හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ආ ලි න් ද ය

ආ ලි න් ද ය

රත්නදීප ජන්ම භූමියේ රොක්සාමිගේ වයලින හඬ

ප්‍රවීණ සංගීතඥ එම්. කේ. රොක්සාමිගේ ආදරණීය බිරිය ඉන්ද්‍රා රොක්සාමි මහත්මිය එක්තරා දවසක මා සමඟ දුරකථනයෙන් කතා කළේ තරමක කලකිරුණු ස්වරයකින්. බොහෝ දෙනෙක් තම සැමියාගේ ගී නිර්මාණ කොල්ලකන බව ඇය චෝදනා මුඛයෙන් කියා සිටියා. ඇයට වුවමනා වුණේ පුවත්පත් මඟින් හෝ මෙයට එරෙහිව කිසියම් හඬක් නංවන්නයි.

රොක්සාමි අනුස්මරණ දිනය පසුගිය නොවැම්බර් 30 වැනි දිනට යෙදී තිබුණා. එය කාටවත් නොදැනුවත්වම ගෙවී ගියා. ඒ මතකය තිබුණේ පවුලේ අයට විතරයි.

මුල් යුගයේ සුනිල් සාන්ත, සී. ටී. ප්‍රනාන්දුගේ ගී සඳහා වාදනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ රොක්සාමි වයලින් වාදනයට පමණක් නොවේ; ගිටාරය, බෙලෝ, වියෝලා, පියානෝ, සැක්සෆෝන් වාදනයටත් දක්ෂයෙක්.

රොක්සාමිගේ අනන්‍යතාව තියෙන්නේ චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයේ ‘බණ්ඩා නගරයට පැමිණීම’ ඔහු වාදනයෙන් එක්වූ මුල්ම චිත්‍රපටය.

‘සංසාරේ’ රොක්සාමි සංගීතය සැපයු මුල්ම චිත්‍රපටය එහි සංගීතඥ බී. එස්. පෙරේරාගේ අභාවයෙන් පසු ඉතිරි ගී කීපය නිර්මාණය කරන්ට රොක්සාමිට පැවරුණා. ඊට පස්සේ ඔහු ‘සුජාගේ රහස’ චිත්‍රපටයට සංගීතය සැපයුවා. එහි ටී. ආර්. පාපාගේ ගී තනුත් තිබෙනවා. රොක්සාමිගේ ගී තනුත් තිබෙනවා. රොක්ගේ ගීත ඇසු පාපා මෙබඳු දක්ෂයන් ලංකාවේ සිටියදි සංගීතය සඳහා තමා යොදා ගැනීම විහිළුවක් බව කියා තිබෙනවා.

‘ධීවරයෝ’ (සතුට සෝකේ ජය පරාජේ, නිලට නිලේ) ‘චණ්ඩාලි’ (ස‍ඳෙහි සඳුන් වනේ) ‘සොඳුරු යුවළ’ (සොඳුරු ජීවන නීලාකාසේ) ‘සැකය’ (සඳ රැජිනියනේ, වීණාවේ සත්සර රාවේ) ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’ (ජීවන විල මැද, වලාකුළක් මෙන් ඈතට) ‘ආත්ම පූජා’ (රනගිරෙන්, හිම අරණේ) ‘දෙවියනි ඔබ කොහිද’ (ආදර පූජාසනේ) රොක්සාමි මියුරු ගී රැගත් චිත්‍රපට අතරින් කීපයක්.

කලින්ද දැක්වූ පරිදි රොක්සාමිගේ අද්විතීය ප්‍රතිභාව රැඳී තිබුණේ වයලින වාදනයේ. වරක් පණ්ඩිත් අමරදේවයන්ගේ සරල ගී වැඩසටහනක් ගුවන්විදුලියේ පටිගත කරන්ට නියමිතව තිබුණා. එහෙත් එදා වාදක මණ්ඩලයේ කීප දෙනෙක් පැමිණ සිටියේ නැහැ. එහෙයින් ගීත පටිගත කළ නොහැකි බව අමරදේවයන් කියා සිටියා. ඒත් නිෂ්පාදකවරයාගේ බලවත් ඇවටිල්ල වූයේ එම ෂෙඩුල් එකට අනුව ගීත කීපය කෙසේ හෝ පටිගත කළ යුතු බවයි.

“හොඳයි එක වාදකයෙක් මෙතැන ඉන්නව නම් පටිගත කිරීමට මා කැමැතියි”

අමරදේවයන් කියා සිටියා.

“කවුද ඒ?”

“රොක්සාමි ඉන්නවානම් මං සූදානම්”

ගීත කීපය පටිගත වුණා. ඒ අතරින් එකක් වුණේ ‘රත්නදීප ජන්ම භූමි’ ගීතය.

රොක්සාමිගේ දක්ෂතා අමරදේවයන් සාක්ෂාත් කරගෙන හිටියේ එහෙමයි. රොක්සාමිගේ වයලිනයෙන් වයලින් දහයක හඬ ඇසෙන බව වරක් සරත් දසනායක කියා තිබෙනවා. මිල්ටන් මල්ලවආරච්චිගේ ‘සිතුම් පැතුම් පොදි ආදරේ’, ‘මධුමල ලෙස’) ටී. ඇම්. ජයරත්නගේ ‘සිතින් මා නොසැලී’ යන ගී දෙක තුන ඔබ අහල ඇතුවාට සැකයක් නැහැ. එහි දුක්බර ස්වරූපයකින් ඔබට ඇසෙන වයලින හඬ රොක්සාමිගේ.

රොක්සාමි දිනකට පැය අටක් පමණ (උදේට හතරයි; හවසට හතරයි) වයලින් වාදන අභ්‍යාසයේ යෙදුණු බව ඔහුගේ බිරිය මා සමඟ කියා සිටියා. මොන දක්ෂයකුට වුණත් මේ අභ්‍යාසය වැදගත්. ඒ අභ්‍යාසය එක් කලෙක අමරදේවයනුත් කළා.

අමරදේවයන්ගේ ‘ශ්‍රවණ රමණි’, වික්ටර් රත්නායකගේ ‘ස’ නන්දා මාලිනිගේ ‘ශ්‍රවණ ආරාධනා’, සනත් නන්දසිරිගේ ‘ස්වර්ණ කුණ්ඩල’ ඒක පුද්ගල සංගීත ප්‍රසංගවලට නැතුවම බැරි වයලින වාදකයා වුණේ රොක්සාමි.

83 ජුලි කලබල අවස්ථාවේ අන්තවාදි ජාතිවාදීන් රොක්සාමිගේ නිවෙසට ගිනි තිබ්බා. ඔවුන් නිවෙසින් පලා ගොස් තැන් තැන්වල හැංගුණා. පසුව හමුදා කඳවුරක ආරක්ෂාව පතා රැඳී සිටියා. කැඩුණු බිඳුණු වයලීනය වත්ත පහළක තිබිල පසුව සොයාගත්තා. ඊට පස්සේ කේමදාස, සරත් දසනායක, වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක යන අය මැදිහත් වෙලා රොක්ට අලුත් වයලිනයක් මිලට ගෙන දුන්නා.

රොක්සාමිගේ නිවෙස ගිනි අවුළුවන්ට ආ ඇතමුන් අතර ඔහු නිර්මාණය කළ ගීත නොඇසු කිසිවෙක් නොසිටින්න බැහැ. අන්තගාමි සිංහල ජාතිවාදීන්ගේ ම්ලේච්ඡකම මුළු ලෝකයම දැනගත්තා. රොක්සාමිගේ ගේ ගිනි තිබ්බට රොක්සාමි නමැති සංගීතඥයාගේ ප්‍රතිභාව, පෞරුෂය හා නාමය අකාමකා දමන්ට කාටවත් පුළුවන් වුණේ නැහැ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්