හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සුනිල් සාන්ත මෙහෙය දේදුන්නක් සේ මැකී නොයේ

සුනිල් සාන්ත මෙහෙය දේදුන්නක් සේ මැකී නොයේ

පසුගියදා ඔස්ට්‍රේලියානු ජාතික ආචාර්ය ටෝනි ඩොනල්ඩ්සන් විසින් පවත්වන ලද සුනිල් සාන්ත අනුස්මරණ දෙසුම පිළිබඳව ඉන්ද්‍රචාප ‘රසඳුන’ට අදහස් දක්වා තිබිණි. දෙසුම මඳ පමාවෙකින් පටන්ගත් බව හේ පවසයි. එය සත්‍යයකි. එසේ වූයේ වුවමනාවෙන් ම ය. ඒ වන විට ද, ශ්‍රී ලංකාවේ ක්‍රමයට, ඊට සවන් දීමට එන පිරිස පැමිණෙමින් සිටි බැවිනි.

තමා ඊට සහභාගි වූයේ ආසන දෙකක බණ ඇසීමට නොවේ යයි ඔහු ඊළඟට සටහන් තබයි. තමාට ලැබුණා යයි පැවසෙන එකකට වැඩි ඇරියුම්පත්වලට අනුව, ආචාර්ය ඩොනල්ඩ්සන් පවත්වන දෙසුමේ සිංහල පරිවර්තනය විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකයන් විසින් සිදුකරන බැව් පැහැදිලි සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් සඳහන් ය. ඔහුට නොවැටහුණේ කිනම් ඇරියුම්පතදැයි පාඨකයෝ වටහා ගනිත්වා! ආසන දෙකක හාස්‍යජනක බණ ඇසීමෙන් තමා අන්දුන් කුන්දුන් වූ බව හේ තවදුරටත් සඳහන් කරන්නේ ය. සිය ඇදුරා දෙසාබාන ඕනෑම ගුලියක්, තණ මිටියක් එසේ ය ඇදුරු තුමනි කියා ගිල දැමීමට හැඩ ගැසුණු උදවිය මෙවැනි දෙසුම් ඉදිරියේ අන්දුන් කුන්දුන් වීම අරුමයක් නොවේ. සත්‍ය ඉදිරියේ ඔවුන් නිද්‍රාශීලී වනවා හැර මොනවා කරන්න ද? එහෙත් ඉතා දුර බැහැර සිට එම දෙසුමට සවන් දීමට පැමිණි වැඩිහිටියන් පවා, ඉන් ඉක්බිතිව පැවැති සංවාදයට මහත් උනන්දුවෙන් සහභාගි වූ සහ සම්බන්ධ වීමට යත්න දැරූ අයුරු ය අප දුටුවේ. හොඳයි, ආචාර්ය ඩොනල්ඩ්සන්ගේ ඉංග්‍රීසි දෙසුම කියවා හෝ සවන් දී වටහා ගැනීමට යම් යම් අයට නො හැකි වූවා යයි උපකල්පනය කරමු. දොස්තර රුවන් ඒකනායකයන් ඉතා මැනවින්, නිරවුල් ව ඉදිරිපත් කළා යයි බොහෝ දෙනෙකු ඇගැයූ, සිංහල පරිවර්තනය ඉන්ද්‍රචාපට හාස්‍යජනක හා නීරස ලෙස දැනුණේ ඇයි? බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැන දී ය.

සුනිල් සාන්ත අප රටට අනන්‍ය සංගීත සම්ප්‍රදායක් බිහි කිරීමට ප්‍රධානතම වූ සංගීතඥයා බැව් පිළිගැනීමට තම ගුරුන් සේම අකැමැති චාපා, සුනිලුත් විශිෂ්ට ගායකයෙකු ලෙසට පමණක් ලඝු කරන්නේ ය. තමාට රුචි දේ සේම අරුචි දේ පිළිගැනීම හෝ නොගැනීම පිළිබඳ හීන් නූලේ සාහසිකත්වයක් දැරූ මහදැනමුත්තා සේ ම ගෝලයා ද එම දෙසුම පැවත්විය යුතු ව තිබුණේ අහවල් ආකාරයට බැව් ලියන්නේ ය.

සුනිල් සාන්තයන් ගේ නිර්මාණශීලි සංගීත දිවියේ වටිනාම පසළොස් වසරක් ඔහු නිහඬ කර තැබීමට යොමු වූ ඇදුරාණන් සහ කිසිම වැදගැම්මක් ඇති සංගීත නිර්මාණයක් නොකළ බොරු සිංහයා ඇතුළු රංචුවේ වැඩකිඩ හෙළිදරව් නොකොට උඩින් පල්ලෙන් දෙසුම පැවැත්වූවානම්, කුඩු කෑ පරපුරට සතුටු වන්නට ඉඩ තිබිණි. සැබෑව හෙළි වන්නට පෙර කොළේ වසා සාකච්ඡාව වෙන අතකට ඇදගෙන යෑමට ඉඩ සලසා ගන්නට ද අවස්ථාවක් තිබිණි. වසර කීපයකට පෙර ‘නෙළුම් පොකුණේ’ පැවැති සුනිල් ගී රාවය රස විඳි ආකාරයට මෙවරත් කටයුතු සැලසුණා නම් බබීත් සුන් බබීගේ අම්මාත් සුන් නොවන්නේ ම ය.

ඒ සා විශාල කාලයකට සුනිල් සාන්තයන් නිහඬ කර තැබීම චාපලාගේ හෘද සාක්ෂියට නොදැනෙන මුත් සුනිල් සංගීතයේ සැබෑ වටිනාකම වැටහෙන අපට එය තවමත් දරා ගත නො හැකි වේදනාවකි. ඒ පාප කර්මයට දායක වූ පාත්‍ර වර්ගයාගේ වෙස් ගලවා සැබෑ හෙළුව රටටම හෙළි කිරීම ප්‍රමාද වී හෝ සුනිල් සාන්ත සමාජය විසින් ඉටුකළ යුතුම යුතුකමකි.

සාහිත්‍ය හෝ සංගීතයට සබැඳි මොන යම් හෝ කුලයක ගැත්තෙකු, ඉත්තෙකු සිරකරුවෙකු නොවූ ආචාර්ය ටෝනි ඩොනල්ඩ්සන්, සුනිල් සාන්ත සංගීතයේ ඇති බැරෑරුම් හරවත්කම සහ ඔහුට සිදු වූ අසාධාරණය අනාවරණය කළ දෙසුමේ අන්තර්ගතයේ අඩුවක් සොයා ගැනීමට නොහැකි වූ ඉන්ද්‍රචාප මල්ලේ පොල් වැනි අනම් මනම්වලින් එම දෙසුම දියාරු කිරීමට වෑයම් කර ඇත.

චාපාගේ ලිපියට යොදා තිබුණේ ‘සුනිල් සාන්ත ඝාතනය වී ද?’ යන සිරස යි. සැබෑව නම් ‘ඊර්ෂ්‍යාකාර වැඩ බැරි ටාසන්’ලා ඔහු නො මරා මැරූ බව ය. දේශනයට ගත වූ කාලය පිළිබඳ කිසිවෙකුට වෙහෙසක් නීරසක් දැනෙන්නේ හෝ නොදැනෙන්නේ ඔහුට ඒ පිළිබඳ ඇති උනන්දුවේ තරමට ය.

විජිත් කුමාර් සේනාරත්න


ලිමිණි වීරසිංහගේ ඝෝෂා බෙර වාදන ප්‍රසංගය 13 වෙනිදා

අප්‍රිකානු නර්තන හා වාදන සම්ප්‍රදායට අයත් ජෙම්බේ බෙර වාදන සහ ලතින් ඇමරිකානු සම්ප්‍රදායට අයත් කනෝන් වාදන ශ්‍රී ලාංකීය තම්මැට්ටම් , දවුල් ,හා ගැට බෙර සමග මිශ්‍රකළ සුවිශේෂි වාදන ප්‍රසංගයක් ඝෝෂා රිද්මයට රිද්මයක් නමින් පැවැත්වීමට කොළඹ , බිෂෝප් විද්‍යාලයේ යොවුන් බෙර වාදන ශිල්පිනී ලිමිණි වීරසිංහ කටයුතු යොදා තිබේ.

2017 ජනවාරි 13දා සවස 6.30ට කොළඹ බිෂෝප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මේ ප්‍රසංගයට දේශිය බෙර වාදන සම්ප්‍රදාය ජාත්‍යන්තරය හා මුසුකළ ජනනාත් වරකාගොඩ ගායන ශිල්පි භාතිය හා සංතුෂ් , රන්දීර් විතාන මෙන්ම දිනාදා බෙර වාදන කණ්ඩායම දායකත්වය ලබා දී තිබේ.

ඊට අමතරව බිෂෝප් විද්‍යාලයීය පෙරදිග හා බටහිර වාද්‍ය කණ්ඩායම් මෙහිදී විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කිරීමටද කටයුතු සැලසුම්කර තිබේ.

අප්‍රිකානු කලාපීය රටවල් අතර අතිශය ජනප්‍රිය ජෙම්බේ බෙර වාදනයට කුඩා අවධියේ සිට ආදරය කළ ලිමිණි තෙහැවරිදි වියේ පටන් සිය පියාණන් වු තිලක් වීරසිංහගේ පුහුණුව යටතේ ඊට හරුවී සිටී. පසුකාලීනව බිෂෝප් විද්‍යාලයීය නර්තන උපදේශක පී.ඩබ්.ටී ඩයන් මහතාගේ මග පෙන්වීම යටතේ බෙර වාදනයත්,ඊට අමතරව යක් බෙරය තම්මැට්ටම හා දවුල මෙන්ම බටහිර ඩෝලයද ඇමරිකානු කහෝන් වාදනයද හැදෑරූ ලිමිණි වීරසිංහ මෙරට සිටින ලාබාලතම ජෙම්බේ වාදන ශිල්පිනිය ලෙසද හඳුනාගෙන තිබේ.


‘සිත් අහසට‘ සංයුක්ත තැටිය එ‍ළිදැක්වීම සහ ගී ප්‍රසංගය අද බිෂොප් ශ්‍රවනාගාරයේ දී

දේවිකා චතුරානිගේ ‘සිත් අහසට‘ සංයුක්ත තැටිය එ‍ළිදැක්වීම සහ ගී ප්‍රසංගය අද දින සවස 6.00ට කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ සහ කැළුම් ගීගනගේ විසින් සිදු කරන අතර ප්‍රසංගය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ නිවේදකයන් වන ඉන්ද්‍රසිරි සුරවීර සහ ප්‍රසන්න චන්දන බණ්ඩාර විසිනි. කුඩා කළ පටන්ම සංගීතයට දක්ෂතාවයක් දක්වන චතුරාණි විශාරද සන්ධ්‍යා ඉලේපෙරුම යටතේ සංගීතය හදාරා සංගීත ප්‍රවේශීකා විභාගයෙන් සමත් වන්නට වාසනාවන්ත විය. පසුව ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව යටතේ සංගීතය ප්‍රගුණ කළ ඇය සංගීත විශාරදවරියකි. 2011 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ගායිකාවක් ලෙස තේරීපත් වන ඇය එදා සිට අද දක්වා ‘සුභාවිත ගීතය‘ වැඩසටහන් 75කට ආසන්න ප්‍රමාණයකට ගීත ගායනයෙන් දායක වී ගුවන් විදුලි රසිකයන් අතර ජනප්‍රිය විය. ස්වාධීන රූපවාහිනියේ ‘සංහිඳ‘, ‘පද්ම තටාකය‘ වැඩසටහන්වල පැරැණි ගීත ගායනා කරමින් රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ද නමක් දිනා ගන්නට ඇය සමත් විය. මීට අමතරව තවත් විවිධ රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල විවිධ වැඩසටහන් සඳහා ගායනයෙන් දායක වීමට ඇයට හැකි විය. කොළඹ මියුසියස් විදුහලේ ආදි ශිෂ්‍යාවක වන චතුරාණි වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා මේ වනවිට විජයරත්න සහ සමාගමෙහි සේවයේ නිරතවන්නීය. සංගීත ක්ෂේත්‍රෙය් මෙතරම් දුරක් පැමිණීමට ඇයට අතහිත දුන් හැමදෙනාටම ඇය තම ගෞරව ස්තූතිය පුද කරයි. -තුෂාරි නේරංජා


මායාදේවි දෙණියායේ

කේ.බී හේරත් ගේ සම්මානනීය නිර්මාණය මායාදේවි ලබන 15දින දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයීය රංග ශාලාවේදි සවස 2.30ට සහ 6.30ට රඟදැක්වේ. මායාදේවි සඳහා ආචාර්ය ජයලත් මනෝරත්න,චාන්දනී සෙනෙවිරත්න ,නිශ්ශංක දිද්දෙණිය ,ජනක කුඹුකගේ ,රත්නා ලාලනි , ,නිලන්ති හීන්දෙණිය ,සම්පත් තෙන්නකෝන් , සෝමපාල පතිරගේ,සුනෙත් ශාන්තප්‍රිය ,රංගනයෙන් දායකවන අතර ශාන්ත පීරිස් සංගීත නිර්මාණයෙන් ,බුද්ධදාස ගලප්පත්ති අංග රචනයෙන්,සුසිල් වික්‍රමසිංහ සංවිධාන කටයුතු මෙහෙයවීමෙන් නිර්මාණ දායකත්වය ලබා දේ.


හින් සැරය 13දා පුංචි තියටර්හිදී

ජනප්‍රිය ජයසිංහ නාට්‍ය නිර්මාණයක් ලෙස මුණිදාස කුමාරතුංග ශූරීන්ගේ හින් සැරය කෘතිය ඇසුරෙන් නිර්මාණය වූ හින්සැරය වේදිකා නාට්‍ය 13 වන දා සිකුරාදා සවස 6.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් රඟහලේදී වේදිකා ගත වේ. අනුර ශ්‍රීනාත් හෙටිටිආරච්චි, ප්‍රියංගා බණ්ඩාරනායක, තුෂාරි මෙනෙකා, රෝහිත් රුවන්, චින්තක පතිරණ, වසන්ත හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වන මේ නාට්‍යයෙහි නිෂ්පාදන කළමනාකිරීත්වය අජිත් හේමසරගෙනි.


 රුක්මණී දේවි සමරු ගී ප්‍රසංගය 15දා

අසහාය ගායිකා සහ සිනමානිළි රුක්මණී දේවියගේ 94වැනි ජන්ම දිනය වෙනුවෙන් රුක්මණී දේවි අනුස්මරණ සංගමය සංවිධානය කරන රුක්මණී දේවි සමරු ගී ප්‍රසංගය ලබන 15වැනිදා උදේ 8.00ට කොළඹ ටවර්හෝල් රඟහලේ දී පැවැත්වේ.

ටවර්හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් පවත්වන මේ ප්‍රසංගයේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් විසින් දිවයින ඉරිදා සංග්‍රහයේ මීවිත අතිරේකයට ලියු කලාකරුවන්ගේ විස්තර රැගත් ලිපිපෙළින් තෝරාගත් ලිපි 56ක් ඇතුළත් රිදී තීරය ඔපකළ තරු ග්‍රන්ථය ගොඩගේ පොත් මැඳුරේ ප්‍රකාශයක් ලෙසින් එළි දැක්වේ. ඒ සමගම උත්සවය ආරම්භයේදීම රුක්මණී දේවි චිත්‍රපට ජවනිකා දැක්මක්ද තිස්ස නාගොඩවිතාන මහතාගේ ඉදිරිපත් කෙරේ.


කලා හැකියාවන් රැසක් ඇති ලුම්බිණි

කලා හැකියාවන්ගෙන් පිරිපුන් නිර්මාණශීලී තාරුණ්‍යය සමාජයට ආශිර්වාදයකි. එවන් යොවුන් කලාකාමී නිර්මාණශීලී තරුණයෙක් ලෙස ලුම්බිණි සේනාධි බාලසූරිය හදුන්වාදිය හැකියි. ගායනයට ,වාදනයට මෙන්ම චිත්‍රකලාවටද හපන් කම් දක්වන සේනාධි වරකාපොළ අඹේපුස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

පාසල් වියේ සිටම කලාවට දක්ෂ වූ ඔහු පුවත්පත් කලාව ඔස්සේ තම හැකියාවන් දියුණු කර ගනිමින් සිටියි. ඒ චිත්‍රකතා, කෙටිකතා මෙන්ම කාටුන් චිත්‍ර ශිල්පියෙකු ලෙසයි.

ගායනය ඔස්සේ ද කලා හැකියාවන් ප්‍රගුණ කළ ඔහු 'හිරු' නමින් සංගීත කණ්ඩායමකට එක්ව නව නිර්මාණ කරමින් 'මීදුම් වෑහෙන කඳුයායේ' ගීතය රසිකයනට තිළිණ කර ඇත. ප්‍රවීණ සංගීත ශිල්පී ප්‍රියන්ත නාවලගේ ගේ සංගීතයෙන් හැඬවී තම මිය ගිය පෙම්වතිය වෙනුවෙන් ගැයූ ඒ ගීතය අන්තර්ජාලය ඔස්සේ රසිකයනට රසවිදීමට අවස්ථාව ඇත. ඉදිරියටත් නව නිර්මාණ කිහිපයක් සමඟින් රසිකයන් අතරට එන්නට ලුම්බිණි සූදානමින් සිටියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්