හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


BOLLYWOOD

 60 ලැබූ දා ‘අනාගත බෑණා’ත් ඇවිත්

ලන්ඩන් නුවර, ඇනාබෙල්ස් ප්‍රදේශයේ මේෆෙයාර් නම්වූ සමාජ ශාලාවට පැමිණෙන්නේ ලොව ප්‍රකට ධන කුවේරයන්. මෙවැනි පුද්ගලයන්ගේ උත්සව, සම්භාෂණ පැවැත්වෙන මේ සුපිරි ශාලාවට පසුගියදා පැමිණ සිටියේ බොලිවුඩ්පුර බැබළවූ අනිල් කපූර් ප්‍රමුඛ පවුලේ උදවියයි. ඥාතින් රැසක් ද පිරිවරා අනිල් එහි පැමිණියේ තමන්ගේ උපන් දිනය සමරන්නටයි. ඔහුගේ 60 වැනි උපන් දින සැමරුම වෙනුවෙන් තමයි, උත්සවය පැවැත්වුණේ.

වයස 60ක් ලැබුවත් තරුණයකු මෙන් ජැන්ඩියට හැඳ පැලඳගත් අනිල්, එම ස්ථානයට පැමිණියේ තම බිරිය සුනීතා ද කැටුවයි. වැඩිමල් දියණිය සෝනම් සහ බාල දියණිය, රියා ද උපන් දින උත්සවයේ කටයුතු සොයා බැලුවා. චිත්‍රපට අධ්‍යක්ෂ කරන් බූලානි ද එහි පැමිණ සිටියේ ‘අනාගත ඥාතියකු’ විලසින්. ඔහු සහ රියා පෙමින් බැඳී සිටින්නේ වසර 4ක පමණ කාලයක පටන්. නුදුරු දිනයකදීම කරන් සහ රියා අතිනත ගනීවි.

මේ උපන් දින උත්සවයට පැමිණි තවත් අමුත්තකු වෙත කපූර් පවුලේ සාමාජිකයන් මෙන්ම අනෙකුත් සමීප ඥාතීන්ගේ ද අවධානය යොමුවුණා. මේ අමුත්තාගේ නම, ආනන්ද් අහුජා. ඔහු තමයි සෝනම්ගේ පෙම්වතා. දිල්ලි නුවර ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින ඔහු සතුව රෙදිපිළි අලෙවි සලක් ද තිබෙනවා. මෙය, බොලිවුඩ් නළු නිළියන්ගේ ප්‍රියතම නිමි ඇඳුම් මන්දිරයක්.

අනිල් කපූර්ගේ උපන් දින උත්සවයට ආනන්ද් පැමිණෙතැයි බොහෝ දෙනකු සිතුවේ නැහැ. ඒත් සියල්ලන්ම පුදුම කරවමින් පැමිණි අනිල්ගේ මේ අනාගත බෑණා, පවුලේ සියලු දෙනා සමඟ එක්වී බොහෝ වේලාවක් රැඳී සිටියා.


ට්‍රම්ප්ගේ උත්සවයට බොලිවුඩ් නිළියක්

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් ඇමෙරිකානු ජනපතිවරණ සටනේදී ඔහු වෙනුවෙන් වෙහෙස මහන්සි වූ අංකුර බොලිවුඩ් නිළියක් ද සිටිනවා. ඇය තමයි, මනස්වි මම්ගායි. 2010 දී ඉන්දීය රූ රැජනක ලෙස කිරුළු පැලඳි 27 වියැති ඇය, එම ඡන්ද ව්‍යාපාරයේ නියැළෙමින් ප්‍රකාශ කළේ ට්‍රම්ප් ජය ගතහොත් එයින් ඉන්දියාවට වැඩි වාසි අත්වන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ ජනවාරි 20 දා. එදිනට පෙර දිනයේ විශේෂ උත්සවයක් පැවැත්වීමටත් නියමිතයි. එම උත්සවයේ විශේෂ අංගයක් වන්නේ පැය 4ක් පුරා පැවැත්වෙන ප්‍රසංගයයි. මේ ප්‍රසංගයේ වැඩි කාලයක් වෙන්වී ඇත්තේ මනස්වි වෙනුවෙන්. ඇගේ නර්තනයන් සහ රංගනයන් මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති.

“ජනවාරි 19 දා හවස 3ත් 7ත් අතර තමයි, මේ නව ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන්නේ. හවස 5 ට විතර නව ජනාධිපතිවරයා මේ උත්සවයට පැමිණෙනවා. ඔහු රැඳී සිටින්නේ පැයකට අඩු කාලයක්. මට ලැබිල තියෙන්නෙ හවස 5 ඉඳල 5.45 අතර කාලයයි. ඒ කාල වේලාව තුළදී තමයි, මගේ නැටුම් ගැයුම් ඉදිරිපත් කරන්නෙ.” ඇමෙරිකානු නව ජනාධිපතිවරයා සහභාගි වන කාලය තුළදී මනස්වි වැනි යොවුන් නවක නිළියකට මෙවැනි අවස්ථාවක් උදාවීම ඉතාම විරල සිදුවීමක් හැටියට සටහන් කළ හැකියි.

මෙම පිළිගැනීමේ උත්සවයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඇතුළු මිලියනයක පමණ ජනතාවක් සහභාගි වනු ඇතැයි පැවසෙනවා.

මනස්වි බොලිවුඩ් සිනමාවට පා තැබුවේ 2014 දී තිරගත වූ ප්‍රභූ දේවා අධ්‍යක්ෂණය කළ ‘ඇක්ෂන් ජැක්සන්’ චිත්‍රපටයේ රඟපෑමෙන්.


 

විරාට් අනුෂ්කා එන්ගේජ්මන්ට් කතාව බොරුවක්?

බොලිවුඩ් තරුවක් සහ ක්‍රිකට් ශූරයකු විවාහ ගිවිස ගන්නට යන බවට පුවතක් පසුගිය සතියේ ලොව පුරා ප්‍රචලිත වුණේ විදුලි වේගයකින්. කවුරුන්ද මේ නව යුවළ? ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි තමයි විවාහ ගිවිසගන්නට යන ජෝඩුව යැයි ප්‍රසිද්ධ වුණේ.

මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා ලබා ඇත්තේ සුපිරි නළු අමිතාබ් භච්චන් යැයි ද දැනගන්නට ලැබුණා. කතාව ඇත්ත නම් මේ වන විට විරාට් සහ අනුෂ්කා විවාහ ගිවිසගෙන. ජනවාරි 01 දා තමයි මේ දෙදෙනා එලෙස එක්වන බවට ආරංචි පැතිරී ගියේ.

නමුත් මාධ්‍යයන්ට විශේෂ ප්‍රකාශයක් කරමින් විරාට් කීවේ තමන් සහ අනුෂ්කා විවාහ ගිවිස ගන්නා බවට පළවූ කතන්දරවල කිසිම ඇත්තක් නැති බවයි.

“අපි දෙන්නාගෙ එන්ගේජ්මන්ට් එකක් තිබුණෙ නැහැ. එහෙම දෙයක් තියෙනවානම් අපි ඒවා හංගන්නෙත් නැහැ. අපේ නිවුස් චැනල්වලට මේ වගේ බොරු ආරංචි පතුරුවන්නේ නැතිව ඉන්න බැහැ වගෙයි.” විරාට් කෝලි එලෙස පැවසුවා.

ඔහු තවදුරටත් පැවසුවේ අමිතාබ් භච්චන් සමඟ ජයා භච්චන් ද ව්‍යාපාරික අනිල් අම්බානි ද මේ අවස්ථාවට සහභාගිවන බවටත් එම පුවත්වල සඳහන් වූ නිසා ආරංචිය දුරදිග ගිය බවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්