හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


විවේකී සති අන්තයට රසවත් බතක්

විවේකී සති අන්තයට රසවත් බතක්

උපදෙස් විධායක සූපවේදී
සුජිත් ආරියරත්න

වසරක් ගෙවී තවත් නව වසරක් උදාවෙලා. ගෙවී ගිය නත්තලත් උදාවුණු නව වසරත් නිසා හැම දෙනාම පාහේ සිටින්නේ සතුටින්. රසවත් ආහාර වේලක් පිළියෙල කරගත් විට නිවෙසේ හැමෝම සතුටින් සිටින මේ දිනවල ඒ සතුට වඩාත් වැඩිකර ගත හැකියි. රසඳුන ‘විවේකී සතිඅන්තය රසවත් කරන කෑම’ විශේෂාංගයෙන් ඉතාමත් පහසුවෙන් ඉක්මනින් පිළියෙල කරගත හැකි බත් වර්ග දෙකක් පිළියෙල කරගන්නා අන්දම අද ගෙන එනවා.

මික්ස් සී ෆුඩ් රයිස්

පිසගත් කීරි සම්බා - 1 kg

කුඩා කෑලි කපා බැදගත් මාළු - 150 g

බැදගත් ඉස්සන් (සාමාන්‍ය ප්‍රමාණයේ) - 150 g

කුඩා තීරු කපා බැදගත් දැල්ලන් - 150 g

අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 20 g

හීනියට කපාගත් කැරට් - 50 g

හීනියට කපාගත් ලූනු කොළ - 50 g

පදමට ලුණු, ගම්මිරිස්

තෙල් මේස හැඳි - 3 - 4

සෝයා සෝස් මේස හැඳි - 3

බිත්තර - 4

බැද ගැනීමට තෙල්

සාදන්නේ මෙහෙමයි

පළමුවෙන්ම තරමක තාච්චියක් ගෙන ළිප තබා එයට තෙල් දමා හොඳින් රත්වෙන්නට තබන්න. දැන් ඉඟුරු සහ සුදුලූනු තලාගෙන රත්වූ තෙලට දමා හොඳින් තෙම්පරාදු කරගන්න.

බිත්තර හතර කඩා මෙම තෙම්පරාදුවට දමා හොඳින් කළවම් කරගන්න. මෙයටම සිහින්ව කපාගත් එළවළු වර්ග සහ ඉස්සන්, දැල්ලන් සහ මාළු දමා කළවම් කරගන්න. (මාළු කෑලි, ඉස්සන් සහ දැල්ලන් ගැඹුරු තෙලේ බැදගෙන මෙයට දැමිය යුතුයි.) දැන් මෙයට පිසගත් බත්, සෝයා සෝස් සහ ලුණු, ගම්මිරිස් රස අනුව එක්කර ගින්දර වැඩිකර හොඳින් කළවම් කරගන්න.


කානිවල් බත

සහල් - 500 g

සුප් කැට - 2

ලියාගත් ලොකු ලූනු - 100 g

ලීක්ස් - 100 g

තලාගත් ඉඟුරු තේ හැඳි - 1

තලාගත් සුදුලූනු තේ හැඳි - 1

රම්පෙ කැබැලි

කරපිංචා ඉත්තක්

කරාබු නැටි - 2 - 3

තම්බාගත් බිත්තර - 4

බැද ගැනීමට බිත්තර - 2

තලාගත් එනසාල් - 4, 5

මාගරින් මේස හැඳි - 2ක්

සොසේජස් කරල් - 4ක් 5ක්

පිළියෙල කරන ආකාරය

රම්පෙ, කරපිංචා, තලාගත් එනසාල්, කරාබු නැටි, ලුනු සහ සුප් කැට එක්කර බත පිසගන්න. ඒ අතර බිත්තර දෙකක් ගෙන භාජනයකට දමා හොඳින් ගසාගෙන බැදගන්න. බිත්තර සිහිනව කපා ගන්න. අවශ්‍ය නම් ආහාර වර්ණක භාවිත කරමින් වර්ණවත් කරගන්න.

සහල් හොඳින් සෝදා රම්පෙ, කරපිංචා, තලාගත් එනසාල්, කරාබු නැටි, ලුණු සහ සුප් කැට එක්කර බත පිසගන්න. ඒ අතර බිත්තර දෙකක් ගෙන කඩා භාජනයකට දමා හොඳින් ගසාගෙන සෝස් පෑන් එකකින් බැදගන්න. මෙසේ බැදගත් බිත්තර සිහින්ව කොටු කපා ගන්න. (අවශ්‍ය නම් ආහාර වර්ණක එක් කරමින් වර්ණවත් කරගන්නත් පුළුවන්. මේ සඳහා වර්ණ කීපයක් වුව භාවිත කළ හැකියි.)

දැන් තම්බාගත් බිත්තර හතර ගෙන දික් අතට දෙකට පලා සුදු මදය වර්ණ ගන්වා ගන්න. සෝස් පෑන් එකට තෙල් බිංදු කීපයක් දමා රත්වූ විට සොසේජස් බැදගෙන කුඩා පෙති කපා ගන්න. ඉන්පසු තරමක තාච්චියක් ගෙන එයට මාගරින් හා තෙල් දමා ළිප තබා තෙල් රත්වූ පසු ඉඟුරු, සුදුලූනු, ලියාගත් ලූනු සහ ලීක්ස් දමන්න. එය තරමක් තෙම්පරාදු වීගෙන එන විට පිසගත් බත්වලින් භාගයක් හා පෙති කපාගත් සොසේජස් එයට එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් ඉතිරි බත් ටික ගෙන ආහාර වර්ණකයක් දමා වර්ණ ගන්වා ගන්න. ඉන්පසු කෑම මේසයට යැවීමට සුදුසු තරමක බත් දීසියක් ගෙන එයට මුලින් පිස පිළියෙල කරගත් බත් දමා, ඊට සැරසිල්ලක් ලෙස පාට බත් දමන්න. එය පාට කරගත් සහ බැදගත් බිත්තරවලින් සරසා මේසයට යවන්න.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්