හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මම රටටම බ්ලූ පෙන්නනවා

මම රටටම බ්ලූ පෙන්නනවා

සම්මානනීය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්

දැන්වීම් ටිකක් පෙන්න ගන්න ටෙලි පෙන්වනවා වෙනුවට ටෙලි නාට්‍යයක් පෙන්වලා දැන්වීම් ටිකක් ගන්නයි මට අවශ්‍ය තරුණ්‍යයේ පෙරළිකාර අධ්‍යක්ෂවරයෙක් ‘බ්ලූ‘ පෙන්වන්නට සුදානම් වෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ‘බ්ලූ‘ කිව්වහම එය සැබෑවටම ආන්දෝලනාත්මක පදයක් නේද කියලා අපිට හිතුණේ ‘බ්ලූ‘ විවිධ අරුත් සමාජයට හඟවන නිසා. ටෙලි නාට්‍ය කලාවෙන් මේ විදිහට‘ බ්ලූ ‘පෙන්වන්න යන්නේ පුංචි තිරයේ ප්‍රවීණ, සම්මානනීය, පෙරළිකාර අධ්‍යක්ෂවරයෙක් වන චාමර ජනරාජ් පීරිස්.

සාමාන්‍යයෙන් චාමර ඔහු නිර්මාණය කළ ප්‍රථම ටෙලි නාට්‍යය ‘අයාල්‘ හි සිට ‘පියවි‘, ‘යාය හතර‘, වී.වී.අයි.පී‘ ටෙලි නාට්‍ය ඔස්සේ ටෙලිනාට්‍ය කලාව නව මානයකට යොමු කළා. මේ හැම නිර්මාණයකින්ම පවත්නා ටෙලි නාට්‍ය කලාව, අකෘතිය, වෙනස් කර අපූර්ව අයුරකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නට ඔහු සමත් වුණා. නෙතු දකින ටෙලි රූ විශේෂාංගයෙන් මෙවර කතාබහට ලක් වන්නේ චාමර රටටම පෙන්වන්නට සූදානම් වන මේ ‘බ්ලූ‘ කුමක් ද කියලයි.

ඔබ රටටම ‘බ්ලූ‘ පෙන්වන්න යන බව ඇත්තද?

ඇත්ත තමයි. ‘බ්ලූ‘ කියන්නේ මගේ අලුත්ම ටෙලි නාට්‍යය.

ප්‍රේක්ෂකයා අන්දමන්ද කරන ටෙලියක්ද?

අපෝ නැහැ. ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්නා ටෙලියක්.

කැමැතියි දැනගන්න‘බ්ලූ‘ කතාව?

ඔබ දැනටමත් එක්ස් ෆයිල්ස් කතා මාලාව නරඹා ඇති. සරලවම කිව්වොත් මේ වගේ කතාවක් තමයි බ්ලූ. එය උදාහරණයක් මිසක් එයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ එක්ස් ෆයිල්ස් කොපි කරලා මේ නිර්මාණය කරනවා කියලා. බ්ලූ කියන්නේ එක්ස් ෆයිල්ස් නෙමෙයි.

මෙහි කතා තේමාව මොන වගේද?

ලංකාවේ සිදුවන විවිධ සිදුවීම් අතර නිසි ලෙස පැහැදිළි කර ගත නොහැකි සිදුවීම් මාලාවක් ගැන පරීක්ෂණ පවත්වන තරුණ මාධ්‍යවේදීන් දෙදෙනෙක් වටා ගෙතෙන අපූරු කතා මාලාවක්.

මෙය සති අන්තයේ තමයි විකාශය වෙන්නේ. සාම්ප්‍රදායික ටෙලි නාට්‍ය විකාශනය වෙනස් කරමින් සති අන්තයේ පැය දෙකක් පුරා විකාශය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොටින්ම කිව්වොත් දැන්වීම් ටිකක් පෙන්න

ගන්න ඕන හින්ද ටෙලි පෙන්වනවා වෙනුවට ටෙලි නාට්‍යයක් පෙන්වලා දැන්වීම් ගන්නයි හිතාගෙන ඉන්නේ.

මෙයටත් පිටසක්වල බලපෑමක් නැද්ද?

මගේ විනෝදාංශය තමයි පිටසක්වල ජීවීන් ගැන හොයන එක. ලංකාව තරම් පිටසක්වලට සම්බන්ධ වෙනරටක් ලෝකෙවත් නැතිව ඇති. පුරාණ කතා, ගැමිවහර, බුදු දහමේ, සංස්කෘතියේ පවා ඒ ගැන සඳහන් වෙනවා. ඒ හා සම්බන්ධයක් තිබෙනවා. නමුත් ලියවෙලා තියෙන්නේ වෙන විදිහකට.

බුදුන් පහළ වීමට පෙර මනු, බලි, තාරක,රාවණා වගේ සක්විති රජවරු පිටසක්වල සමඟ සබඳකම් තිබූ බවට ප්‍රබන්ධ තිබෙනවා. මේ ඔස්සේ ඒකාකාරී රාමුවෙන් බැහැර වෙලා ටෙලි නොබලන තරුණ පිරිස ටෙලි විෂන් ඉදිරියේ වාඩිකරවීමටයි ‘බ්ලූ‘ හැදුවේ. දෙවැනි තිරයටත් (second screen - අතැති දුරකතනයෙන් ටෙලි නැරඹීම ) අපි ගිහින් තිබෙන නිසා එය ඇත්තටම ගැටලුවක් වෙන්නේ නැහැ.

මේ දවස්වල වෙනදා දුටු චාමර නෙවෙයි දකින්න ලැබෙන්නේ. සැහැල්ලු ඩෙනිමට, ටී ෂර්ටයට, දෙපා පැලදි පාවහන් යුවලට සමුදුන් අත් දිග කමිසය එයටම ඔබින කලිසම ගෙලවටා දිළෙන ටයි පටිය ඔබව සම්පූර්ණයෙන්ම වෙනස්කර ඇති හැඩයි?

මේ දවස්වල කාලය ගත වෙන්නේ අමුතු විදිහකට. පුරුදු විදිහ වෙනස් වෙලා. ජීවිතේ යළිත් කාර්යාලයීය පරිසරයක්, කාලයක් බවට පත්වෙලා. මේ ස්වභාවය ඇතුළෙත් මගේ පරණ ජීවිතයෙන් කොටසක් මෙයට බද්ධ කර ගන්න තමයි මම උත්සාහ දරන්නේ.

එයින් ඔබ අදහස් කරන්නේ?

පරිපාලනය, කළමණාකරණය වගේ දේවල්වලට වඩා මම බොහෝ දුරට දක්ෂ,සමීප නිර්මණකරණයත් එක්ක. කාර්යාලයෙන් මට අවස්ථාවක් ලැබිල තිබෙනවා අලුත් ටෙලි නාට්‍ය , නිර්මාණය කරන්න.

ඔබේ වර්තමාන වෘත්තිය ගැනත් දැනගන්න කැමැතියි?

මම දකුණු ආසියාවේ ලොකුම මැදිරි සංකීර්ණය වන ස්ටයින් ස්ටූඩියෝවේ වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. කැපිටල් මහරාජා ආයතනයේ නිෂ්පාදනය වෙන සියලුම ටීවී වැඩසටහන් නිෂ්පාදනය මෙහි දී සිදු වෙනවා. තාක්ෂණය අතින් ගත්තත් ශිල්පීය දක්ෂතා අතින් ගත්තත් පහසුකම් ගත්තත් මේ වගේ එකක් ලංකාවේ නැහැ. මට එවන් තැනක වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස වැඩකරන්න ලැබීම සතුටක්.

මේ දිනවලත් ඔබේ නිර්මාණ කිහිපයක්ම ටීවී නාළිකාවල විකාශය වෙනවා?

මේ දවස්වල වී.වී.අයි.පී ටෙලි නාට්‍යය විකාශය වෙනවා. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා තරුණ ගැහැනු ළමයි දෙදෙනෙක් වටා ගෙතෙන ආදර කතාවක්. මෙහි ඇත්තේ මන්ත්‍රීවරුන් ගැන අපි දකින වාට වඩා වෙනස්ම පැත්තක්.

ඔබේ ටෙලි නාට්‍යයක් තහනම් වුණා නේද?

මට වුවමනා වුණේ ලංකාවේ වෘත්තීන් අදාළ කරගෙන ටෙලි නාට්‍යයක් කරන්න. එතැනදී මම ගුවන් ක්ෂේත්‍රය තමයි තෝරා ගත්තේ. එයට හේතුවක් තිබුණා. ගුවන් ක්ෂේත්‍රයට වෘත්තිකයෝ විශාල ප්‍රමාණයක් දායක වෙනවා. පයිලට්, ඉංජිනියර්, ටිකටර්ස්ලා, එයාර් හොස්ටර්ස් වගේ වෘත්තීන් විසි එකක් පමණ මෙයට අදාළයි. මේ අය සමඟ ප්‍රථමවරට ටෙලි නාට්‍යයක් කළා. එහෙත් එවකට සිටි පරිපාලනය මගේ ඒ උත්සාහය වැරැදි ලෙසට තේරුම් ගෙන රූගත කිරීමට දින දෙකක් තිබිය දී එය වාරණයට ලක් කළා.

මේ ගැන කවුරුත් කතා කළේ නැද්ද?

කියන්න ලැජ්ජයි. මම හිතන්නේ මෙය තමයි ලංකාවේ වාරණය වූ දෙවැනි ටෙලි නාට්‍යය. කිසිම ටෙලි නිර්මාණ සංගමයකින් අදවන තුරු මේ ටෙලි නාට්‍යය වෙනුවෙන් කතා කරල නැහැ. නමුත් ඉන්දියාවෙන් ගේන ටෙලි නාට්‍ය වාරණය වන විට කතා කරනවා.

යළිත් ඒ නිර්මාණය කරන්න අදහසක් නැත්ද?

මම පැරදිච්ච ඒවා ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. ඒ පස්සෙ ආයෙ දුවන්නෙ නැහැ. පාඩුව ලක්ෂ හතළිහක් පමණ වුණා. මගේ ‘බ්ලූ‘ ටෙලිය බලලා ඒ ගැන කතා කරන්න මම කැමැතියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්