හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


උස නිසා ගිනස් පොතට ගිය ෆ්‍රෙඩී

 උස නිසා ගිනස් පොතට ගිය ෆ්‍රෙඩී

ප්‍රෙඩී සහ සහෝදරිය ෆ්ලර්

සුරතල් සතුන්ට අපි හැමෝම ආදරෙයි. මේ අතරින් සුනඛයන්ට ඉතා සුවිශේෂී ස්ථානයක්හිමිවී තිබෙනවා. ඒ අපේ දුකට සැපට හා තනි නොතනියට බලු සුරතලකු ඉතා කදිමෙට ගැලපෙන නිසා. විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට සුනඛයන් හට තම හාම්පුතුන්ගේ හැසිරීම් රටා මගින් ඔහු හෝ ඇය සිටින්නේ දුකෙන්ද සතුටින්ද කියා දැන ගැනීමට පවා හැකියාව තිබෙනවා. ඔවුන් ඉන්පසුව හාම්පුතාව සතුටු කිරීම හෝ ඔහු හෝ ඇය සමඟ සතුට බෙදා ගැනීමටද දක්වන්නේ අසීමිත කැමැත්තක්. අද අපි කතා කරන්නේ සුවිශේෂී බලු සුරතලකු ගැන. ඒ තමයි ෆ්‍රෙඩී. මෙයා තමයි වර්තමානයේ ලෝකයේ ජීවත් වන උසම සුනඛයා.

ග්‍රේට් ඩේන් (Great Dane) වර්ගයේ සුනඛයකු වන මොහු ජීවත් වන්නේ තම සහෝදරිය ෆ්ලර් සමඟයි. බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේ Leigh-on-Sea හි ජීවත් වන ක්ලෙයාර් ස්ටෝන්මෑන් හට තමයි මෙම සුනඛයන් අයිති වන්නේ. 41 වැනි වියෙහි පසු වන ක්ලෙයාර් නිරූපණ ක්ෂේත්‍රයේ තරමක් ප්‍රසිද්ධ තැනැත්තියක්. ෆ්‍රෙඩී ගේ වයස දැන් අවුරුදු හතරක් වන අතර පසුපස ගාත්‍රා වලින් සිටගත් විට මෙම සුනඛයාගේ උස අඩි 7යි අඟල් 6ක් වනවා.

තවම විවාහ දිවියට ඇතුළු වී නොමැති ක්ලෙයාර් පවසන්නේ ඇයගේ තනිකඩ ජීවිතයේ හොඳම අවුරුදු හතර ෆ්‍රෙඩී සමඟ ගත කළ අවුරුදු හතර බවයි. දරුවන් නොමැති වුවද මැය තමන්ගේ දරුවන්ට මෙන් ආදරයෙන් මෙම සුනඛයන්ව බලාගන්නා බවත් ඇය පවසා තිබේ. මෙතරම් විශාල සුනඛයන් දෙදෙනකු රැක බලා ගැනීමත් සුළු පටු කර්තව්‍යයක් නොවේ. ක්ලෙයාර් මෙම සුනඛයන් සඳහා වසරකට ශ්‍රීලංකා මුදලින් රුපියල් ලක්ෂ 23ක් පමණ වැය කරන බව ඇසූ විට එය ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. එපමණක් නොවෙයි කුඩා කාලයේදී මේ ෆ්‍රෙඩී හට නරක පුරුද්දක් තිබී ඇති ඇති නමුදු ක්ලෙයාර්ගේ වාසනාවට ඔහුගේ එම පුරුද්ද දැන් නැතිවී ගිහින්. හිතාගන්න පුළුවන්ද එම පුරුද්ද කුමක්ද කියා? ඒ තමයි සෝෆා ඉරා විනාශ කිරීම. ඉතා වටිනා කුෂන් සෝෆා 23ක් ෆ්‍රෙඩී කුඩා කාලයේදී විනාශ කර තිබෙනවා. නමුත් ක්ලෙයාර් ඒ හැම දෙයක්ම සතුටින් ඉවසා තිබෙන්නේ ඇය සුනඛයන්දෙදෙනාට සැබැවින්ම ආදරය කරන නිසා.

කුඩා කාලයේදී ෆ්‍රෙඩී මවගෙන්කිරි බී නැහැ.මේ නිසා ක්ලෙයාර් සාමාන්‍ය බලු පැටවකුට වඩා සති කිහිපයකට පෙර ෆ්‍රෙඩී නිවෙසට රැගෙන විත් තිබේ‍. කුඩා කාලයේදී ‍ෆ්‍රෙඩී ගේ ප්‍රමාණය තම සහෝදරියගේ ප්‍රමාණයෙන් භාගයක් මෙන් බව ක්ලෙයාර් පවසනවා. ෆ්‍රෙඩී ගේ ප්‍රියතම ආහාර වන්නේ සම්පූර්ණයෙන් රෝස්ට් කරන ලද කුකුළන් හා පීනට් බටර් තැවරූ රෝස්ට් කරන ලද පාන් වේ. මේ කන ආහාර වල හැටියට නම් මෙසේ විශාල වීම පුදුමයකුත් නෙමෙයි. ෆ්‍රෙඩී ව්‍යායාම සඳහා එළියේ ඇවිදින්නට ගෙනියන්නේ පාන්දරයි. ඒ ෆ්‍රෙඩී හට වෙනත් බල්ලන් මුණගැසීම වැළැක්වීමටයි. එයට හේතුව ලෙස ඇය පවසා තිබෙන්නෙ ෆ්‍රෙඩී වෙනත් බල්ලෙකු දැක කලබල වුවහොත් ඇයට ඔහුව මෙල්ල කර ගැනීමට නොහැකි නිසා ඔහුව පාන්දරට එළියට රැගෙන යන බවයි.

ග්‍රේට් ඩේන් වර්ගයේ සුනඛයන් තමයි ලොව උසින් වැඩිම සුනඛයන් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ. ෆ්‍රෙඩීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ සුනඛයාගේ නම සියුස්. සාමාන්‍යයෙන් සිටගෙන සිටින විටත් අඩි තුනකට වඩා උසින් වැඩි සියුස් පිටුපස කකුල් වලින් සිටගත් විට ෆ්‍රෙඩීට වඩා අඟල් දෙකක් උසින් අඩුයි.

Kavindu616@gmail.com 

කවිඳු වීරරත්න


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්