හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මගේ හිතේ තිබුණේ නර්තන ගුරුවරියක් වෙන්න

මගේ හිතේ තිබුණේ නර්තන ගුරුවරියක් වෙන්න

සල්සපුනා හි ‘රෝමා’ නිර්මලා නිශාන්ති

 රෝමා කියලා කතා කරන්නද නිර්මලා කියලා කතා කරන්නද ?

රෝමා ඉන්නේ සල්සපුනා එකේනේ නිර්මලා කියලා කතා කරන්න.

මුලින්ම නිර්මලා ගැන දැන ගන්න කැමැතියි.

මගේ නම නිර්මලා නිශාන්ති අලුත්ගම. කුරුණෑගල තමයි මගේ ගම. මම පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවා. ඒ කුරුණෑගල ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය.

කොහොමද ‘රෝමට’ ලැබෙන ප්‍රතිචාර ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මම වෙනස් විදියේ චරිතයක් කරන්නයි බලාපොරොත්තු වුණේ. මම හිතනවා මාව ගොඩක් සමාජය අතරට ගිහිල්ලා තියෙන්නේ ඒ චරිතය හරහා කියලා. පොඩි අය මාව ගොඩක් හඳුනගන්නවා. ඒ වගේම වැඩිහිටි අය මගේ චරිතයට ගොඩක් ආදරේ කරනවා. මම කැමැති ඒ වගේ වෙනස් චරිතයක් කරන්න.ඒ නිසා මම ඒ රංගනයේ යෙදෙන්නේ ගොඩක් ආසාවෙන් .

රංගනයට මුලින්ම අවස්ථාව ලැබුණේ කොහොමද ?

මට මුලින්ම මහේන්ද්‍ර පෙරේරා අයියගේ වැඩමුළුවකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා.එහෙත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මට ඒ සඳහා දිගටම සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඊට පස්සේ මට රංගනයට එන්න මුල්ම අවස්ථාව හම්බ වුණේ රවින්ද්‍ර විජේරත්න සහ රංග දිසානායක අයියල ගේ වැඩමුළුව හරහා

‘සල්සපුනා’ කියන්නේ ඔබේ පළමුවැනි නිර්මාණය නොවේ

ඔව්. ඊට කලින් මම ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ ’දියණියෝ’ ටෙලි නාට්‍ය සහ සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘බොහිමියානුවා’ යන ටෙලි නාට්‍යවල. ඊට පස්සේ තමයි සුසිල නිෂ්පාදන ආයතනයෙන් ‘සල්සපුනා’ කියන ටෙලි නාට්‍යයේ ‘රෝමා’ කියන චරිතයට මාව ගත්තේ.

සල්සපුනා කියන්නේ ඔබට රංගන පාසලක් වගේ වෙන්න ඇති නේද ?

අනිවාර්යෙන්ම. ගොඩක් ප්‍රවීණ රංගන ශිල්පීන් මේ ටෙලි නාට්‍ය තුළ ඉන්නවා. රෝහණ බැද්දගේ, රම්‍යා වනිගසේකර, දමිතා අබේරත්න, ගයනි ගිසන්තිකා, ජනක කුඹුකගේ කියන රංගන ශිල්පීන්.මේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

මෙඩිසිනා' හරහා ඔබ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ වෙනස්ම විදියකට.

මගේ පළමුවැනි කොමඩි චරිතය තමයි මෙඩිසිනා හි ‘පියුමි’ කියන්නේ. සල්සපුනා ටෙලි නාට්‍ය කරන්න කලින් මෙඩිසිනා එකට සම්බන්ධ වුණේ.ඒකට මාව මුලින්ම තෝර ගත්තේ ශිව ගුරුනාදන් අධ්‍යක්ෂතුමා. මම හිතුවේ නැහැ, මට ඒ වගේ චරිතයක් කරන්න ලැබෙයි කියලා. පියුමි කියන්නේ ටිකක් කටකාර, කියන දෙයක් තේරුම් ගන්න බැරි නර්ස් කෙනෙක් ගේ චරිතයක්.

ඔබට රංගනය කියන දේ නුපුරුදු දෙයක් නොවෙයි.

ඔව්. මම පාසල් කාලය තුළදීම නාට්‍යවල, නැටුම් වලට දායක වුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කාලය තුළදී නාට්‍ය වලට සම්බන්ධ වුණා. විශ්ව විද්‍යාලේ යන කාලේදී ඉඳන්ම අවබෝධයක් තිබුණා මේ විදියටයි මේ චරිතේ කරන්නේ කියලා. ඒ දේවල්ත් එක්ක රංගනය මට ඒ තරම් අමාරු දෙයක් වුණේ නැහැ.

නමුත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළදී ඔබ වෙනස්ම විෂය ධාරාවක් හදාරලා තියෙන්නේ ?

ඔව්. මම කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යාව විශේෂවේදී උපාධිය හැදෑරුවා. ඊට පස්සේ ශාස්ත්‍රවේදී උපාධියටත් සමාජ විද්‍යා විෂයමයි කළේ. ඒ දේවල් එක්ක මම රංගනය කියන දේ කරගෙන ගියා.

මේ සියලු දේත් එක්ක රංගනයට, රැකියාව බාධාවක් වෙන්නේ නැද්ද ?

නැහැ.මම දැනට බොරැල්ල ඇක්වයිනාස් ආයතනයේ සමාජ විද්‍යාව අංශයෙන් කථිකාචාර්යවරියක් විදියට වැඩ කටයුතු කරනවා. ඉතින්, මට ලෙක්චර්ස් තියෙන්නේ සතියට දවස් තුනක් විතර වගේ. ඒ දවස් වලට අමතරව තමයි නාට්‍ය සඳහා දින දීලා වැඩ කටයුතු කරගෙන යන්නේ.

පුංචි කලේ ආසාවක් තිබුණේ නැද්ද ‘මම මේ වගේ’ කෙනෙක් වෙනවා කියල.

මුලින්ම මගේ හිතේ තිබුණේ නර්තන ගුරුවරියක් විදියට ඉදිරියට යනවා කියලා. නමුත් විශ්ව විද්‍යාලයට අවට පස්සේ තමයි නාට්‍ය හා රංග කලාව පිළිබද ලැබුණු අවබෝධයත් එක්ක රංගනයට යොමු වුණේ. හැබැයි මම අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනවිරත්න, දුලීකා මාරපන, දමිතා අබේරත්න කියන චරිත වලට ගොඩක් ආදරේ කළා. මම මෙයා වගේ වෙනවා කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ඒ අයගේ රංගනයට මම ගොඩක් කැමැතියි.

පවුලේ විස්තරත් කියන්න

මම විවාහ වෙලා ඉන්නේ. එයා නුවන් සේනක. එයා මට මුණගැසෙන්නෙත් වැඩමුළුවක් හරහා.අපි දෙන්නම වැඩමුළුවලට සහභාගී වුණේ එකට. එතැනදී අපිට විවිධ ක්‍රිකාරකම් කරන්න ලැබෙනවා. ඒ වෙලාවේදී මගේ ඉදිරිපත්කිරීම් දැකලා කියනවා රංගනය ඉගෙන ගෙන ඒ ක්ෂේත්‍රයට ඇවිත් ඒ දේ හරියට කරන්න කියලා. ඒ ආව ගමන තමයි මේ. ඉතිං මේ වෙල­ාවෙදී සැමියාටමම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එයා ව්‍යාපාරිකයෙක් විදියට වැඩ කරනවා. එයත් කලාවට සම්බන්ධයි.. ඒ වගේම මට අවු: 3 2/1 චූටි දුවෙක් ඉන්නවා.

අලුත් අවුරුද්දේ මොනවගේ බලාපොරොත්තු ද තියෙන්නේ ?

මගේ ලොකුම බලාපොරොත්තුව රංගනය පැත්තෙන් හරියට ඉගෙනගෙන විවිධ වූ චරිත කරන්න. දීර්ඝ කාලීනව පවතින්න පුළුවන චරිතයක් කරන්න අසාවෙන් ඉන්නවා. හැබැයි රැල්ලට යන්න කැමැති නැහැ. ඒ වගේම සිනමාවට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා.

ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවද ?

සංජිව රත්නායකගේ ‘දිරි දියඹ’ කියන ටෙලි නාට්‍ය එන්න තියෙනවා. එතැනදී වැල්ලේ ජිවත් වෙන අම්මා, තාත්තා නැති ද්‍රවිඩ සම්භවයක් තියෙන යුවතියකගේ චරිතයක ට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදා වුණා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්