හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Upcoming Hindi Movies 2017

Upcoming Hindi Movies 2017

බොලිවුඩයට ඇලර්ජික්

මෙයට පෙර දශකයන්හිදී හින්දි සිනමාවෙන් වැඩි වශයෙන් හැමූයේ ප්‍රේමයේ ඉමිහිරි සුවඳය. මෙරට වැඩිම කාලයක් එකම සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙමින් වාර්තා තබා ඇත්තේ ද හින්දි චිත්‍රපටයකි. මරදාන ක්‍රවුන් සිනමා ශාලාවේදී තිරගත වූ එම චිත්‍රපටය ‘ගීත්’ය. ‘හාති මෙරේ සාති’ ද එසේ දිගු කලක් මෙරට ප්‍රදර්ශනය වූ හින්දි චිත්‍රපටයකි. එහෙත් 2017 වසරේ තිරගත වීමට නියමිත හින්දි චිත්‍රපට පිළිබඳ අන්තර්ජාලය හරහා සොයා බැලීම් කරද්දී අවබෝධ වූයේ දැන් දැන් බොලිවුඩය ප්‍රේමය අමතක කොට ප්‍රචණ්ඩත්වය වැලඳගෙන ඇති බවකි. මේ වසරේ තිරගත කිරීමට මේ වන විට සිනමා පට 56ක් පෙළගස්වා ඇති අතර ඒවා අතරින් හුදු ප්‍රේම කතා ඇත්තේ 14ක් පමණකි.

බොලිවුඩය 2017 වසර ඇරැඹූ‍යේ පසුගිය 6 වැනිදා ‘කොෆි විත් ඩී’ චිත්‍රපටය තිරගත කරමිනි. එය ප්‍රහසනයක් වන අතර විෂාල් මිර්ෂාගේ නිර්මාණයකි. 2017 වසරට තිරගත වීමට නියමිතව ඇති චිත්‍රපටවලින් නවයක්ම ප්‍රහසනයන්ය. ඉතිරි සියල්ල ක්‍රියාදාම චිත්‍රපට වෙයි. ප්‍රේමකතා සහිත චිත්‍රපට ගොන්නෙන් තුනක් ද ප්‍රේමකතා/ක්‍රියාදාම ගොන්නට ඇතුළත්ව තිබේ.

බොලිවුඩයේ අංක එකේ නළු ෂාරුක් ඛාන් රඟන චිත්‍රපටයක් මේ වසරේ පළමු වරට තිරගත වන්නේ ජනවාරි 25 දාය. රාහුල් දෝ ලකියාගේ නිර්මාණයක් වන එය ‘රීස්’ යන නම් වන අතර එය ද ක්‍රියාදාම චිත්‍රපටයකි. එහි ෂාරුක් සමඟ මහිරා ඛාන් හා නවාසුදින් සිද්දික් රඟපාති. ෂාරුක් හා අනුෂ්කා ෂර්මා රඟන තවත් චිත්‍රපටයක් වන ‘ද රිංග්’ තිරගත වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 25 දාය. ඉමිටියාස් අලිගේ නිර්මාණයක් වන ‘ද රිංග්’ ප්‍රේමය මූලික කරගත් සිනමා පටයකි.

ජනප්‍රිය නළු රිතික් රොෂාන් රඟන සිනමා පටයක් ජනවාරි 25 දා තිරගත වීමට නියමිතය. ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘කාබිල්’ සංජේ ගුප්තාගේ අධ්‍යක්ෂණයකි. යමි ගෞතම්, රොනිට් රෝයි හා රෝහිත් රෝයි එහි රිතික් සමඟ රඟපාති. රිතික් රඟපාන තවත් චිත්‍රපටයක් වන ‘හේට් ස්ටෝරි - 4’ ඔක්තෝබර් 13 දා තිරගත වීමට නියමිතය. විෂාල් පාන්ඩේ ගේ අධ්‍යක්ෂණයක් වන එහි පුරබ් කොහිල්, අම්රිතා පූරි හා කිරිටි සැනොන් රිතික් සමඟ රඟපාති.

බොලිවුඩ් සිනමාවේ මහා නළු අමිතාබ් භච්චන් රඟන ‘සර්කාර් - 3’ මාර්තු 17 දා තිරගත වීමට නියමිතය. රාම් ගෝපාල් වර්මාගේ නිර්මාණයක් වන ‘සර්කාර් - 3’ හි මනෝජ් බජ්පායි, යමි ගෞතම්, අමිත් සාද්, රොනිත් රෝයි හා රෝහිනී හටන්ගාඩ් රඟපාති. අමිතාබ් රඟන තවත් සිනමා පටයක් ඔක්තෝබර් 19 දා තිරගත වීමට නියමිතය. අනීස් බස්මීගේ නිර්මාණයක් වන එහි අර්ෂාද් වර්සි, අනිල් කපූර්, අර්ජුන් රාම්පාල් ආදීහු ද එහි රඟති.

මාර්තු 17 දා තිරගත වීම අරඹන ශ්‍රිජිත් මුඛර්ජිගේ ‘බෙගුම් ජාන්’ ගැන දැනටත් කතාබහ ආරම්භ වී තිබේ. එහි විද්‍යා බාලන්, ගෝහර් ඛාන් හා නස්රුදීන් ෂා රඟති. ඔබ හින්දි සිනමා රසිකයකු නම් ඔබට ‘ඉංග්ලිෂ් වින්ග්ලිෂ්’ චිත්‍රපටය මතක ඇතුවාට සැක නැත. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ශ්‍රී දේවීය. කොලිවුඩයේ නිළි රැජනක වූ ශ්‍රී දේවී රඟන අලුත්ම හින්දි චිත්‍රපටයක් වූ ‘මම්’ තිරගත වන දිනයක් තවම නියම වී නැත. රවි උද්යවාර්ගේ නිර්මාණයක් වූ ‘මම්’ හි ශ්‍රී දේවී හා ආක්ෂේ ඛන්නා හා නවාසුදින් සිද්දික් රඟති.

ආක්ෂේ කුමාර් රඟන ‘ජොලි එල්එල්බී 2’ තිරගත වන්නේ පෙබරවාරි 10 දාය. සුභාෂ් කපූර්ගේ නිර්මාණයක් වන එහි හුමා කියුරේෂි, හා අනූ කපූර් ද රඟති. සයිෆ් අලි ඛාන්, කන්ගනා රාතෝන් සහ ෂාහිඩ් කපූර් රඟන ‘රැන්ගූන්’ පෙබරවාරි 24 දා තිරගත වෙයි. එය විශාල් භද්රවාජ්ගේ අධ්‍යක්ෂණයකි.

සල්මන් ඛාන් රඟන ‘ටියුබ්ලයිට්’ ඓතිහාසික ක්‍රියාදාම සිනමා වෙයි. එහි සල්මන් සමඟ සොහෙයිල් ඛාන්, ස්හු ස්හු සහ පරාස් අරෝරා රඟති. කොලිවුඩයේ මහා නළු රජ්නි කාන්ති සමඟ ආක්ෂේ කුමාර් රඟන විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම සිනමා පටය ‘2.0’ ලබන ඔක්තෝබර් 19 දා තිරගත වීමට නියමිතය.

සම්මානනීය සිනමාකරු සංජේ ලීලා බන්සාලි 2017 වසරට ඓතිහාසික කතා පුවතක් රැගත් ‘පද්මාවතී’ සිනමාපටය ගෙන එයි. එහි දීපිකා පදුකෝන් හා රන්වීර් සිං ප්‍රධාන චරිත රඟන අතර ෂාහිඩ් කපූර් හා අදිති රාඕ අනෙකුත් චරිත රඟති. එය නොවැම්බර් 17 දා තිරගත වීමට නියමිතය.

මෙම ජනවාරි මස හින්දි චිත්‍රපට හතක් තිරගත වීමට නියමිතය. ඕකේ ජානු ජනවාරි 13 දා තිරගත වෙයි. එහි ආදිත්‍ය රෝයි කපූර් හා ෂාරදා කපූර් රඟති. පෙබරවාරි මස තිරගත වන සිනමාපට ප්‍රමාණය හයකි. කෙසේ වෙතත් අන්තර්ජාලයේ සඳහන් මෙම තොරතුරු සහ චිත්‍රපට ප්‍රමාණ වෙනසට ලක්වීමට ඉඩ තිබේ.

අජේ දේව්ගන් රඟන ක්‍රියාදාම චිත්‍රපටය ‘භාද්ෂාහෝ’ සැප්තැම්බර් 1 දා තිරගත වීමට නියමිතය. මිලන් ලුතරියාගේ නිර්මාණයක් වන එහි එම්රාන් හෂ්මි, විද්යුත් ජාම්වාල් හා ඊෂා ගුප්තා රඟති. අජේ රඟන තවත් ක්‍රියාදාම හා ප්‍රහසන සිනමාපටයක් වන ගොල්මාල් අගේන් තිරගත වන්නේ ඔක්තෝබර් 19 දාය. එහි අජේ සමග තුෂාර් කපූර් හා පරිනීති චොප්රා රඟති.

කලකට පසු රවිනා තන්ඩන් රඟන චිත්‍රපටයක් වන ‘ද මදර්’ මේ වසරේ තිරගත වීමට නියමිත නමුත් තවම ඒ සඳහා දින යොදා නැත. ‘ද මදර්’ අෂ්තර් සයිඩ්ගේ අධ්‍යක්ෂණයක් වන එහි රුෂාද් රුහා, මධූර් මිටාල්, දිව්‍යා ජග්ඩේල් හා අලිෂා ඛාන් රඟති.

යුද්ධය සම්බන්ධ පුවතක් ඇතුළත් ‘බැට්ල් ඔෆ් සරගාරි’ රාජ් කුමාර් සන්තෝෂිගේ අධ්‍යක්ෂණයකි. එහි ප්‍රධාන චරිතය රඟන්නේ රන්දීප් හූදාය. සල්මන් ඛාන් හා කත්‍රිනා කායිෆ් රඟන අලි අබ්බාස් සෆාර්ගේ ක්‍රියාදාම චිත්‍රපටය ‘ටයිගර් සින්දා හායි’ තිරගත වීමට නියමිතව ඇත්තේ මේ වසර අගදීය.

අමීර් ඛාන් රඟන චිත්‍රපටයක් 2017 වසරේ හින්දි චිත්‍රපට පෝළිමට එකතු වී නැත. මේ මස 26 දාට තිරගත වීමට නියමිත ‘ආ ගන් තාම්’ ද ක්‍රියාදාම සිනමා පටයකි. ප්‍රශාස්ට් සිංගේ අධ්‍යක්ෂණයක් වන එහි ප්‍රධාන චරිතය රඟන්නේ ද ඔහුමය. අබ්බාස් මස්තාන් ගේ නිර්මාණයක් වන ‘මැෂින්’ පෙම් පුවතක් රැගත් සංත්‍රාසමය චිත්‍රපටයකි. එහි මුස්ටාෆා බර්මාවල්ලා, කියා රා අද්වානි හා කාර්ලා ඩෙනිස් රඟති.

බොලිවුඩයේ ක්‍රියාදාම චිත්‍රපට වැඩියෙන් නිර්මාණය වීමට මූලික හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ පොළ විය හැකිය. අද බොලිවුඩය ක්‍රියාදාම චිත්‍රපට හරහා හොලිවුඩ් සිනමාපට සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ කරට කර තරග වදියි. කෙසේ වෙතත් බොලිවුඩ් සිනමාව ආරම්භයේ පටන් මෑතක් වන තුරුම රිදී තිරය මත ප්‍රේමය අතිශය සුන්දර ආකාරයෙන් සිත්තම් කළ වෙනත් සිනමාවක් නොමැති තරම්ය. අද එම සිනමාව ක්‍රියාදාම චිත්‍රපටවලට වැඩි ඉඩක් වෙන් කිරීම හරහා පෙනී යමින් තිබෙන්නේ භාරතීය සිනමා ප්‍රේක්ෂකයාගේ ද රුචිකත්වයන් වෙනස් වී ඇති බවකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්