ට”

දොර විවෘත කරගෙන එන ශිරාණි දුටු ඔහු පුදුමයට පත් වුණි.

“කෝ.... විශ්මි නෝනා”

“සර් විශ්මි ‍‍නෝනා උදෙන්ම ගියානෙ. සර් කෑම ලෑස්තියි.”

සේවිකාව පිටව ගිය පසු හිතට මහා තනිකමක් පාළුවක් දැනුණි. මෙතරම් ගැඹුරෙන් කිසිම ගැහැනියෙක් සිතට පිවිස නැත. ඔහු මුහුණ සෝදා එළියට ආවේය.

“අම්මා තේ බිව්වද?”

“දැන් දවල් කෑමටත් කිට්ටුයි. අපූරු නින්ද?”

“කෝ විශ්මි”

“විශ්මි ගෙදර ගියා. ඔයා නැගිටිනකල් බලන් ඉඳල පරක්කු වෙනව කියලයි ගියේ.”

“එයාට මොකක්ද ඔය හැටි තියෙන හදිස්සිය. හිටිය නම් නවරත්න එක්ක අරිනවනෙ.”

“වාහනේක තමා ඇරියෙ. මෙලහට ගෙදර යන්නත් ඇති.”

විශ්මි ආපසු හැරී සිය අත තරයේ අල්ලා ගත් තැනැත්තා දෙස බැලුවාය. මහමඟදී අනවසරයෙන් ගැහැනියක් ස්පර්ශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

“ඔහොම ඉන්නයි කිව්වෙ” එය විධානයකි.

“මට යන්ට දෙන්ට”

“බෑ යන්ට දෙන්නෙ නෑ”

“මෙච්චර වෙලා දික්කරගෙන හිටියෙ. මා එක්ක කතා කරන්ට එපා.”

“මම නිකම්ම නිකං ලී කොටයක් නෙමේ තරහ යන ආදරේ හිතෙන මමත් මනුෂ්‍යයෙක්.”

“එතකොට එතකොට අපි ලීකොට.”

“සමාවෙන්න ඔය දැන් කොහෙද දිව්වෙ.”

“මටත් මගෙ අතකපා ගෙන මැරෙන්ට ඕනෑ.”

“හිත මෙච්චර කුරිරු බව මම දැනගත්තෙ නෑ.” ඇය බිම බලාගෙන නිහඬව සිටියාය. හඬන්ට තරම් හදවත ආවේග බහුලව ඇත.

“සිල්ගත්ත කෙනකුගෙ හිත මෙතරම් කෘෘර වෙන්ට හොඳ නෑ.”

“කව්ද ඒ කේලම කිව්වෙ?”

“කවුරුවත් කියන්න ඕන්නෑ. අම්මත් එක්ක සිල් අරන් ඉන්න හැටි TV එකේ පෙන්නුවෙ”

“හානේ.... TV කළා තමයි.”

“ඒ විතරක් නෙමේ පත්තර වලත් ඉන්නෙ.”

“අර ප්‍රින්සිපල් මැඩම් බලන් ඉන්නවා. අනේ යමු.” අමනාපකම් නැතිව ගියා සේය.

“ඉතින් මම මොකටද? තමුන්නෙ මේකෙ සංවිධායක. රොටේෂන් ටික පුරුදු වෙන්න කියන්න.”

“ඔක්කොම බලන් ඉන්නෙ සර්ව බලන්නයි. ඒ මල් කෙල්ලන්ට මාව වටින්නෙ නෑ. අනේ යමු.” ඇය මඳ සිනාවකින් මුව සරසා ගනිමින් කීවාය.

“මට සනීප නෑ කියන්න.”

“ඔකෙස්ට්‍රා එකත් ඉන්න දවසෙ සෙල්ලම් කරමු.”

ඔහු ඇගේ යෝජනාව පිළිගත්තේ එහි සත්‍යයක් ඇති බව හැඟී ගිය හෙයිනි.

වන්දනා නඩය කලුතරින් බැස ගිය පසු රථය හිස්ය. ඔහු සිතා සිටියේ වලව්ව අසලට ගොස් විශ්මි කැඳවාගෙන යාමටය. ගැහැනු රවටා ගැනීමට පහසුය. ඈතින් පස්පියුමින් සැදි ජලතටාක යැයි සිතා දුවන්නේ මිරිඟුව වෙතය. මේ පරම්පරාවෙ අයට බස්, වෑන්, කාර් සාමාන්‍ය දේවල්ය. සමහරවිට ඇය පැජරෝ, ලෑන්ඩ් කෲසර් වලට රැවටුණා වෙන්ට පුළුවන. ඒ මායා බන්ධනයෙන් ඇය මුදාගත යුතුය. සමහරවිට ඇය මේ වනවිට නිවසට යන්ට ඇත. ඔහු විශ්මිගේ නිවෙසට ඇමතුමක් ගත්තේය.

“මාමා මට විශ්මිට පොඩ්ඩක් දෙන්න.”

“දුව තවම ආවෙ නෑනෙ තරංග. තවම ට්‍රිප් එකේ ඇති.”

“නෑ නෑ. අපිට කලින් ආවෙ. හොඳයි මම කතා කරල බලන්නම්.”

විශ්මි විද්‍යාලයේ තබා තිබූ පුහුණුවීමට අඳින ඇඳුමෙන් සැරසී ආවාය.

විදුහල්පතිනිය සාරංගගේ රංගන ශෛලය දැකීමට කැමැතිය. විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබද්දී නලදමයන්ති, මූදුපුත්තු, තිත්ත බත බැති ගීත නාටක නරඹා ඇත. මෙය ප්‍රංශයේ බැලේ නාට්‍යයක් ඇසුරෙන් සකසන ලද නාට්‍යයක කොටසකි.

ලබන සතියට


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්