හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මුහුණ

මුහුණ

මුහුණට මුහුණ විශේෂාංගයට මෙවර එක්වන්නේ ගැමුණු මහරජ ටෙලි නාට්‍යයේ එන විශේෂිත චරිත දෙකක්.ඒ පුසුල්පිටියේ පන්සලේ නායකහිමි (සතිස්චන්ද්‍ර එදිරිසිංහ) සහ කොත්මලේ රාළයි(බුද්ධදාස විතානාරච්චි).ඔවුන් දෙදෙනා තම චරිත ගැන මෙසේ අදහස් දැක්වුවා.

 මගේ හොඳ මිත්‍රයෙක්

 විශිෂ්ට රංගනවේදී - සතිස්චන්ද්‍ර එදිරිසිංහ

වරක් නොව කිහිපවතාවක්ම භික්ෂු වෙස් ගැනීමට ඔහුට අවස්ථාව හිමිවුයේ ඔහුගේ ඇති පරිනත බව හා පෙනුම නිසාය.ජීවිතය හා චරිතය යන්න දෙකක් නොවන සේ රංගනයේ නිරතවන ඔහු සතිස්චන්ද්‍ර එදිරිසිංහය.වේදිකාව , රූපවාහිනිය , සිනමාව තුළ දශක ගණනාවක් අඛණ්ඩව රැඳී සිටිමින් 1956 සිට රංගනයේ නියැළෙයි. මාතර ආච්චි පරිපුර්ණ කලා දිවියේ තවත් සංධිස්ථානයකි. ගැමුණු මහරජ ටෙලි නාට්‍යයෙන් නැවතත් භික්ෂු චරිතයකින් අපවෙත එයි.

මොනවද මේ දවස්වල අලුත්ම තොරතුරු ?

චිත්‍රපටයකට ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදී එහි රූගතකිරීම් ඇරඹේවි . එයට අමතරව ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ රූ ගත කිරීම්වල හා වෙනත් බාහිර වැඩවලත් නිරත වෙනවා.

ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ එන චරිතය පිළිබඳව විග්‍රහයක් කළොත් ?

පුසුලුපිටියේ උන්නාන්සේගේ චරිතය තමයි මා මේ නාට්‍යයේ නිරූපණය කරන්නේ.මේ චරිතයෙන් පුදුම විදිහට භික්ෂුන් වහන්සේ නමකගෙන් ජනතාවට , සමාජයට සිදුවන මග පෙන්වීම ගැන විග්‍රහ කරනවා.භික්ෂුන් වහන්සේ ජාතියේ මුර දේවතාවුන් බඳු යැයි කීම කොතරම් අර්ථාන්විතද කියා මේ රංගනය දකින ඕනෑම කෙනෙකුට සිතේවි. රට ජාතිය ආරක්ෂාකරගන්න ගැමුණු කුමාරයාට ආරක්ෂාව සලසමින් , මග පෙන්වන අයුරු ඉතා අපූරුවට මෙහි නිරූපිතයි.

කොත්මලේ රාළගේ චරිතය මවන බුද්ධදාස විතානාච්චි මහතාත් ඔබතුමාත් අතර තිබෙන මිත්‍රකම ගැන දැනගන්න කැමතියි ?

බුද්ධි මගේ හොඳ මිත්‍රයෙක්. විශිෂ්ඨ රංගනයක නිරතවන අපට සිටින දක්ෂතම කලාකරුවෙක් . රඟපැම සහ ක්‍රියාව යන්න හොඳින් තේරුම්ගත් පරිපූර්ණ කලාකරුවෙක්. කියනදේ විනිවිදභාවයෙන්ම කරන හොඳ කලාකරුවෙක්.ඔහුත් එක්ක රඟපෑම හරිම පහසුයි.

ඔබ ප්‍රියකරන ටෙලිනාට්‍ය මොනවාද ?

දම්ම ජාගොඩ මහතාගේ පළිඟු මැනිකේ ටෙලිනාට්‍යයට හා ලූෂන් බුලත්සිංහලගේ ස්වයංජාත හි සරදියෙල්ගේ චරිතයත් මා සිත්ගත් ටෙලිනාට්‍ය. කොටි වලිගය සිනමා පටයටත් කැමතියි.

ඔබතුමාගේ නව වසරේ බලාපොරොත්තු මොන‍වගේද ?

නව වසරේ හොඳින් ජීවත්වීම තමයි මුල්ම බලාපොරොත්තුව.එයට අමතරව සිනමාපටයක රංගන කටයුතුත් ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් හා පෞද්ගලික ජීවිතයේ සහ පොදු වැඩවලත් නිරතවීම තමයි දැනට කෙරෙන්නේ .ඉදිරියේදි තවත් හොඳ නිර්මාණතුළින් ෙප්‍ර්ක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා.


කලාවට විවිධ සේවාවන් කරන සත්පුරුෂයෙක්

 බුද්ධදාස විතානාරච්චි

දඬුබස්නාමානයේ සේතුපාල ගුරුන්නාන්සේ , අකාල සන්ධ්‍යාවේ රිටිගල ජයසේන ,සෙනෙහෙලතා මැණිකේහි පොඩිවෙදමහත්තයා , මනෝකායෙහි රියන්ස්ලි පළිහවඩන , දණ්ඩේ ලු ගිනිහි වාමාංශික නායක වෙල්විල නානායක්කාර යන චරිත ගණනාවකම නියැළුනු බුද්දදාස විතානාරච්චි මහතා මේ දිනවල තවත් ප්‍රබල චරිත නිරූපණයකින් ඔබ හමුවට එයි. ඒ හිරු නාළිකාවේ ගැමුණු මහරජ ටෙලි වෘතාන්තයේ කොත්මලේ රාළගේ චරිතයයි. මුහුණට මුහුණ හා එක්වෙමින් ඒ ගැන දැක්වු අදහසුයි මේ.

මොනවද මේ දවස්වල අලුත්ම තොරතුරු ?

නව වසරේ නව සිනමා නිර්මාණයකට සම්බන්ධ වන්න ගිවිසුම් අත්සන් කළා. සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන එය නිදහසේ පියා වශයෙන් නම්කර තිබෙනවා. ලංකාවට නිදහස ලැබී වසර 70ක් පිරීම නිමිත්තෙන්, නිදහස් ලංකාවේ ප‍ළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක අගමැතිතුමා හා නිදහස් ව්‍යාපාරයේ සමකාලීන නායකයන් පිළිබඳව කරන සිනමා කෘතියක්. ශ්‍රිමත් දොන් බාරොන් ජයතිලක චරිතය නිරූපණය කිරීම මට පැවරී තිබෙනවා.

ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ එන චරිතය පිළිබඳව විග්‍රහයක් කළොත්?

හිරුනාළිකාවේ විකාශය වන ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ, කොත්මලේ රාළ ගමේ මහගමරාළ.එහි ගැමුණු කුමාරයා කරකාර බැඳගන්නා රන්එතනාගේ පියාගේ චරිතයයි එය . සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා නිරූපනය කරන්නෙ, පුසුල්පිටියෙ පන්සලේ නායක හිමි ලෙස.

පුසුල්පිටියේ නායක හිමි ලෙස රඟන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගන ශිල්පියකු,මිත්‍රයකු ලෙස කොහොමද දකින්නේ?

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා වසර 50ක පමණ කාලයක් තිස්සේ දන්නවා. රංඟන ශිල්පියකු ලෙස, වේදිකා නාට්‍යකරුවකු ලෙස, සිනමාකරුවකු ලෙස, දක්ෂ කථිකයකු හා දේශකයකු ලෙස ලාංකීය සමාජයට අතිමහත් මෙහෙවරක් සිදුකරන කලාකරුවෙක්.

යහපත් ජ්‍යෙෂ්ඨ රටවැසියෙක්ලෙස. ඔහුගේ සෘජු භාෂණය බෙහෙවින් ප්‍රිය කරනවා. විවිධ විෂය කාරණා පිළිබඳව ඇසූපිරූ දැනුමක් ඇත්තෙක්. ඔහුගෙ සිනහව මනබඳනා සුලුයි. කිසිවකුට අපහාස නොකර උපහාස රසය මතුවන ලෙස රස කතා කීමෙහි රුසියෙක්. කලා ක්ෂේත්‍රයට විවිධ සේවාවන් කරන සත් පුරුෂයෙක්.

ඔබ ප්‍රියකරන ටෙලිනාට්‍ය මොනවාද ?

මා සිත්ගත් සිනමා හා ටෙලිනාට්‍ය කිහිපයක් තිබෙනවා. කඩුල්ල, දඬුබස්නාමානය, වැනි ටෙලි නාට්‍යයන් හොඳ නිර්මාණ

දැන් හැදෙන ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?

ටෙලිනාට්‍ය දැන් පෙර තිබූ කලාත්මක ගුණයන් පිරිහෙමින්, වෘත්තීයවේදී නොවන පුද්ගලයන් අතට පත් වෙලා. කර්මාන්තයක් වශයෙනුත්, ව්‍යාපාරයක් වශයෙනුත් පරාභවය කරා ඇදෙමින් තියෙනවා. වෘත්තීය නිෂ්පාදකයන් නොවන, සට කපට කයිරාටික, වංචනික සල්ලාල ජාවාරම්කාරයන් නිෂ්පාදකයන් වෙලා. කලු සල්ලි සුදු කිරීමට පාතාල මාෆියා කරුවන්ට හොඳ මාධ්‍යයක් වෙලා.

නිර්මාණකරුවන්ද නැත්තේ නොවේ. මේ සම්බන්ධව අදාළ බලධාරීන් සුදුසු ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බවක් පෙනෙන මානයක නැහැ.

නව වසරේ බලාපොරොත්තු දැන ගන්න කැමැතියි?

මේ වසරේ සිට නිර්මාණයකට සම්බන්ධ වීමට පෙර දැඩි ස්වයංවාරණයක් මා වෙත මා විසින්ම පනවා ගැනීමේ තීරණයකට එලැඹිලා සිටිනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්