හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


හිත පුරා මල් ගීතය ලිව්වේ දුරකතනයෙන් ගැයූ තනුවකට අනුවයි

හිත පුරා මල් ගීතය ලිව්වේ දුරකතනයෙන් ගැයූ තනුවකට අනුවයි

දක්ෂ කවියකු, ගීත රචකයකු වූ සුනිල් විමලවීරයන් පසුගියදා මෙලොවින් සමුගත්තා. මියයන විට 61 වියේ පසුවූ ඔහු පුවත්පතකට ලබාදුන් අවසන් සම්මුඛ සාකච්ඡාවයි මේ.

සුනිල් විමලවීර දක්ෂ කවියෙකි, ගීත රචකයෙකි. ඔහු ගීත රචනය සඳහා ‘සරසවිය’, ‘දෙරණ ලක්ස්’ සම්මාන දිනා ඇත. ‘හිත පුරා මල්’, ‘හුදකලා විරාමයක්’ සුනිල් ලියු ගීත රචනා සංග්‍රහ දෙකකි.

• ඔබ ගීත රචනා ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොම ද?

මුලින්ම මම කවියෙක්. මගේ පියාත් මගේ අයියාත් කවිකාරයෝ. අයියා සරත් විමලවීර කවියෙක්, ගීත රචකයෙක් හා ගුවන්විදුලි නිවේදකයකු වශයෙන් ප්‍රසිද්ධව සිටියා. මට කවි ලියන්න ඉගැන්වූයේ තාත්තා. ඔහු දවසක් මෙහෙම කවියක් කිව්වා,

අනේ මුදලාලි

මේ ගස තිබෙන හෙරලි

හෙරලි ගහ පෙරළී

පෙරළි පෙරළි කෑවා හෙරලි

මේ කවියේ ව්‍යාංගාර්ථ තියෙනවා. මතුපිට වචනවලින් කියැවෙන දේ නෙමෙයි කවියේ අන්තර්ගතයේ තියෙන්නේ. ඒක තමයි ‍වක්‍රෝත්තිය. එසේම අනුප්‍රාස රසයත් මෙහි තිබෙනවා. මං ‘ජනතා’ පත්‍රයට කවි 68ක් වරින්වර ලියා යැව්වා. ඒ එකක්වත් පළ වුණේ නැහැ. දවසක් මට ලියුමක් ආවා, ‘ජනතා’ කාර්යාලයට පැමිණ හමුවන්න කියලා. මම ගියා ලේක්හවුස් එකට. ඒ තමයි ලේක්හවුස් පඩිපෙළ නැඟපු පළමු වතාව. ‘ජනතා’ කාර්යාලයේ එක මහත්තයෙක් මගෙන් නම, ගම, විස්තරේ ඇහැව්වා. අහලා හිටිවන කවියක් ලියන්න පුළුවන් ද කියල කිව්වා. මම පුළුවන් කිව්වා. ඒ මහත්තයා තමයි සෝමපාල රණතුංග. ඔහු මං ලියපු කවිය ‘ජනතා’ කර්තෘ මීමන ප්‍රේමතිලක වෙත ගෙනැහිත් පෙන්නුවා. මං ඇහුවා ඇයි සර් මට එන්න කිව්වෙ කියලා. එතකොට කිව්වා ‘අපි හිතුවේ ඔයාගේ නමින් කවි ලියන්නෙ සරත් විමලවීර කියලයි. දැන් බලන් ගියාම සරත්ට වඩා ලස්සනට ඔයාට කවි ලියන්න පුළුවන්නෙ කියලා. ඉතින් මට හරි සන්තෝසයි. මම ඊට පස්සේ දිගටම ‘ජනතාව’ට කවි ලිව්වා.

• කවියෙන් ගීත රචනයට පිවිසුණු ආකාරය?

මං මුලින්ම ලිව්වේ ජිංගල් එකක්. (වෙළෙඳ දැන්වීම් ගීත පාඨයක්) ඒ මොරවක මෙඩිටෝ පානය වෙනුවෙන්. මුකේෂ් සහ පිරිස ගයන ‘ඩම් ඩම් ඩිගා ඩිගා’ ගීතයේ තනුවට මං ජිංගල් එක ලිව්වා.

“දැන් දැන් රටේ තොටේ

කාගෙත් දිවේ තොලේ

මොරවක බීම හොඳා, බීම හොඳා,

බීම හොඳා බීපල්ලා...”

මේ ජිංගල් එකට මට රුපියල් තුන්සීයක් ලැබුණා. ඊට පස්සේ තමයි ‘හරිම බඩු තුනක්’ චිත්‍රපටයට ‘ඔබගේ ලොව මාගේමයි’ සින්දුව ලිව්වේ. ඒකත් පූර්ව නිර්මිත තනුවක්. සංගීතය රොක්සාමි. ඔහු මට කටින් ඩඩඩා ඩඩ ඩාඩා’ කියලා තනුව කියනවා. මං ඒ අනුව වචන දානවා. ‘ඔබගේ ලොව මාගේ - සතුටේ මල් පීදේ’ යනාදි වශයෙන්. ගීතය ගායනා කළේ එම්. එස්. ප්‍රනාන්දු හා රංජනි පෙරේරා. එම්. එස්. වචන ටික බැලුවා. අග පදවලට තව කෑල්ලක් එකතු කළොත් හොඳයි කියලා ඔහු යෝජනා කළා. මම පද හතරෙම අගට මයි, මයි, මයි කියලා ලිව්වා. එතකොට ගීතය කියැවෙන්නේ මෙහෙමයි.

ඔබගේ ලොව මාගේමයි

සතුටේ මල් පීදීමයි

පෙරමඟ මුතු පෑදේමයි

කිරි පැණි සේ පෑහේමයි

සුනිල් විමලවීර බිරිය දමයන්ති සමඟ

මේ ගීතය අදටත් ජනප්‍රියයි. ඊට පස්සේ මං ‘සුගන්ධි’, ‘චණ්ඩි සිරියා’ වගේ චිත්‍රපට දෙක තුනකටත් ගීත ලිව්වා.

• ඊට පස්සේ ඔබ දීර්ඝ කාලීන නිහැඬියාවකින් පසු අසංක ප්‍රියමන්ත පීරිස්ට ලියු ‘හුදෙකලා විරාමයේදි හමු වෙමුද ටිකක්’ ගීතයෙන් යළි ජනප්‍රියත්වයට පත්වෙනවා.

ගීත ලියන්න හැකියාව තිබියදීත් කවුරුත් මට සහයෝගයක් දුන්නේ නැහැ. ඉතිං මම කල්පනා කළා, මමම සල්ලි වියදම් කරලා කැසට් එකක් කරනවා කියලා. මේ ගීතය මොනතරම් ජනප්‍රිය වුණා ද කිවහොත් එය එක්තරා කැසට් නිෂ්පාදකවරයෙක් ලක්ෂ 15ක් දෙන්නම් සින්දුව දෙන්න කිව්වා. මං දුන්නා. තවත් නිෂ්පාදකවරයෙක් ඒ විදියටම ගීතයක් හදලා (හුදෙකලා විරාමයයි - හරි නිසංසලයි) වෙළෙඳපොළට නිකුත් කළා.

• යළිත් චිත්‍රපට ගීත රචනයට ප්‍රවිෂ්ට වෙන්න මඟ පෑදෙන්නේ මේ ‘හුදෙකලා විරාමයක්’ ගීතය නේද?

ඔව්. දවසක් මගේ බිරියට (දමයන්ති විමලවීර) උදයකාන්ත වර්ණසූරිය මුණගැහිලා තියෙනවා. අපේ මහත්තයත් සින්දු ලියනවනේ, ඔයාගේ චිත්‍රපටයක එයාට අවස්ථාවක් දෙන්න බැරිද කියලා ඇය අහලා තියෙනවා. මොනවද ඔයාගේ මහත්තයා ලියපු සින්දු කියල උදය අහලා තියෙනවා. ඇයි ‘හුදෙකලා විරාමයේදි හමුවෙමු ද ටිකක්’ සින්දුව. එහෙම කියද්දි උදය කියලා තිබෙනවා, “අපොයි මං ඒ සින්දු අහලා තියෙනවානේ” කියලා. ඔය විදියට තමයි ‘ලේකිරි කඳුළු’ චිත්‍රපටයට මම ‘හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්’ සින්දුව ලිව්වේ. ඒකට හොඳම ගීත රචනයට හිමි ‘සරසවිය’ සම්මානය ලැබුණා. ඔබ දන්නවද ඔය ගීතයත් පූර්ව නිර්මිත තනුවකට මා ලියූවක්. සංගීත් වික්‍රමසිංහ මට දුරකතනයෙන් තනුව මිමුණුවා. මං ඒ අනුව වචන දැම්මා.

• ඔබ මේ වන විට චිත්‍රපට ගීත කොපමණ සංඛ්‍යාවක් ලියා තිබෙනවා ද?

චිත්‍රපට 37කට ලියලා තිබෙනවා. ‘හිරිපොද වැස්ස’, ‘සිංහාවලෝකනය’, ‘ආසයි මං පියාඹන්න’, ‘චැලේන්ජර්ස්’, ‘සෙනසුරු මාරුව’ ‘කල්පාන්තයේ සිහිනයක්’, ‘ලව් ඉන් ලන්ඩන්’, ‘කිව්වද නහී නොකිව්වද නහී’, ‘අයදිමි සමා’, ‘මගෝඩිගොඩයි’ මට මේ අවස්ථාවේ මතක් වන චිත්‍රපට කීපයක්. මට දෙරණ ලක්ස් සම්මානය ලැබුණේ ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයට ලියූ, රූකාන්ත ගුණතිලක ගයන ‘මුතුලැල් විමනේ’ ගීතයට.

• ඔබේ බිරියත් දියණියත් කලාවට සම්බන්ධයි?

ඔව්. බිරිය දමයන්ති විමලවීර සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක්. දුව අභිෂේකා විමලවීර දක්ෂ ගායිකාවක්. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරිනියක්. මේ දෙදෙනාගෙන්ම මගේ කලා කටයුතුවලට ලැබෙන්නේ සුවිශාල සහයෝගයක්. අපි දියුණු වුණේ කලාවෙන්මයි. ඒ නිසා අපි කලාවට ණයගැතියි. තට්ටු හතරක ගෙයක් හදලා කිරිගරුඬ දාලා ලස්සන කරල තියෙන්නෙ සෝබනේට නෙමේ. කලාවේ අභිමානයට. ශාරුක් ඛාන්ගේ ගෙදරට කිරිගරුඬ අල්ලපු ශිල්පියාම තමයි අපේ ගෙදරටත් කිරිගරුඬ ඇල්ලුවේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්